බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (04) අලුයම අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. අද අලුයම 5.15ට පමණ කළුතර උතුර පොලිස් වසමේ ගාල්ල කොළඹ මාර්ගයේ වස්කඩුව හංදිය අසළදී ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම […]
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හි පිහිටි සුප්‍රසිද්ධ “වොල්මාර්ට්” සාප්පු සංකිර්ණයේදි තුවක්කුකරුවෙක් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ගිනි අවියකින් සන්නද්ධ තුවක්කුකරු පළමුවෙන්ම රථ ගාලේ සිටි පුද්ගලයින්ට වෙඩි තබමින් වොල්මාර්ට් සාප්පු සංකීර්ණයට ඇතුල්වි එහි සිටි පිරිස ඉලක්ක කර ගනීමින් වෙඩි තබා […]
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු 20/20 ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලු 4ක ජයක් ලබා ඇති බව වාර්තා වෙනවා. තරගය අමෙරිකාවේ ලොන්ඩර්හිල් හිදී පැවත් වුණා. ඒ අනුව කොදෙව් කණ්ඩායමට කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 95ක් පමණක් වන අතර ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් පමණක් දැවී එම ඉලක්කය ජයගැනීමට සමත් වුණා.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සුළු පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය නව පෙරමුණේ රැස්වීම අවලංගු කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව සමග එක්ව සිටින පක්ෂවල නායකයින් සමග ඊයේ (03) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.එමෙන්ම යෝජිත නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් […]
දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ කීර්ති තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති බව සදහන් වෙනවා.
අද (04) පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2995කදී අයදුම්කරුවන් තුන්ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටින බව වාර්තා වෙනවා. පෙරවරු 09.30ට විභාගය ආරම්භ වන බැවින් සෑම විභාග අපේක්ෂකයෙකුම පෙරවරු 09.00 වනවිට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙම ශිෂ්‍යත්ව විභාගය අවසන් වු පසුත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් වන […]
දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 55-65) සුළං තත්ත්වය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපයේදී, උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු සිට දළ […]
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති බව පැවසෙනවා.මීට දින කිහිපයකට පෙර ඌව පළාත් ආණ්ඩුකාර මෙලෙස ඉල්ලා අස්වුණා.
වසර කිහිපයක සිට දළදා කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ හස්ථි රාජයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට එක් නොවන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා. ඔහු ඒ බව සදහන් කළේ ශී‍්‍ර දළදා මාළිගා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. ඒ අනුව වැඩි වාර ගණනක් දළදා කරඩුව වැඩම වූ ඉන්දිරාජ නම් හස්තියා මෙවර […]
පෘථිවියේ සිට අලෝක වර්ෂ 31ක් තරම් සමීපයේ තිබී ජලය පැවැතීමේ වැඩි අවස්ථාවක් සහිත ග්‍රහලෝකයක් සොයාගැනීමට නාසා ආයතනය සමත්ව තිබෙනවා. යම් හෙයකින් එය එසේ වුවහොත් මිනිසා විසින් සිදුකළ විශිෂ්ටතම සොයාගැනීම එය වෙන බව පැවසෙනවා. ජලය පැවැතිය හැකි බවට සැකකෙරන නවතම ග්‍රහලෝකයක් සොයාගැනීමට නාසා ආයතනය සමත්ව ඇත. නව ග්‍රහලෝක පද්ධතිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 31ක් දුරින් පිහිටා […]
ඊයේ ගිනිකොණ දිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන්ගේ කලාපීය සමුළුව පැවැත්වෙන අතරතුර දී තායිලන්තයේ බැංකොක් නුවර ස්ථාන 06ක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවුණා. එම නිසා තායිලන්තයේ බැංකොක් නුවර සිදුවු බෝම්බ පිපිරීම් මාලාවත් සමඟ විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව එරට රජය පවසන අතර එමෙන්ම ප්‍රහාර මාලාව හේතුවෙන් සංචාරක ක්ෂේත්රයට බලපෑමක් හටගෙන නොමැති […]
උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ලබන සඳුදා සිට ඉහළ දමා තිඛෙනවා. ඒ අනුව වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සහ වැඩිහිටියන් සඳහා දැනට ඇති රුපියල් 60 ක ඇතුලුවීමේ ගාස්තුව ලබන සඳුදා සිට රුපියල් 100 ක් දක්වා වැඩි වන බව සදහන්. එමෙන්ම පාසල් ළමුන් / අවුරුදු 12 ට අඩු ළමුන් සහ වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් […]