මතභේදයට තුඩු දී ඇති අවුරුදු 70 ක් වයසැති ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වනජිවි අමාත්‍ය ජෝන් අමරතුංග අදාළ අංශ වෙත නියෝග කළා. එම ඇතින්න සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වූ ඡායාරූපවලට අනුව, ඇගේ සිරුරේ තත්ත්වය ඉතා අයහපත් බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. එසේම, මෙම […]
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා අප අතරින් වෙන්වී අදට වසර 23 ක් වනවා. ඔහු ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ද වන්නේය. ශ්‍රී ලංකාවේ ප්රමුඛ නාට්‍ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද (1974 – 1977) සේවය කර […]
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සදහා සෑම වසරකදී ම සිසුන් තුන්ලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් එක්ලක්ෂ පනස්දහසකට පමණ ශිෂ්‍යාධාර ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබනවා. ඒ අනුව ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන අතර සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් […]
ජාතික ආරක්ෂාවට අපහාස වන ප්‍රකාශවලින් වළකින ලෙස ජනපති සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරනවා. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා රෙජිමේන්තුව වෙත ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්රදානය […]
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයකු වන නවුෆර් මවුලවි නැමැත්තාගේ පුත්‍රයා අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි. මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නැමති සැකකරු 16 හැවිරිදි අයෙක්. ඔහු සහරාන් හෂීම් සමග නුවරඑළිය ප්‍රදේශයේදී පුහුණව ලබා තිබෙනවා. මීට පෙර අත්අඩංගුවට ගත් […]
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ඊළඟ ප්‍රධාන පුහුණුකරු ප්‍රකාශයට පත් කිරීමට සුදානම් වන අතර වත්මන් රවී ශාස්ත්‍රි ඇතුළු අපේක්ෂකයින් හය දෙනෙකුගේ නම් මෙම පුහුණුකාර ධුරය සදහා යෝජනා වී තිබුණා. ඒ අනුව අද එහි අවසාන වාර්තාව පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සුදානමින් සිටිනවා. ශාස්ත්‍රිගේ සහ ඔහුගේ සහායක කාර්ය මණ්ඩලයේ කොන්ත්‍රාත්තු 2019 ලෝක කුසලානය අවසානයේ කල් […]
තලෙයිමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ අද අලුයම සිදු කෙරුණු වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුනා. නාවික හමුදාව විසින් මෙහෙයුම සිදු කළ අතර මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය වෙරළ ප්‍රදේශයක සගවා තිබී සොයගෙන තිබෙනවා. මෙම වසර තුලදී පමණක් මෙරටට රැගෙන ඒමට උත්සහ කිරීමේදී සහ රට තුල තිබූ තහනම් මත්ද්‍රව්‍ය වන හෙරොයින් කිලෝග්‍රෑම් 452, කේරළ […]
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇන්ටාක්ටිකාව සහ සමහර පැසිෆික් දූපත් හරහා සොබාදහම සහ වන ජීවීන් පිළිබඳ විශ්මය ජනක රූප සෑම වසරකම ඕස්ට්‍රේලියානු භූගෝලීය සොබාදහම් ඡායාරූප ශිල්පී වසරේ තරඟයෙන් හඳුනා ගැනෙනවා. පහත ඡායාරූප වල ඇත්තේ මේ වසරේ ජයග්‍රාහකයින් කිහිප දෙනෙක්.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන සිය අපේක්ෂකයා මේවනවිට තෝරා ගෙන අවසන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ අනුව ජාතික ජන බලවේගය නමින් පිහිටුවන නව සන්ධානය යටතේ මෙම අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළා. ජාතික ජන බලවේගය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන සිය අපේක්ෂකයා ලබන 18 වෙනිදා රටට අනාවරණ කරන […]
ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ව පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ කොල්කටා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ජැක් කලිස් වෙනුවටයි. පසුගිය දිනයකදී මැකලම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කල අතර ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට මැකලම් ක්‍රීඩකයෙක් ලෙස සහභාගී […]
ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය පොදු සුසාන භූමිය අසලදී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රියේ සිදු කල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් අතර කුඩු රොෂාන්ගේ බාල සහෝදරයාද වනවා. කෝලිත ද සිල්වා නොහොත් අජා නැමැත්තා ද එලෙස අත්අඩංගුවට ගත් බවයි […]
හිඟුරක්ගොඩ – රජඇල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොළොන්නරුව – කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී රාජ්‍ය සහ පුද්ගලික ආයතනවලට අයත් ව්‍යාජ නිළ මුද්‍රා 86ක්, පරිගණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍ර දෙකක් මෙන්ම ව්‍යාජ ලිපි ලේඛන රැසක් ද එහි තිබී […]