පාදුක්ක සහ මීගොඩ අතර ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සමුළුව අමතමින් කල ප්‍රකාශය මේ වන විට බොහෝ දේශපාලන පක්ෂ අතර කතාබහට ලක් වී තිබෙනවා. ජනපතිතුමා එම සමුළුවේදී පසුගිය කාලයේදී සිදු වූ විශේෂයෙන්ම මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට සුදානම් කර ඇති බව පැවසීම ආණ්ඩු පක්ෂය තුල දැඩි කතා බහට ලක් වෙමින් […]
කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් වයස 19 න් පහළ යොවුන් ක්‍රිකට් ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ කාණ්ඩයෙන් තරග වදින්නේ ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ කුවේට් යන කණ්ඩායම්. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ නේපාලය බී කාන්ඩය යටතේ තරග වදිනවා. වයස 19 න් පහළ යොවුන් ක්‍රිකට් ශූරතාවලිය ආරම්භ කරමින් අද තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. පළමු තරගය කොළඹ […]
ඇමරිකානු ෆෙඩරල් වෙළඳ කොමිසමක් විසින් යූ ටියුබ් ආයතනයට ඩොලර් මිලියන 170ක දඩයක් නියම කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ළමුන්ගේ පෞද්ගලිකත්වයට අදාළ නීති උල්ලංගනය කිරීම හේතුවෙන්.
තමන් ඇතුලූ මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා. සියත ප්රවෘත්ති කළ විමසීකදී ඔහු කියා සිටියේ එය පක්ෂ අභ්‍යන්තරයේ විසදා ගත යුතු කාරණයක් බවයි. එස් බී දිසානායක / ඩිලාන් පෙරේරා / ඒ එච් එම් ෆවුසි / විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් […]
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කරමින් පැවැත්වෙන තුන්වන ජන රැුළිය අද කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වෙනවා. පස්වරු 02 00 ට එය ආරම්භ වන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සදහන් කළේ. මෙම රැුළිය පැවැත්වීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී […]
රටට ආදරය කරන දේශපාලනඥයන්, විද්වතුන් මෙන්ම ආගමික නායකයන් ප්රමුඛ සමස්ථ ජනතාව රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගනිමින් රටත්, ජනතාවත් බේරාගැනීමට කඩිනමින් ඒකරාශී විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්ය. පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද රාජ්‍ය පාලනයේ විකාශනය ඇතුලූ ග්රන්ථ තුකන් […]
ගිනිගත් හිත – ආදර රේඛා නාට්‍යමය අත්දැකීම ඔබට පහතින් සවන්දිය හැක…
මුන්දලම පෙරියපාඩු වෙරළට කිසියම් මුහුදු සිමාවන් සලකුණු කරන බෝයාවකට සමාන උපකරණයක් අද (4) ගොඩගසා ඇති බව ධිවරයෝ ප්‍රකාශ කළා. පෙරියපාඩු වෙරළට ගොඩ ගසා ඇති මෙම උපකරණය අඩි දහයකට ආසන්න උසකින් යුතු අතර එහි පහළ කොටස පයිබර් හෝ වෙනත් දෙයකින් සකසා ඇති අතර ඉහළ කොටස යකඩ වලින් සකසා ඇති බවත් මෙය කිලෝ 5000 කටත් වඩා (ටොන් […]
අමාත්‍ය ධුරයක් නොමැතිව ලේකම්වරයෙකු ලෙස විශාල වැඩ කොටසක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයෙකු ලෙස වැඩ කිරීමේදි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලුවක් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද(04) කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්මේලනය අමතමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ […]
කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි තොගයක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ පොලීසිය ඊයේ සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 30 සහ 31 යන වයස්වල පසුවන කල්මුණේ සහ මයිලෙකාඩු ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර වැටලීමේදී අලෙවියට සූදානම් කර තිබූ නීතිවිරෝධී දුම්වැටි 200 ක් පමණ සොයාගැනුනා.
බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත බාහිර උපාධිධාරීහු පිරිසක් අද (04දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා. 2012 වසරේ සිට බාහිර උපාධිය ලබාගත් පිරිසට රැකියා ලබාදීමට රජය කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මේ නිසා අභ්‍යන්තර උපාධිධාරීන් බාහිර උපාධිධාරීන් කියා කොටස් දෙකකට වෙන් නොකර කඩිනමින් රැකියා ලබාදිය යුතු බවත් බාහිර උපාධි සුරකීමේ […]