සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ උතුරුමැද පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලටත් අද සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. දිවයිනේ සෙසු ප‍්‍රදේශවලද සවස 2 න් පමණ පසු තැනින් තැන වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය එංගලන්ත පෞද්ගලික සංචාරය නිමා කර අද (13) උදෑසන 10 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා. පසුගිය 09 වනදා දහවල් සිය පුතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියා.
දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2540ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ කළ අතර මෙම මෙහෙයුමේ දී ඊයේ (12) උදෑසන 6 සිට අද (13) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 260ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. ඒ අනුව ජුලි […]
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම සේවා දිගුව ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළා. වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 2019 වසරේ ජනවාරි 01 වනදා සිට නාවික හමුදාපති ලෙස කටයුතු කරනු ලබන අතර ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබුණේ මේ මාසයේදීයි.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් පූර්ව තරගයේදී විනිසුරු තීරණයකට අභියෝග කරමින් පිටියේ කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වරදකරුවෙකු කර තිබෙන බව වාර්තා වෙනවා. ජේසන් රෝයි ඒ අනුවනියමිත තරග ගාස්තුවෙන් සියයට 30 ක දඩයක්ද නියම කෙරුණු බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වැඩි දුරටත් පැවසුවේ. මෙම තරගයේදී කුමාර් ධර්මසේන […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත්වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම යළි සිය මව් රට බලා ඒමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටීමට සිදුවී ඇති බව සදහන්. ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ පවුල්වල ඥාතින් හට එංගලන්තයේ සිට ඉන්දියාව බලා ඒමට අවශ්‍ය ගුවන් යානා ආසන වෙන් කරවා ගැනීමට නොහැකිවීම හෙතුවෙන් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියේ […]
සඳ ගවේෂණයට යානයක් පතිත කල 04 වන රට බවට පත් විමේ අපේක්ෂාවෙන් චන්ද්‍රයානන් 02 ගුවන් ගත කිරිමට සුදානම් වන බව වාර්තා වෙනවා. ආන්ද්‍ර ප්‍රදේශ් ශ්‍රි හරිකෝටා ගගන මධ්‍යස්ථානයෙන් නික්මෙන අතර එය කිලෝමිටර් තුන් ලක්ෂ හාරසිය අසු හතරදහස් හාරසියයක් ගෙවා සඳේ දකුණු ධ්‍රව ප්‍රදේශයට සැප්තැම්බර් මස 06 වනදා සමීප වීමට නියමිත බව පැවසෙනවා. ඉන්දියාව මෙම මෙහෙයුම […]
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. එලෙස ස්ථාන මාරුවීම් ලබාදුන් පොලිස් නිලධාරීන් ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්ව තිබියදී ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ට සිදුවූ හානියට රජයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා කොළඹ ෂැන්ගිලා හෝටලයේදී පිපිරී ගිය බෝම්බයට හසුවී තුවාල ලැබූ නීතිඥවරයකු ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකල අතර එම පෙත්සම හෙට (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බව වාර්තා වෙනවාමෙහි […]
ඉන්දීයාවේ වායු දුෂණය අවම කිරීම සදහා නව වැඩපිළිවෙලක් හදුන්වා දීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ මේ යටතේ දූෂිත වායු අංශු මැඩපැවැත්වීම නව තාක්ෂනික ක‍්‍රමයක් ඔස්සේ සිදු කරන බවයි මෙවැනි අත්හදා බැලීමක් ලොව සිදුවන ප‍්‍රථම අවස්ථාවද මෙයයි. පසුගිය වසර තුළදී වායු දුෂණය හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් මියගොස් තිබෙනවා. රථවාහන වලින් […]
විදුලි බල මණ්ඩලයේ සන්නිවේදන තාක්ෂණ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කල හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ප‍්‍රදේශයේ තරුණියකට එම තනතුර ලබදිම සදහා සැකකරු විසින් රුපියල් දෙලක්ෂ විසි පන්දහසක මුදලක් ලබා ගෙන ඇති බවයි. තනතුර ලබා දිම සම්බන්ධයෙන් රාජ්‍යය ආයතන කිහිපයක ලිපි හුවමාරු වි ඇති බවට හුවා දක්වන ව්‍යාජ […]
මරණ දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවක් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.