News Line| Off Air
Generic placeholder image

Oct
9

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභයට

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඉදිරි ජනපතිවරණයේදී පොදු ජන පෙරමුණෙන් තරග වදින ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. මෙම අවබෝධතා ගිවිසුම සදහා නිදහස් පක්ෂයේ සියලු දෙනාගේ කැමත්ත හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.


Oct
9

නීති විරෝධී පෝස්ටර් හා බැනර් ඉවත් කරන්න කම්කරුවන් 1045 ක් බදවා ගැනීමට පියවර

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය අදාළ නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කෙරෙන පෝස්ටර්, කටවුට් හා බැනර් ඉවත් කිරීම සදහා කම්කරුවන් 1045 දෙනෙක් බඳවා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරනවා. පොලිස් ස්ථාන මට්ටමින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර තිබෙන අතර ඒ සදහා රුපියල් මිලියන 45.8 මුදලක් වෙන්කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර දුරටත් […]


Oct
9

ශ්‍රීලනිපයට වැඩ බලන සභාපතිවරයෙක් කෙරේ

Generic placeholder image

ජනාධිපතිවරණය නිමවෙන් තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත්කර තිබෙනවා. ඒ ඊයේ පැවති ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමේදීයි. ඒ මහතා මීට පෙරද නිදහස් පක්ෂයේ මහා ලේකම් වරයා ලෙස කටයුතු කර තිබෙනවා.


Oct
9

ජනපති අපේක්ෂකයින්ට ඡන්ද දායකයින් තැපෑලෙන් ඇමතීමට අවස්ථාවක්

Generic placeholder image

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ලියාපදිංචි ඡන්ද දායකයින් තැපෑලෙන් ඇමතීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ඕනෑම අපේක්ෂකයෙකුටම තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් එක ලිපියක් මඟින් සෑම ඡන්ද දායකයෙකුටම නොමිලේ යැවිය හැකි බවයි. මෙම විශේෂ තැපෑල හරහා ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛණ යැවීමේ කටයුතු සිදු වනවා. මේ අතර අදට 145 වන ලෝක තැපැල් දිනය අදට […]


Oct
9

සිංහයින් අදත් පකිස්ථානයට එරෙහිව තරග බිමට

Generic placeholder image

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අවසන් 20 යි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ ලාහොර්හීදී. තරග 03 කින් සමන්විත පලමු 20 යි 20 තරගාවලිය 2 ට බින්දුවක් ලෙස ජය ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි. දෙරට අතර පසුගිය 05 වනදා පැවති තරගයෙන් ලකුණු 64 ක ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් […]


Oct
9

කොටුව පොලීසියේ නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Generic placeholder image

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අසත්‍ය හා තහවුරු නොකළ කරුණු ඇතුලත් ලිපියක් යොමු කිරීම සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ කොළඹ කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේයි. පසුගිය 2 වනදා කොටුව පොලිස් ස්ථානාධිපති ලෙසට අත්සන් […]


Oct
9

ගෝඨාභයගේ ඡන්ද සටන අනුරාධපුරයෙන් ඇරඹේ

Generic placeholder image

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය අද අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පස්වරු 2ට ආරම්භ වන ජන රැළිය සදහා ලක්ෂයක ජනකායක් අපේක්ෂාකරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. ජන රැළියට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ‍්‍රී මහා බෝසමිදුන් වැදපුදා ගැනීමට නියමිතයි. මේ අතර එක්සත් ජාතික […]


Oct
9

නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද

Generic placeholder image

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දසාසිරි ජයසේකර මහතා සදහන් කළේ මාධ්‍ය හමුවක් කැදවා එය ප‍්‍රකාශයට පත් කරන බවයි. පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේකෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට තීරණය කර ඇති බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ. ශ‍්‍රී ලංකා නිදහස් […]


Oct
8

මධුමාදව අරවින්ද මහතා ඉල්ලා අස්වෙයි

Generic placeholder image

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.


Oct
8

කෝටි 2141 ක පරිපූරකයක් අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

රුපියල් 2,141 එක් කෝටි පනස්තුන් ලක්ෂ 88,000 ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ 02 ක් ආනයනය කිරීම වෙනුවෙන් වන සුඛෝපභෝගී බද්ද ගෙවීමට අතිරේක ප‍්‍රතිපාදන ලෙස රුපියල් කෝටි 10 කට අධික මුදලක් ඉල්ලා සිටීම ද කැපී පෙනෙන සිද්ධියක් වනවා. ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් […]


Oct
8

අපායේ ඇල්ලට තවත් අලි පස්දෙනෙකුගේ ජීවිත බිලි වෙයි

Generic placeholder image

මධ්‍යම තායිලන්තයේ කාවෝ – යායි ජාතික වනෝද්‍යානයේ පිහිටි හෙව් නරොක් දියඇල්ලෙන් ඇද වැටී මියගිය වන අලි පස්දෙනෙකුගේ සිරුරු නිරීක්ෂණය කර තිබෙනවා. මීට පෙර මෙම ඇල්ලට වැටුණු වන අලි හයදෙනෙකු පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත්වූ අතර, ඇල්ලේ ප්‍රපාතය අසලට පැමිණි වන අලි දෙදෙනෙකු බේරා ගැනීමට සම්ත් වී තිබෙනවා. ඇල්ලට ඇද වැටුණු අලි පැටවෙකු මුදාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදියි […]


Oct
8

ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට හිමිකම් කියන්නට චීනය සමත් වෙයි

Generic placeholder image

රැඳවුම් භාරයේ පසුවන ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට හිමිකම් කියන්නට සිචුවාන් ප්‍රාන්තයේ යෝධ පැන්ඩා සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය සමත් වී තිබෙනවා. එම පැන්ඩා රැඳවුම් මධ්‍යස්ථානය එරටට පැමිණෙන සංචාරකයින් අතර අතිශය ජනප්‍රියයි. වර්තමානය වනවිට එහි වාසය කරන පැන්ඩා සත්ත්වයින් ගණන 312ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රැඳවුම් භාරයේ පසුවන ලොව විශාලතම යෝධ පැන්ඩා ගහණයට රැකවරණය සැපයෙන්නේද […]


News Articles
Latest Videos
Most Popular Post