පරිගණක පද්ධතියේ ඇතිවු වු දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක කෙරනෙ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය සිකුරාදා දිනයේ පරිගණක පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාළිකව නවතා දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණු අතර මේ වන විට එම […]
දිවයිනේ සබරගමුව, මධ්‍යම සහබස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා සහ […]
ඉරාකයේ ඓතිහාසික බැබිලෝන් නගරය ඇතුළු තවත් ස්ථාන කිහිපයක් ලෝක උරුම ලැයිස්තුවට එක්කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබෙනවා. යුනෙස්කෝ සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ ඓතිහාසික බැබිලෝන් නගරය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ඉරාකය ඉල්ලීම් කර වසර 30 කට පසුවයි. බැබිලෝන් නගරය සැලකෙන්නේ ඉරාකයේ පිහිටි පස්වැනි ලෝක උරුමය ලෙසයි. පෞරානික බැබිලොන් නගරය යුප‍්‍රටීස් නදී ඉවුරේ පිහිටා තිබෙනවා. […]
ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද පැවැත්වෙනවා. ඒ ලීඞ්ස් හීදීයි. තරගාවලියේ 44 වන තරගය වන මෙය පස්වරු 03 .00 ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දියාවට ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමට මෙම තරගයේ ජයග‍්‍රහණය වැදගත්. ඉන්දියාව මේ වන විට සහභාගි වූ තරග අටෙන් හයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 13 ක් […]
කොත්මලේ බ්ලූම් ෆිල්ඩ් වතුයායේ නිළධාරීන්ට ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. වතු කම්කරුවන් පිරිසක් විසින් එම නිළධාරීන්ට හා ඔවුන්ගේ දෙපල වලට පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ. වතු පාලන අධිකාරියේ සිව් දෙනෙකු තුවාල සිදුවීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත ඇතුලත්කර තිබෙනවා. වතු කම්කරුවන්ට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ බාරකාර අරමුදල් මාසිකව ඔවුන්ගේ ගිණුම් වලට බැර […]
දිවියන් සිව් දෙනෙකු සපාකෑම හේතුවෙන් ඉතාලියේ සර්කස් සංදර්ශන පුහුණුකරුවෙකු මිය ගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව තිබුනේ සංදර්ශනයක් සදහා අදාළ දිවියන් පුහුණුකරමින් සිටියදීයි. දිවියන් සපා කෑමෙන් බරපතල තුවාල ලබා සිටි 61 හැවිරිදි පුහුණුකරු රෝහල් ගත කිරීමේදි මියගොස් තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තුමෙන්තුවේ නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා නොමැතිව රැදි සිටි විදේශකයෙකු කොල්ලුපිටියෙදි අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලිසිය විසින් මොහුව අත් අඩංගුවට ගෙන ඇති අතර අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරිමට නියමිත බව වාර්තා වෙනවා.
දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට රජය කටයුතු කර ඇති බැවින් නැවත මහජනයා අපහසුතාවට පත්වන අකාරයෙන් කටයුතු නොකරන ලෙස ඉල්ලීමක් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. පලාලි ගුවන්තොටුපොළ නවීකරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර පසුගියදා දුම්රිය ගැටළු සම්බන්ධ සාකච්ඡා සාර්කථකව අවසන් කර ඒ […]
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සියලු දෙනාගේ ජීවිතවලට වටිනාකමක් ලබා දිය හැක්කේ රට එක් නීතියක් යටතට ගෙන ඒමෙන් පමණක් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.අම්පාර නඟර ශාලාවේ ඊයේ පැවති ජාතික මඟ සම්මන්ත්‍රණයට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.වෙන් වෙන් වශයෙන් වු ඉඩම් නීති, විවාහ නීති, ලෙස […]
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්තීන් වර්තමානය වනවිට වෙනස් වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා. යක්කල වීරගුල ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින්ට ද්‍රව්‍යමය ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පළ කර තිබෙනවා. තමාගේ මව පියා සහ තමන් විසින් ගොඩ නැගූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නොමැති බවත් පක්ෂයේ […]
අමෙරිකාවේ දකුණු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ රිච්ටර් ඒකක 7.2ක ප්‍රභලත්වයෙන් භුකම්පනයක් සිදුව ඇති බව එරට භුවිද්‍යා සමික්ෂණ ආයතනය පවසනවා. ඉකුත් බ්‍රහස්පතින්දා වාර්තාවු රිච්ටර් ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් පසු සිදුවු ප්‍රබලතම භුකම්පනය මෙය වන අතර දශක දෙකක් තුල කැලිෆෝනියාවට බලපෑ විශාලතම භුකම්පනය මෙය බවයි විශේෂඥයින් පවසන්නේ. එමෙන්ම ඒකක 7.2ක ප්‍රබල භුකම්පනය සිදුව ඇත්තේ දකුණු දිග කැලිෆෝනියාවේ කාන්තාර […]
ඉස්ලාම් ළමා විවාහ නීතිය ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඊයේ(05) මාතර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා. විවාහය නාමයෙන් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගම වැළඳගැනීමට සිදුව ඇති පිරිස්වලට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ද එම පනත් කෙටුම්පතින් ලබාදෙන බව රතන හිමියන් පෙන්වා දෙනවා. පාසල් […]