News Line| Off Air
Generic placeholder image

Aug
19

ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ශී‍්‍ර ලංකාව ඉදිරියෙන්

Generic placeholder image

ජාත්‍යයන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ ශී‍්‍ර ලංකාව පළමු තැන හිමිකරගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේ පැවති ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ජයගැනීමත් සමග ප‍්‍රසාද ලකුණු 60 ක් ලබාගෙන මෙලෙස ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු තැන ශී‍්‍ර ලංකාව ලබාගත්තා. එමෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අලුබදුන කි‍්‍රකට් තරගාවලියෙන් තරග දෙකකදී […]


Aug
19

සජිත්ගේ මීළග රැළිය මාතර ප්‍රදේශයේදී

Generic placeholder image

ජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන දෙවැනි රැළිය මාතරදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම රැලිය සංවිධානය කරන්නේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්ය. අගෝස්තු 23දා මාතර සනත් ජායසූරිය ක්‍රීඩාංගණයේදී මෙම රැළිය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.


Aug
19

රජයේ වෛද්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

Generic placeholder image

රජයේ වෛද්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සහ ස්ථානගත කිරීම්වල මතුව ඇති ගැටළු කිහිපයක් සඳහා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් මෙය ක්‍රියත්මක කරන බව සදහන්. මෙම සංකේත වර්ජනයට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වුවහොත් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කරන බව කොළඹ අද පැවැති මාධ්‍ය […]


Aug
19

හරීන් මේ දේ කිවුවේ ටිකිරිට මද?

Generic placeholder image

මෙවර මහනුවර දළඳා පෙරහරට එක්ව තිබූ ටිකිරි ඇතින්න වයෝවෘද්ධ නිසාත්, පෙරහරේ ගමන් කරවීම නිසාත් ඇය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා. එහෙත් ඇයගේ භාරකරුවන් සඳහන් කළේ බාරයක් ඔප්පුකිරීම වෙනුවෙන් ටිකිරි ඇතින්න පෙරහරේ ගමන් කරවූ බවයි. ටිකිරි ඇතින්න වෙනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබුණා. මේ පිළිබඳව අදහස් දැක්වූවන් පවසන්නේ අමාත්‍යවරයා මෙය ටිකිරි […]


Aug
19

මහින්ද සහ ජපන් සාම නියෝජිත අතර හමුවක්

Generic placeholder image

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ පුනරුත්තාපනය වන නැවත ගොඩනැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අතර හමුවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අද පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේ දීය. එම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා එක් වූ බව විපක්ෂනායක කාර්යාලය සදහන් කරනවා.


Aug
19

බොක්සිං ශූරතා තරගාලියේදී ලංකාවට රන් පදක්කමක්

Generic placeholder image

හොංකොංහි පැවැත්වෙන නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත් වුණා. ඒ අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරජය කරමින් කළා.


Aug
19

නව යුද හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා නම් කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුදු හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වන අතර දැනට මේජර් ජනරාල් ධුරයේ සිටින ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත්කිරීමත් සමග ලුතිනන් ජනරාල්ධුරයට උසස්වෙනු ඇති. පසුගිය යුද සමයේදී 53 […]


Aug
19

ඌව රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී වේලාවේදී සමාජ මාධ්‍ය තහනම් කරන්නට තීරණයක්

Generic placeholder image

ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා ඌව ක්ලීන් ග්‍රීන් නැමති වැඩසටහන ආරම්භ කරමින් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රකාශ කලේ ඌව පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්ඇප ඇතුළු සමාජ මාධ්‍ය භාවිත නොකර ජනතාවට සේවය කරන ලෙසයි. ඌව පළාතේ බොහෝ විට දුප්පත් ජනතාවක් වාසය කරන නිසා රාජකාරි වෙලාවේදී තම පෞද්ගලික කටයුතු නතර කොට හැකි […]


Aug
19

නවසීලන්ත ආධිපත්‍ය බිද වැටෙයි – රග්බි පළමු තැන වේල්ස් කණ්ඩායමට

Generic placeholder image

පුරා වසර 10ක් පුරා ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වූ නවසීලන්ත කණ්ඩායම බිඳ දැමීමට වේල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ අනුව වේල්ස් කණ්ඩායම ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගත්තේ එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්ය. තරගය ආරම්භයේ සිටම වේල්ස් කණ්ඩායම ඉතා ආක්‍රමණශීලි තරග රටාවක නිරත වූ අතර තරගයේ පළමු අර්ධය ලකුණු 10ට 0ක් ලෙස […]


Aug
19

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසෙයි

Generic placeholder image

ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුලේ අය විසින් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා.


Aug
19

මඩකලපුව පෞද්ගලික සරසවිය ගැන රතන හිමිගෙන් විශේෂ අනාවරණයක් අද

Generic placeholder image

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය හරහා රටට ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිඵලය කිසිවෙකුත් නිසි පරිදි මේ දක්වා රට හමුවේ අනාවරණ කර නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරනවා. විශේෂයෙන් මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වහාම රජයට පවරා ගන්නා ලෙසට අඛණ්ඩව බලපෑම් කරන බව ද උන්වහන්සේ වැඩි දුරටත් සදහා කළා. ඒ අනුව මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් […]


Aug
19

ඇමති චම්පිකගේ ’සිංහාභිමානය’ අද සිට

Generic placeholder image

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රූපගත කරනු ලැබූ ඡායාරූප එකතුවක් අද කොළඹ පැරණි ලන්දේසි රෝහලේදී පැවැත්වීමට නියමිත තිබෙන අතර මෙම ඡයාරූප දැක්ම ‘සිංහාභිමානය’ නමින් නම් කොට තිබෙනවා. දෙස් විදෙස් වනාන්තර සහ සොබාව සෞන්දර්ය සපිරි ස්ථාවල සංචාරය කිරීමේදී ලබාගත් ඡායාරූප මෙලෙස ප්‍රදර්ශනය කරන අතර ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් […]


News Articles
Latest Videos
Most Popular Post