News Line| Off Air
Generic placeholder image

Jul
12

පොලිස් නිළධාරීන් 08 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Generic placeholder image

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. එලෙස ස්ථාන මාරුවීම් ලබාදුන් පොලිස් නිලධාරීන් ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.


Jul
12

ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරීමකට ලක්ව තුවාල ලැබූ නීතිඥවරයකු කෝටි 50 ක වන්දියක් රජයෙන් ඉල්ලයි

Generic placeholder image

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්ව තිබියදී ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ට සිදුවූ හානියට රජයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා කොළඹ ෂැන්ගිලා හෝටලයේදී පිපිරී ගිය බෝම්බයට හසුවී තුවාල ලැබූ නීතිඥවරයකු ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකල අතර එම පෙත්සම හෙට (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බව වාර්තා වෙනවාමෙහි […]


Jul
12

වායු දූෂණය පාලනයට ඉන්දියාවෙන් තාක්ෂණික වැඩපිළිවෙලක්

Generic placeholder image

ඉන්දීයාවේ වායු දුෂණය අවම කිරීම සදහා නව වැඩපිළිවෙලක් හදුන්වා දීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ මේ යටතේ දූෂිත වායු අංශු මැඩපැවැත්වීම නව තාක්ෂනික ක‍්‍රමයක් ඔස්සේ සිදු කරන බවයි මෙවැනි අත්හදා බැලීමක් ලොව සිදුවන ප‍්‍රථම අවස්ථාවද මෙයයි. පසුගිය වසර තුළදී වායු දුෂණය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් මියගොස් තිබෙනවා. රථවාහන වලින් […]


Jul
12

විදුලිබල මණ්ඩලයේ රැකියාවක් දෙන බව පවසා මුදල් වංචාවක කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

විදුලි බල මණ්ඩලයේ සන්නිවේදන තාක්ෂණ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කල හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ප‍්‍රදේශයේ තරුණියකට එම තනතුර ලබදිම සදහා සැකකරු විසින් රුපියල් දෙලක්ෂ විසි පන්දහසක මුදලක් ලබා ගෙන ඇති බවයි. තනතුර ලබා දිම සම්බන්ධයෙන් රාජ්‍යය ආයතන කිහිපයක ලිපි හුවමාරු වි ඇති බවට හුවා දක්වන ව්‍යාජ […]


Jul
12

මරණ දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

මරණ දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවක් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.


Jul
12

දුම්රිය වෘත්තීය සමිති නැවත වැඩවර්ජනයකට සූදානම්

Generic placeholder image

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවයේ නිරත අනියම් , තාවකාලික හා කොන්ත‍්‍රාත් සේවකයින් සේවයේ ස්ථීර නොකර, අළුතින් තවත් සේවකයින් බදවාගන්නේ නම් දුම්රිය වර්ජනයකට යොමුවන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සම කැදවුම්කරු ජී එස් විතානගේ මහතා මේ බව කියා සිටියේ ප‍්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්. වසර 05 කට අධික කාලයක් දුමිරිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශ වල […]


Jul
12

අමාත්‍යධූරය භාර ගතහොත් රිෂාඩ්ට නැවතත් විශ්වාසභංගයක් ගෙන එන බව රතන හිමි කියයි

Generic placeholder image

රිෂාඞ් බදියුදීන්ට නැවත අමාත්‍ය ධූරයක් ලබා දුනහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නැවත ගෙන එන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.  තනතුරු අත්හල මුස්ලිම් මහජන නියෝජිතයන් නැවත තනතුරු භාර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් කල විමසීමකදී පවසා සිටි බව වාර්තා වෙනවා.


Jul
12

ගුවන් යානාවක් කැළඹීමකට ලක්වීමෙන් පුද්ගලයින් 35 දෙනෙකුට තුවාල

Generic placeholder image

කැනඩාවේ සිට ඕස්ටේ‍්‍රලියාව වෙත පියාසර කළ ගුවන් යානාවක් ගමන අතරතුර කැළඹීමකට ලක්වීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කළේ ඒවන විටත් ගුවන් යානය තුළ මගීන් 284 දෙනෙකු යානයේ සිටි බවයි. ගමන ආරම්භ කර පැය දෙකකට පසු වායු ගෝලයේ දැඩි කැළඹීම හේතුවෙන් මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමග අදාළ යානය හවායි […]


Jul
12

වවුනියාවේ දෙහි මිල 1500ට නගී

Generic placeholder image

වවුනියාවේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසාත් දෙහි ගස් මිය යෑමත් දැනට ඇති දෙහි ගස්වලට ජලය සපයා දීමට නොහැකි වීම නිසා එම ගස් වල දෙහි හට නොගැනීමත් නිසා මෙසේ වවුනියාවේ වෙලේදපොලවල් වල දෙහි මිල ඉහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මේ දිනවල වවුනියාව වෙළෙඳපොළේ දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 1500ක් පමණ වන බව […]


Jul
12

ලෝකයේ සෑම රජයක් සමග කටයුතු කරන්නේ එකම තත්ත්ව සහ ප්‍රමිතියට අනුකුලව බව ෆේස්බුක් කියයි

Generic placeholder image

ලෝකයේ විවිධ රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත් නොකරන බව ෆේස්බුක් සමාගමේ නිලධාරීහු පවසනවා.ෆේස්බුක් සමාගම හා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සෑම විටම ජාත්‍යන්තර ප්‍රමිත හා තත්ත්ව පිළිපදින බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. කොළඹදී ඔවුන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් ද […]


Jul
12

පාසල් සිසුන්ට ටැබ් ලබා දීම ජාතියේ විනාශය ඉක්මන් කිරීමක් – ඕමල්පේ සෝභිත හිමි

Generic placeholder image

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දෙනවා සේම ඉන් ළමා පරපුරට යම් හානියක් සිදුවුවහොත් එය වළක්වා ගැනීමට ද අධ්‍යපාන බලධාරීන් කටයුතු කළ යුතු බව කෑගල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. තරුණ පරම්පරාව විනාශයට පත් කරන අසභ්‍ය වෙබ් අඩවි ඇතුළු අයථා මාර්ග අවහිර නොකොට සිදුකරන මෙම ටැබ් බෙදා දීමේ වැඩපිළිවෙල ජාතියේ විනාශය ඉක්මන් […]


Jul
12

විපක්ෂ නායකගේ දෙවනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගනී

Generic placeholder image

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගෙන තිබෙනවා. එම අවස්ථාවට සුබපැතුම් එක්කරමින් යෝශිතගේ වැඩිමල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ මෙලෙස සුබපැතුම් පණිවුඩයක් එක්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post