News Line| Off Air
Generic placeholder image

Jul
3

මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වලට අද දැඩි උණුසුම් කාලගුණයක්

Generic placeholder image

මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට අද දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම ප‍්‍රදේශවල ජනතාව අවධානය යොමුකළ යුතු බවයි. මේ දින වල පවතින උණුසුම් කාළගුණය හේතුවෙන් සෞඛ්‍ය අංශද උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. උණුසුම් සහිත කාළගුණයට වැඩි වේලාවක් නිරාවරණය වී සිටීමෙන් තෙහෙට්ටු […]


Jul
3

කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ, පළමු පෙරහැර අද

Generic placeholder image

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ, පළමු පෙරහර අද රාත‍්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. සධාතකු කරඬුව හස්තිරාජයාගේ පිට තැන්පත් කර අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහර අෂ්ටඵල බෝධිය වටා මහා දේවාලය පිටුපසින් ප‍්‍රදක්ෂිණා කර ප‍්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත් වනු ඇති. පෙරහර ප‍්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කරනු ලබනවා. […]


Jul
3

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය අද විවෘත වෙයි

Generic placeholder image

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය අද විවෘත වනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. පොළොන්නරුවේ ඉදි කර ඇති තාක්ෂණ කෞතුකාගාරය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 900ක්. මෙය ප‍්‍රධාන මහල් 03කින් සමන්විත අතර බිම් මහලෙන් පොළොන්නරු යුගය පිළිබද කෙටි හැදින්වීමක් ලබා දෙමින් එම යුගයට අයත් කෞතුක භාණ්ඩ ප‍්‍රදර්ශනය කර තිබෙනවා. මෙම තාක්ෂණ […]


Jul
3

චීන දුමිවැටි ආනයනය තහනම් – රාජිත

Generic placeholder image

චිනයෙන් දුමිවැටි ආනයනය නතර කිරීමට ආමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ජනධිපතිවරයගේ ප්‍රධානත්වයෙන් ඊයේ අමාත්‍ය මණ්ඩලය රැස් වු අතර ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙ බව සඳහන් කළේ.


Jul
3

ගත වූ පැය 24 තුළ හොරොයින් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ගත වූ පැය 24 තුළ සිදු කළ වැටලීම් වලින් හොරොයින් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර ගල්කිස්ස කොළඹ 14 බොරැුල්ල සහ බදුල්ල ප‍්‍රදේශ වල සිදු කළ මෙහෙයුම් වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් අද අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාතික මත්ද්‍ර‍ව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සිදු කල දීප ව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් වලදී […]


Jul
3

රක්ෂිත බන්ධනාගාර ගත කල පුජිත් සහ හේමසිරි කරුණු දැක්වීමට අද අධිකරණයට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යාවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ බව පොලිසිය පවසනවා. රෝහල් ගතව සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ […]


Jul
3

හෙටත් දුම්රිය නැතිවේයිද? තීරණය මෙන්න

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිම්න් සෑම බ‍්‍රහස්පතින්දාවකම මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. රජය විසින් දුමිරිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගිය සතියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. එයද නොතකමින් පසුගිය බ‍්‍රහස්පතින්දා දින සැලසුම් කල පරිදි වැඩවර්ජනය ක්‍රියාත්මක කලද මේ […]


Jul
3

බංලාදේශයේත් ලෝක කුසලාන බලාපොරොත්තුව සිහිනයක් වෙයි

Generic placeholder image

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 28 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාති‍්‍රයේ සමත් වුණා. ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම වන්නේ ද ඉන්දීය කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 ක් අවසානයේදී කඩුළු 9 ක් දැවී ලකුණු 314 ක් රැස් […]


Jul
3

දිමුත් සහ හොල්ඩර් තරග තහනමකට ලක්වීමේ අවධානමක

Generic placeholder image

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පසුගිය සිකුරාදා දින පැවැති තරගයේ දෙපිලෙම නායකයින් නියමිත කාලය තුල පන්දුවාර 50 යවා අවසන් නොකිරිම හේතුවෙන් නයකයින් දෙදෙනාට තරග ගාස්තුවෙන් සියයට 40 ක් බැගින් දඩ නියම කර ඇති බව වාර්තා වෙනවා. ඊට අමතරව සෙසු ක්‍රිඩකයින් සියලු දෙනාට තරග ගාස්තුවෙන් සියයට 20 […]


Jul
2

ජනපතිට ජීවිත තර්ජන

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දියත් කර තිබෙන වැඩපිලිවෙල හේතුවෙන් තමන්ට ජිවිත තර්ජන එල්ලවී ඇති බව මහවැලි ඉඩම් ඔප්පු බෙදා දීම සඳහා පොළොන්නරුවේදී අද (02) සවස පැවැත්වෙන උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකශ කළා. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ එල්ලවී ඇති ජිවිත තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තමන්ව දැනුවත් කරනු ලැබූ බවයි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව වරදකරුවන් බවට පත්ව […]


Jul
2

පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට

Generic placeholder image

නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි  පොලිස්පති පුජිත් ජයසුන්දර මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදැසන අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පොලිස්පතිවරයා රෝහල් ගතවුවා. ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාර වලක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සැකකරුවන් ලෙස නම් […]


Jul
2

හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් වරයා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීයි. තවමත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ගේ භාරයේ පසුවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post