ග‍්‍රීසියේ මහ මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික විරුද්ධ පක්ෂයක් වන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ජයග‍්‍රහණය කර තිබෙනවා. සමස්ථ දිස්ත‍්‍රික්ක වලින් සියයට 88 ක ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්. නිකුත් කර ඇති ඡන්ද ප‍්‍රතිඵල වලට අනුව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සියයට 39 යි දශම 08 ක ජන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගෙන සිටිනවා. පාලක වාමාංශික පක්ෂයට හිමි වී ඇත්තේ […]
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට නොහැකි වුනා. ඉන්දීය තරගයෙන් පරාජයට පත්වීමෙන් පසු අද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.
මහජන චීන සමුහාණ්ඩුව විසින් ප්‍රදානය කරන ලද ජි- 625 නෞකාව මේ වන විට කොළඹ වරාය වෙත ළගා වී තිබෙන බව වාර්තා වෙනවා. දෙරට අතර සහයොගිතාවය වර්ධනය කිරිමේ අරමුණෙන් මෙම නෞකාව චීනයෙන් ප්‍රදානය කර ඇති බව සදහන් වෙනවා.ගැඹුරු මුහුද නිරික්ෂණය කිරිමේ නෞකාවක් වන මෙහි අධි තාක්ෂණ උපාංග රැසකින් යුක්ත වන බවයි පැවසෙන්නේ. නෞකාව නිල වශයෙන් භාරදීමේ […]
අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනෙකු යාපනය ප‍්‍රදේශයේ ඉඩම් නිරීක්ෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ ඊයේ (07) රාති‍්‍රයේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මෙලෙස පැමිණි අමෙරිකානු සෙනට් සභිකයින් දෙදෙනා මේ වනවිට දිවයිනෙන් පිටව ගොස් ඇති බවත් […]
මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට කැපවූවන් අගය කරමින් ප‍්‍රශස්ථ සේවා ඇගයීම් සහතික ප‍්‍රදානය කිරීම අද සිදුවනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශ පරිශ‍්‍රයේ දීයි. මොරගහකන්ද – කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතියට සම්බන්ධ සෙසු වාරි ව්‍යාපෘති කඩිනම් කරනලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ නිළධාරීන්ට උපදෙස් දී තිබුණා. වයඹ ඇළ, මිනිපේ ඇළ සහ ඉහළ ඇලහැර ඇළ සංවර්ධන […]
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉකුත් දා ශ‍්‍රී ලංකාවට එරෙහි තරගය පැවැත්වෙද්දී කී‍්‍රඩාංගනයට ඉහළින් පියාසර කළ ගුවන් යානයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානය යොමුවී තිබෙන බව වාර්තා වෙනවා. ඊට හේතු වී ඇත්තේ අදාළ ගුවන් යානය මගින් දේශපාලන පණිවිඩයක් සහිත විශාල ප‍්‍රමාණයේ බැනරයක් ප‍්‍රදර්ශනය වන අයුරෙන් පියාසර කිරීමයි. ඒ අනුව අදාළ බැනරයේ දැක්වුනේ ඉන්දියාවේ මැර කල්ලි පාලනයට සහය […]
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්දෙණිය ග්‍රාම නිලධාරී වසමේ රණවරාව කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා විනාශ වී ඇති බව වාර්තා වෙනවා.ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වන විට උමාඔය ව්‍යාපෘතියේ ගිනිනීවිම් ඒකකය, වන සංරක්ෂණ නිලධාරීන් සහ වැල්ලවාය පොලීසිය එක්ව ගින්න පාලනය කර ඇති බව පැවසෙනවා. පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පාලනය […]
ඉදිරි වසර කිහිපය තුළ ජාතික ශිෂ්‍ය භට බළකාය තුළ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික ශිෂ්‍ය භට බළකායේ අන්තර් පළාත් ක්‍රිඩා උලෙළේ සමාප්ති උත්සවයට ඊයේ (07) එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. ඉදිරි වසර කීපයේ දී මේ රටේ අධයාපන ක්‍රමය වෙනස් වන අතර ඒ අනුව […]
තවත් වසර හයක් රටේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය තබා ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රාජපක්ෂවරු 6 දෙනෙක් එක්ව ඇති බවත් පැවසු ලක්ෂමන් කිරිඇල්ල මහතා, නමුත් එක්සත් ජාතික පක්ෂයේ එවැනි ක්‍රියාවලියක් නොමැති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසුවා. කෘතියාධිකාරී මණ්ඩලය […]
කෑගල්ල පොලිස් වසමේ ගොඩපොල ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (07) දහවල් කාන්තාවකට, ගැහැණු ළමයෙකුට සහ පිරිමි ළමයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා. එම ප්‍රහාරයෙන් පසු අදාළ පුද්ගලයාද ඇසිඩ් පානය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.ඇසිඩ් පානය කළ පුද්ගලයා සහ කාන්තාව, දරුවන් දෙදෙනා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇසිඩ් පානය කළ පුද්ගලයා මිය ගොස් […]
රුපියල් කෝටි 04ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.එහි තිබී ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 2යි ග්‍රෑම්623ක් පමණ වන බවයි බලධාරීන් පැවසුවේ. මෙම මෙම සැකකරු ලාඕස් ජාතිකයෙක් වන අතර පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපල ඒකකය විසින් අයිස් මත් ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය හදිසියේ ඊයේ (07) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වී තිබෙන බව වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලය රැස්වන්නේ අඟහරුවාදා දිනයේ වුවත් ජනාධිපතිවරයා හෙට (09) දිනයේ පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස් ගත වන බැවින් මෙලෙස හදිසියේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇති බව පැවසෙනවා. එමෙන්ම ආරක්ෂක මණ්ඩලය ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වී තිබෙන අතර සාමාන්‍යයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වන්නේ […]