අද උදෑසන අම්පාර, උහන ගුවන් හමුදා කඳවුර අසල දී පැරෂුට් පුහුණුවීම් කටයුත්තක් අතරතුර සිදුවූ අනතුරකින් යුද හමුදා විශේෂ බලකා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහු ඇද වැටී අනතුරට ලක්ව ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සදහන් කරනවා.
ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා පවතින නීතිමය තත්වය පිළිබද අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකශ කලේ අපේක්ෂකයාගේ නම, ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව තිබීම අනිවාර්ය නොවන බවයි. ජනාධිපතිවරණය මැතිවරණ කොමිෂන් සභාවට අපේක්ෂකයෙකු ලෙස තරග කළ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම ද ඒ වනවිට ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත්ව නොතිබුණු බවයි මෙහිදී සදහන් […]
නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය දා අවසන් වූ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එම තරගයේ විනිසුරුවන් තරග තීරකවරයාට පැමිණිලි කර තිබෙන බෙන බව වාර්තා වෙනවා. එමෙන්ම අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර් ජාතික ක්‍රිකට් සභාව මේ […]
ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සිය කණගාටුව පළ කර තිබෙනවා. ඒ අනුව එම මහත්මිය ප්‍රකාශ කරන්නේ අදාළ පත් කිරීම අතිශයින්ම ගැටළු සහගත බවයි. යුද සමයේ දී ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානූෂීය නිති උල්ලංඝණය කළ බවට […]
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්විය හැකි බව පවසමින් නිර්ණාමික ඊමේල් පණිවිඩයක් ඉන්දීය සහ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල වෙත ලැබී තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විශේෂයෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මේ දිනවල ඉන්දීය කණ්ඩායම තරගාවලියකට සහභාගී වන අතර ඒ අතර තුර දී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවිය හැකි බව අදාළ ඊමේල් පණිවිඩයේ සදහන්ව ඇති […]
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. අද දිනයේ මෙම කාරක සභාව හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් පෙනී සිටීමට නියමිතව තිබෙනවා.ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් […]
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාව අද පැවැත්වෙනවා. ඉදිරි දේශපාලන කටයුතු පිලිබද එහිදී දිර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කලේ. සන්ධාන ගත වීමට පෙර ජනාධිපතිධුර අපෙක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් පසුගිය 17 වනදා එකගතාවකට පැමිණි අතර ඒ […]
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් ඇතුලත පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙනවා. පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් එම ලිපිය ඊයේ පෙරවරුවේ දී අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් බවයි කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ […]
බැටිකලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගෙන අභ්‍යවකාශ තොරතුරු ගවේෂණය පිලිබද මධ්‍යස්ථානයක් බවට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. උන් වහන්සේ මේ බව සඳහන් කලේ එම ආයතනයට එරෙහිව ඊයේ පස්වරුවේ මඩකලපුව නගරයේ පැවති විරෝධතාවකට එක්වෙමින්ය.
කන්ජිපානි ඉම්රාන් සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරු තුන් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.එම නිලධාරින් යාපනය මුලතිව් හා මන්නාරම යන පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. රැඳවුම් නියෝග මත සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සමඟ එක්ව […]
මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන 2019 ජාතික සම්මාන උළෙල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. උත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදීයි . රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු මෙහි දී ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත් අතර ශ්‍රී ලාංකික […]
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 161 ක ණය මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඊට අදාල ගිවිසුමට අත්සන් තැබීම අද පෙරවරුවේ සිදු කෙරන බවයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කලේ. එම ණය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනක් ආපසු නොගෙවන ප්‍රදානයක් ලෙස ලබාදීමට නියමිත බව වාර්තා වෙනවා.