පින්නදූව පාලම හැඩ කළ අයුරුයි පහත ඡායාරූප වල දැක්වෙන්නේ.මෙයින් කියන්නේ රට වෙනුවෙන් රටේ තරුණයන්ට තියන උවමනාව දේශපාලකයාට හෝ පාලකයාට නැති බවයි. අපි හැදුනොත් රට හැදනව කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ.
තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ප්‍රකාශ කළා. තවද ඉදිරියේදී ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද අද (02දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළා. “කිසිම කළ කිරීමක් නෑ. මම සතුටින් සමුගන්නේ. මගේ ආබාධය නිසා තමයි මට මෙච්චර […]
86 වන වියෙහි පසු වූ, වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
ජල ගැටලුවක් හේතුවෙන් මේ වන විට වැල්ලවාය, ආනපල්ලම ප්‍රදේශයේ ජනතාව මේ වන විට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ජලය නොමැතිව එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත් වී ඇති ජනතාව අද (02) උදෑසන ආරම්භ කර ඇති මෙම උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග ද අවහිර වී ඇති බව වාර්තා වුණා. වගකිව යුතු බලධාරීන්ගේ […]
දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්ව බරපතළ තුවාල ලැබූ, මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරි සැරූ වන අලියෙකු, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපල තුළ ඇඳවැටී සිටින අයුරු දැකගත හැකි විය. වන අලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක් පමණ වේ . වන අලියාගේ උදරය ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කිහිපයක් වැදී ඇති අතර […]
පුත්තලම පොලීසියේ නිලධාරීන් අරුවක්කාලු කසළ අංගනය දක්වා කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ වලට ගල් ප්‍රහාරයන් එල්ල කිරීමට සුදානම් වූ පිරිසක්ව පලවා හැර ඇත. මෙම පිරිස ඊයේ (01) රාත්‍රීයේ පුත්තලම – එළුවන්කුලම මාර්ගයේ කලපු තීරයේ රැස්වී සිට ඇත. ඔවුන් රැස්ව සිටි බවට පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වී පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් […]
යතුරුපැදියකින් ගමන් ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් කුරුණෑගල පොලිස් වසමේ ගෝවා කොටුව හංදිය අසල දී,කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු 31 වන දා මොවුන් රාත්‍රී 11.40ට පමණ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. එහිදී යතුරුපැදිකරු හැඳ සිටි ජැකට්ටුවට ආවරණය කර ගෙන රැගෙන යමින් තිබූ ටී.56 ගිනි අවියක්, සජීව පතරොම් 10ක් සහිත මැගසීනයක් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්ව […]
අලුත්කඩේ අධිකරණ බලසීමාව තුළ නීති විරෝධී ආකාරයට සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අද සිට ලබන 10 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ කාලසීමාව තුළ සාමය කඩ වන අයුරින් උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්වීම තහනම් වෙන බව වැඩි දුරටත් එම නියෝගයෙන් ප්‍රකාශ කෙරෙනවා.
රටවල් 40ක බෝරාවරුන් 21,000 කගේ සහභාගීත්වයෙන් බොරවරුන්ගේ සමුළුවක් අද කොළඹදී බෝරා මස්ජිඩ් ප්‍රධාන පල්ලිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සමුළුව හේතුවෙන් මෙරට කොළඹ හා සංචාරක හෝටල්වලට ඉහල අදායමක් ලැබෙන බව සචාරක කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මෙම සමුළුව බෝරාවරුන්ගේ නායකයා වන ආචාර්ය සෙයිඞ් මුෆාචාල් සයිෆුදීන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර එමෙන්ම මෙම සමුළුව සඳහා විශේෂ […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ පළමු තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ලසිත් මාලිංග වන අතර මාධ්‍යය වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග ප්‍රකාශ කලේ නවසිලන්ත පිතිකරුවන්ට අභියෝගයක් වන ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ […]
තෙවන පාසල් වාරය සදහා අධ්‍යයන කටයුතු හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා ඒ අනුව රජයේ සහ අනුමත පුද්ගලික පාසල් හෙට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා. උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගනු ලබන පාසල් 12ක් පමණක් ලබන 16 වැනිදා අධ්‍යයන කටයුතු ආරම්භ කරන අතර ඒ පාසල් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, […]
යල කන්නය සඳහා වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කරන බව වී අලවි මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට සිට අම්පාර සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්ක වල ගබඩා වී මිලදී ගැනීිම සඳහා විවෘත කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ. අනෙකුත් දිස්ත‍්‍රික්ක වල වී ගඩඩා අස්වනු ලැබීමත් සමග විවෘත කිරිමට නියමිතයි […]