අක්මීමන උපනන්ද විදුහල් බිමේදී හමුදා භටයකුගේ වෙඩි පහරින් මියගිය ප්‍රදීප් උදය කුමාර (39) මහතාගේ බිරිඳට රැකියාවක් හා දරුවන් තිදෙනාට වෙනත් පාසල් දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මෙයට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් වාර්තා පරික්ෂා කර බලා මෙම බිරියට යම් වන්දියක් දීමට හැකියාවක් තිබේ දැයි සොයා බැලීමට ද තීරණය කර තිබෙන අතර හමුදා වෙඩි […]
Android ජංගම දුරකථන මිලියන 25ක් පමණප්‍රමාණයක් නවතම Malware නොහොත් අනිෂ්ට යෙදුම් ග්‍රහණයට ලක්ව ඇතැයි නවතම සොයාගැනීමකින් හෙළිදරව් වී තිබෙනවා.මෙම Malware යෙදුම් චීන අන්තර්ජාල සමාගමක් සතු Android මෙහෙයුම් පද්ධතිය සදහාවූ යෙදුම් ලබාගැනීමට ඇති ‘9Apps‘ නම් යෙදුම් වෙළදසැලෙන් Android ජංගම දුරකථන මිලියන 25කට පමණ පතිරිගොස් ඇතැයි සොයාගැනීම් වලදී හෙළිවී තිබෙන්නේ. 9Apps නම් මෙම Android යෙදුම් වෙළදසැල චීනය, […]
2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙන අතර මේ වන විට අවසන් මහ තරගයේ සියලුම ටිකට් පත් විකිණී අවසන් වීම හේතුවෙන් සංවිධායකයන් දැඩි අර්බුදයකට පත්ව සිටිති. ඊට හේතු වන්නේ ඉන්දීය කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසේ යැයි බලාපොරොත්තු තබාගෙන සිටි ඉන්දීය ප්‍රේක්ෂකයෝ අවසන් මහා තරඟයේ ප‍්‍රවේශ පත‍්‍ර වැඩි ප්‍රමාණයක් වේලාසනින් මිලට ගෙන තිබීමයි. ඒ […]
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපල දුරුවී ජනාධිපතිවරණයෙන් අබිෂේක ලබන්නැයි කියමින් කතරගම දේවාලයට ඇත් පැටවෙකු පූජා කිරීමට සූදානම් වන බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසනවා. ඊට විරෝධය පළ කරමින් අරලියගහ මන්දිරයට ගොස් ලිපියක් බාර දී ආපසු පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත උන් වහන්සේ මෙසේ පූජා කිරීමට යන්නේ තාමත් මවු ඇතින්නගෙන් කිරි බොන කුඩා ඇත් පැටවෙකු බවද […]
මැදවච්චිය, පූනෑව, කිඩවරන්කුලම ප්‍රදේශයේ නිවසක් වෙත දැවැන්ත කිඹුලෙකු කඩා වැදී ඇති බව වාර්තා වෙනවා.ඊයේ (13) සවස අඩි 8ක පමණ දිගින් යුතු කිඹුලෙකු ජලය සොයාගෙන ගම්වැදී ඇති අතර, එහිදි බල්ලන්ගේ බිරීමත් සමඟ කිඹුලා නිවසක් වෙත ඇතුළු වී තිබෙන අතර නිවැසියන් වනජීවි කාර්යාල නිලධාරීන් වෙත කරන ලද දැනුම්දීමක් මත වනජිවි නිලධාරීන් පැමිණ කිඹුලා අල්ලගෙන ඇති බව පැවසෙනවා. […]
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් බිහිවූවානම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකි වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .හෝමාගම පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලා. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා පළවෙනි ආරක්ෂක කමිටු රැස්වීමේ දී සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල නම් ලබා […]
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 18 සහ 19 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමයේ ලේකම් ශෙහාන් දිසානායක මහතා පැවසුවේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමට මෙන විට පියවර ගෙන ඇති බවයි.
දිවයින පුරා පවත්නා වැසි තත්ත්වය ඉදිරි දිනවලදීද තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එමෙන්ම සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ පවතින බවත් සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රිඩාංගණයෙදි පැවැත්වීමට මේ වන විට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. අවසන් මහා තරගය නැරඹිම සදහා බොහෝ ක්‍රිඩාලෝලින් පිරිසක් මේ වන විටත් ප්‍රවේශපත්‍ර මිලදි ගෙන අවසන් බව පැවසෙනවා.
හෙට (14) දිනයේ කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා. නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධානය කරන මෝටර් රථවලින් තොර කලාපය හෙවත් “CAR FREE ZONE” වැඩසටහන හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. ඒ අනුව ග්‍රීන් පාත් මාර්ගය, කන්නන්ගර මාවත, […]
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ 11 වන පෙරහර අද රාති‍්‍රයේ වීථි සංචාරය කෙරෙනවා. කතරගම දේවාලය සදහව් කළේ අලි ඇතුන් සහ විවිධ නර්ථනාංග රැුසකින් පෙරහර සමන්විත බවයි. පෙරහරට සමගාමීව ලබන 8 වනදා සිට කඩොල් හස්ථි රාජයාගේ ඇත් යුගළ ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
2019 ජුලි 16 වන දින පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. මිනිසා ප්‍රථම වරට සඳ මතට ගෙන ගිය ඇපලෝ 11 රොකට් යානය පෘථිවියෙන් දියත් කිරීමේ 50 වන සංවත්සරයද ජූලි 16 දිනට යෙදී තිබෙනවා. මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට […]