ගාලු වරායට ආසන්න මුහුදේ දී සැක කටයුතු විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 9 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම යාත්‍රාවේ ධජයක් හෝ ලියාපදිංචි සලකුණු නොතිබුණු බව සඳහන් වන අතර යාත්‍රාව තුළ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කෙරෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ […]
හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට පත්කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.ලබන මස 11 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී මෙම නව පත්කිරීම් සිදුකිරීමට නියමිත බව පැවසෙනවා. නායකත්වයට පත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා […]
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කැදවා තිබෙනවා. පෙරවරු 11.30ට මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 4හි පැවැත්වෙන බව සදහන්. මෙම පක්ෂ නායක රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද සහභාගි වීමට නියමිතයි.
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයෙන් ඉන්දියාව පරාජය වීමත් සමඟම ඉන්දියාව ලෝක කුසලානය ලබා ගනී යැයි බොහෝ දෙනා බලා සිටි නමුත් ඒ සිහිනය බිඳ වැටුණා. එමෙන්ම ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ටනම් මේ පරාජය දරාගත නොහැකි එකක් වුණ අතර නායක විරාත් කෝලිට බොහෝ දෙනා එම පරාජයේ වගකීම පැවරුවා. විරාත් කෝලි ඊයේ තරඟ පරාජය […]
ඊයේ පැවති එංගලන්ත ඕස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ දී එංගලන්තයේ ක්‍රීඩක ජේසන් රෝයි ශතකය අභිමුව සිටියදී දැවී ගිය අතර ඒ කුමාර් ධර්මසේන ශ්‍රී ලාංකික විනිසුරුවරයාගේ වැරදි තීරණයක් හේතුවෙන් බව වාර්තා වෙනවා. එංගලන්තය මුහුණදුන් 20 වන පන්දුවාරයේ සිව්වන පන්දුවේ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වූ අතර රෝයි පහර දුන් පන්දුව පිත්තේ වැදී කඩුළු රකින ඕස්ට්‍රේලියානු […]
පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩකර ඇතියි චෝදනා කරමින් ගොනු කර තිබෙන මුලික අයිතාවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(12) සළකා බැලීමට නියමිත බව වාර්තා වෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව එම පෙත්සම් ඉදිරිපත්ව තිබුණු අතර පසුගිය ජුලි මස 08 වනදා එම පෙත්සම් […]
බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු අත්හරින ලද සිය අමාතය්යධූර, රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර නැවත භාර ගැනීමට තිරණය කර තිබෙන බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී පැවසුවේ ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි. මෙම මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර සහ නියෝජ්‍ය අමාත්‍යධූර අත්හැරියේ ඉකුත් ජුනි මස 03වනදා වන අතර ඒ මුස්ලිම් වැසියන්ට […]
ජ.වී.පෙ ගෙන ආ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ හවස පැවැත් වූ ජන්ද විමසීමෙදී පරාජයට පත් වුණා. එමෙන්ම විශ්වාසභංග යෝජනාව පරාජය වුවද ජනතාව ඉදිරියේදී පරාජය වන්නේ ආණ්ඩුව බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්. නමුත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණේ […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීම ඉඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. එමෙන්ම සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ […]
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය කණ්ඩායම අතර ඊයේ බර්මින්හැම් හිදි පැවැත්වුණා. ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එරෙහිව එංගලන්ත කණ්ඩායම විසින් කඩුළු 8ක ජයක් වාර්තා කරමින්ය. සත්කාරක එංගලන්ත කණ්ඩායම අවසන් මහා […]
මරණීය දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි ඉන්දික බමුණුසිංහ නැමති නේවාසික රැදවියා අද ඔහුගේ පශ්චාත් උපාධිය ලබාගෙන තිබෙනවා. බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්රන ශාලාවේ දීයි උපාධී ප්‍රධාන උත්සවය පවත්වා ඇත්තේ. මෙලෙස බන්ධනාගාරයක් තුළ සිට උපාධියක් ලබාගන්නා ලද ප්‍රථම රැදවියා සහ ලොව 5 වෙන රැදවියා මොහුයි. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිංහල / බෞද්ධ සංස්කෘතිය සමාජ විද්‍යාව […]
දිස්ත්‍රික්ක 7 ක කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව්ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප්රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත හරිත දේශගුණික අරමුදලේ සහ ශ්‍රී ලංකා රජයේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන බව සදහන්. පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක […]