ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට සැක පිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරු ලබන අගෝස්තු මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. දින 90 ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්වි.ජේතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු […]
2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය 2019 අගෝස්තු මස 01 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බව දැනුම් දී තිබෙනවා. තෙවන පාසල් වාරය 2019 සැප්තැම්බර් මස 02 වන සඳුදායින් ආරම්භ වන බව සදහන්.
කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසළදී තරුණ ගුවන් හමුදා නිළධාරියෙකු පාර මාරු වීමට නොහැකිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකු තමුන්ගේ දෑත් දෙකින්ම උස්සා එහා පැත්තෙන් ගෙනිහින් තැබූ අයුරු පහත ඡායාරූප වලින් දැක්වේ. රණවිරුවාණෙනි අප ඔබව අගය කරන්නෙමු. උපුටා ගැනීම – මුහුණු පොතෙන්
සතියේ දවස් වල සවස 05.00 ට සියත fm ඔස්සේ නිකමට වගේ අහන්න.
ජාතික පාසලක වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ, සියලු ගුරුවරුන්ට තමා සේවය කරන පාසලටම තම දරුවන් ඇතුළත් කරගැනීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සලසා දී තිබෙනවා. ඒ අනුව මෙම ගුරුවරුන් වෙත දරුවන් ඇතුළත් කිරීමට අදාළ ලිපි ලබාදීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන […]
අද (29) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය […]
කුවේටයේ ගෘහ සේවයට ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණ තිබෙනවා. කුවේටයේ සිට, යූ එල් 230 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයෙන් ඔවුන් පැමිණි අතර මෙම ගෘහ සේවිකාවන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් පසු එරට පොලීසිය මගින් පරීක්ෂණ පවත්වා තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී […]
ශ‍්‍රී ලංකාවේ තේ සඳහා ලැබී තිබුණු ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික කිහිපයක් අවලංගු වීම නිසා තේ සදහා ජාත්‍යන්තරයේ ඇති ඉල්ලුම අඩුවී ඇතැයි වතු සමාගම් පවසනවා. මෙම ප්‍රමිතී සහතික අවලංගු වීමට හේතු වී ඇති බවට වන සාධක වන්නේ වතු හිමියන්, වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය නංවාලීමට කටයුතු නොකරන බව සහ වතු කම්කරුවන්ට ප‍්‍රමාණවත් යටිතල පහසුකම් ලබා නොදෙන නිසා බව […]
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම හෙට(30) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙම නඩුවේ සාක්ෂි විභාගය අද දින ආරම්භ වීමට නියමිතව තිබු අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති […]
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුනහොත් ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම වකවානුවකදී පැවැත්වීමට වුවද, තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නමුත් ඡන්ද විමසීම් දෙකක් එකම වකවානුවකදී පැවැත්වීම ප‍්‍රායෝගික දුෂ්කරතා ඇති කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නියෝගයක් පිළිපැදීමට සියලූ දෙනා බැඳී සිටින බැවින් ඇතිවිය හැකි ප‍්‍රායෝගික දුෂ්කරතා කෙසේ හෝ […]
අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගැනීමට තීරණය කර ඇති අතර අද (29) පස්වරුවේ අදාළ මන්ත්‍රිවරුන් යළි අමාත්‍ය ධූරවල දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම් ෆවුසි තහවුරු කළා. ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මෙම මුස්ලිම් මන්තී‍්‍රවරුන් සාකච්ඡාවක නිරත වුණා. කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නිර්ණය කර ඇති […]
අගෝස්තු පළමු වන දින සිට රටවල් 46කින් මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ගාස්තු රහිතව වීසා නිකුත් කිරීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙනවා.මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වෙනවා. ඒ අනුව […]