කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය මෙ වන විට පැවැත්වෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ යළි ආසිරි ගන්වා විවෘත කෙරුණා. ඒ, පාස්කු ඉරිදා ම්ලේච්ඡ් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී දින 52 කට පසුවයි. දේවස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අගරදගුරු හිමිපාණන්ගේ […]
රටේ ආර්ථිකය අගාධයට රැගෙන ගිය සෑම හොරෙක්ම අත්අඩංගුවට ගන්නා බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසනවා. එලෙස හොරු අත්අඩංගුවට ගැනීමට ඉතාමත්ම බලවත් කොමිසමක් පත් කරන බවත් අගමැතිවරයා පොරොන්දු වී තිබෙනවා. දැනටත් ඉම්රාන් ඛාන් රජය, දුෂණ චෝදනා එල්ල වී ඇති දේශපාලඥයන් අත් අඩංගුවට ගැනීම අරඹා තිබෙන අතර ඒ යටතේ හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හිටපු ජනාධිපති අසිෆ් අලි […]
පොලීසියේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර බැණ මරණීය තර්ජනය කිරීමේ චෝදනාවකට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කේ.ජී. පියතිස්සට රුපියල් දහසක දඩයක් සහ මාසයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුවේ තීන්දුව මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා විසින් ඊයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 2015 වසරේ මාවනැල්ල ප්‍රදේශයේදී පොලීසියේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර බැණ […]
සවුදි පොලිස් අත්අඩංගුවේ සිටින සහරාන්ගේ අන්තවාදී කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වන අතර ඔහු රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සවුදිය බලා පිටත්ව ගියේ පසුගිය 11 වැනිදායි. මොහොමඞ් මිල්හාන් නොහොත් අබු සීලන් නමැති එම සන්නද්ධ අංශ නායකයා මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට […]
උතුරු කොරියා රජයට අයත් ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලබන ස්ථාන 318 ක් හඳුනාගැනීමට හැකි වූ බව දකුණු කොරියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් පවසනවා. මෙම තොරතුරු අණාවරණය කර ඇත්තේ ට්‍රාන්සිෂනල් ජස්ටිස් වර්කින් ගෘෘප් නැමැති සංවිධානය විසින්. උතුරු කොරියාවෙන් පලා ගිය පුද්ගලයන් 610 දෙනෙකු සමග වසර හතරක කාලයක් සිදුකළ සාකච්ඡා වලින් අනතුරුව මෙම වාර්තාව සකස් කර තිඛෙනවා […]
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත් කරෙණු විශේෂ තේරීම් කාරක සභාව අද යළි රැස් වනවා.සාක්ෂි විමසීම සදහා කැදවා ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ එල් ඒ එම් හිස්බුල්ලා හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතායි. කාරක සභාව රැස් වන 05 වන අවස්ථාව මෙයයි. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර […]
අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශ වල පාසල් 11 ක් අද සිට වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා එම තීරණයට එළඹ ඇත්තේ පොසොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා අනුරාධපුරයට පිට පළාත් වලින් පැමිණෙන පොලිසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහායි. අනුරාධපුර මාධ්‍ය විද්‍යාලය,ස්වර්ණපාලි ජාතික පාසල,ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,ශාන්ත […]
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිල සංචාරයක් සඳහා අද ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.ඒ චිනයේ ෂැංහයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටළු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා සහභාගී වීම සදහායි. ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට ජනාධිපතිතුමා මෙම සංචාරයට එක් වනවා.ලබන 15 වැනිදා ජනාධිපතිතුමා මෙම සමුළුව ඇමැතිමට ද නියමිතයි. මෙම […]
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා එම අමාත්‍යාංශය සදහන් කලේ ලංකා ගමනා ගමන මණ්ඩලය දුම්රිය දෙපාර්තමේන්තුව හා ජාතික ගමනා ගමන කොමිශන් සභාව එක්ව මෙම ඒකාබද්ධ ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක කරන බවයි පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා ලබන 14 වනදා සිට 18 වනදා අලූයම දක්වා […]
කිලෝ මිටර 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව තද සුළං පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට පැයට කිලෝ මීටර 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ වල සුළගේ […]
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් අධිකරණයේ නිරීක්ෂණය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය මැයි මස 8 වනදා ද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන තිබුණේ. එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ කංජිපානි ඉම්රාන්ට මනුෂ්‍ය ඝාතන, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු […]
අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට විරෝධය පල කිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් වෛද්‍යවරුන් තීරණය කර ඇත. අද (12) දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසුවේය. […]