පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සියලු දෙනාගේ ජීවිතවලට වටිනාකමක් ලබා දිය හැක්කේ රට එක් නීතියක් යටතට ගෙන ඒමෙන් පමණක් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.අම්පාර නඟර ශාලාවේ ඊයේ පැවති ජාතික මඟ සම්මන්ත්‍රණයට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.වෙන් වෙන් වශයෙන් වු ඉඩම් නීති, විවාහ නීති, ලෙස […]
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්තීන් වර්තමානය වනවිට වෙනස් වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා. යක්කල වීරගුල ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින්ට ද්‍රව්‍යමය ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පළ කර තිබෙනවා. තමාගේ මව පියා සහ තමන් විසින් ගොඩ නැගූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නොමැති බවත් පක්ෂයේ […]
අමෙරිකාවේ දකුණු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ රිච්ටර් ඒකක 7.2ක ප්‍රභලත්වයෙන් භුකම්පනයක් සිදුව ඇති බව එරට භුවිද්‍යා සමික්ෂණ ආයතනය පවසනවා. ඉකුත් බ්‍රහස්පතින්දා වාර්තාවු රිච්ටර් ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් පසු සිදුවු ප්‍රබලතම භුකම්පනය මෙය වන අතර දශක දෙකක් තුල කැලිෆෝනියාවට බලපෑ විශාලතම භුකම්පනය මෙය බවයි විශේෂඥයින් පවසන්නේ. එමෙන්ම ඒකක 7.2ක ප්‍රබල භුකම්පනය සිදුව ඇත්තේ දකුණු දිග කැලිෆෝනියාවේ කාන්තාර […]
ඉස්ලාම් ළමා විවාහ නීතිය ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඊයේ(05) මාතර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා. විවාහය නාමයෙන් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගම වැළඳගැනීමට සිදුව ඇති පිරිස්වලට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ද එම පනත් කෙටුම්පතින් ලබාදෙන බව රතන හිමියන් පෙන්වා දෙනවා. පාසල් […]
වෑන් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 157 යි මිලිග්‍රෑම් 260 ප්‍රවාහනය කරමින් සිටියදි එකම පවුලේ සහොදරයෙක් සහ සහොදරියක් අතුරිගිය නගරයෙදි ඊයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් කොට්ටව- රුක්මල් පාරේ පදිංචි කරුවන් වන අතර මොවුන් වයස අවුරුදු 30,36 පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
කළු පාලමේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් 30 වනදා වැල්ලම්පිටිය අඹතලේ තොටලග මාර්ගයේ වාහන ගමනාගමනයට අවහිරතාවයන් ඇති විය හැකි බව වාර්තා වෙනවා. එහිදි විකල්ප මාර්ගයන් වන්නේ අඹතලේ – තොටලග මාර්ගයෙන් පැමිණ කොහිලවත්ත මාර්ගයෙන් බැස ඔරුගොඩවත්ත මංසන්දියට පැමිණිය හැකි බවද එමෙන්ම තවත් විකල්ප මාර්ගයක් වන්නේ අඹතලේ – තොටලග මාර්ගයෙන් පැමිණ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්තට පැමිණිය […]
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු තවත් මාස හයකට අත්හිටුවීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් මෙම පියවර ගත් බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ […]
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්ල්‍යයේ සිව්වන පෙරහර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා සදහන් කලේ අලි ඇතුන් සහ විවිධ නර්ථනාංග රැසකින්ද පෙරහර සමන්විත බවයි. පෙරහරට සමගාමීව ලබන 8 වනදා සිට කඩොල් හස්ථි රාජයාගේ ඇත් යුගළ ප‍්‍රදර්ශනය කිරීමට කටයුුතු යොදා තිබෙනවා.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සිදු කළ සැකකටයුතු සැත්කම් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට ඉදිරිපත්වූ වෛද්‍යවරුන්ට සහ මව්වරුන්ට ආරක්ෂාව ලබා දිය යුතු බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සංගමය මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන පවසනවා එමෙන්ම වෛද්‍යවරයා සම්බන්ධයෙන් සඳහන් කුරුණෑගල රෝහලේ ලිපි ලේඛණවලටද විශේෂ ආරක්ෂාවක් සැලසිය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ. මේ […]
අක්මීමන මානවිල් ප‍්‍රදේශයේ පාසලක රාජකාරි අතරතුර සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ යුධ හමුදා සෙබලා බූස්ස 581 වන බලසේනා මුලස්ථානාධිපති වෙත භාර කර තිබෙනවා. ඒ ඊයේ ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම අවස්ථාවේ හදිසි නීතිය ක‍්‍රියාත්මක බැවින් නීතිපති උපදෙස් ලැබෙන තෙක් හමුදා සෙබලා රදවා තැබීමටයි අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ. මේ සම්බන්ධයෙන් වහා නීතිපති උපදෙස් ලබා […]
අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්ත සංවිධානය මෙරටින් තුරන්කර ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැගිල්ල සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්. රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ති‍්‍රක් වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ […]
නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් එම රෝහලට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇති බව වාර්තා වෙනවා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් එම අවසරය ලබා දී තිබෙන අතර පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකුට 2017 වසරේදී සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට […]