අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් “යු.ටී.එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා” ජාත්‍යන්තර උසස් අධ්‍යාපන විද්‍යාලය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ඊයේ කොළඹදී පැවැත්වුණා. ඔස්ට්‍රේලියාවේ අංක එකේ නවීන විශ්ව විද්‍යාලයක් වන UTS මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනයේ ජාත්‍යන්තර ඉගෙනුම් අවස්ථා සඳහා යොමුවීමේ අවස්ථා උදා කර දී ඇති බව පැවසෙනවා.මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි […]
සංවර්ධිත රටවල් මෙන් අපේ රටේ ද තවත් නොබෝ කලකින් පෙළපොත් අභ්‍යාස පොත් වෙනුවට පරිගණක යන්ත්‍ර මඟින් අධ්‍යාපන ක්‍රියාකාරකම් සිදු කළ හැකි රටක් වන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා. “ළඟම පාසල හොඳම පාසල”වැඩසටහන යටතේ මැදවච්චියේ මෛත්‍රීපාල සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැඟිල්ල […]
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් විසින් සැළසුම් කළ ප‍්‍රභල අපරාධ සිද්ධින් 04 කට අදාළ විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ කලූතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිදුවීම ද ඊට ඇතුළත් බවයි. පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ නිළධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබදව ද විමර්ශන ආරම්භ […]
යාපනය පලාලි ගුවන් තොටුපළ, කලාපීය ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරෙන බව පැවසෙනවා. අගෝස්තු මාසයේ පළමුවන සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූළික අරමුණ බව වැඩිදුරටත් සදහන් වෙනවා. මේ සඳහා දැනට අයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2,250ක්. ඒ සඳහා ඉන්දීය රජයෙන් […]
කැලණිය වරාගොඩ ප්‍රදේශයෙදි හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරොද රථයකින් අලෙවි කිරිම සදහා හෙරොයින් ග්‍රෑම් 215 ක් මෙලෙස ප්‍රවාහනය කරමින් සිටියදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් එම ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමදි මොහු අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය වැඩි දුරටත් සදහන් කලේ.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ නිතීඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ විජේරාම නිල නිවසෙදි පැවැත්වුණු බව වාර්තා වෙනවා. ඒහිදි නිතීඥ සංගමය විසින් සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුමස සහ මිලේනියම් කෝපරේෂන් යන ගිවිසුම් සහ එ නිසා ඇති විය හැකි ප්‍රති විපාක පිළිබද විපක්ෂනායක වරයා දැනුවත් කළ බව විපක්ෂ නායක කාර්‍ය්ලය සදහන් කලා. එමෙන්ම මිලියන 2.9 ක් වු […]
ජාතික හැදුනුම්පත් නිකුත්කිරිමේ පරිගණක පද්ධතියේ සිදුවු හදිසි බිද වැටීමක් හේතුවෙන් ජාතික හැදූනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව අද දිනයේ ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමෙන්තුව පවසනවා. එය මේ වන විට යථා තත්වයට පත් කරමින් සිටින බවද අද දිනයේ පමණක් මෙම සේවාව ක්‍රියාත්මක නොවන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කලා.
දිවයිනේ සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කළා. ඒ හැරුණු විට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ […]
දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාති‍්‍ර සිට ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ රාජකාරීවලට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුකරන බවට චෝදනා කරමින් සියලුම ශ්‍රේණිගත දුම්රිය වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂවලට අනුබද්ධ දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රී සිට කලින් දැනුම් දීමකින් තොරව වර්ජනයක් ආරම්භ කර තිබුණා. ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග […]
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය නවතා තිබෙනවා. බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ප‍්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමින් දුම්රිය වෘත්තීය සමිති ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අත්අඩංගුවේ පසුවන මධූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධූෂ් විසින් සිදුකරන ලද අනාවරණය පරිදි සොයාගත් ගිනි අවිවල ඡායාරූප පහතින්.
සීගිරිය, තල්කොටේ, සියඹලන්කොරටුවයාය ප‍්‍රදේශයේ අනවසරයෙන් කැණීම් සිදුකළ පුද්ගලයන් 5 දෙනෙකු අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙන බව සීගිරි පොලීසිය පවසනවා. නටඹුන් සහිත ස්ථානයක් වන මෙහි අඩි 8 ක් දිගට සහ අඩි 8 ක් පළලට සැකකරුවන් විසින් අනවසරයෙන් කැණීම් සිදුකර ඇති බවයි නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ. කැණීම් සදහා යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට […]