News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
15

මාවනැල්ලේදී අත්අඩංගුවට ගත් දෙදෙනාත් මරාගෙන මැරෙන්න දිවුරුම් දී ඇති බව අනාවරණ වෙයි

Generic placeholder image

මාවනැල්ල හිගුල ප්‍රදේශයේ දි පසුගියදා අත්අඩංගුවට ගැනුණු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනාද මරාගෙන මැරෙන ප්‍රහාරයකට දායක වන බවට දිවුරුම් දුන් පුද්ගලයින් බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වි තිබෙනවා. මොහොමඞ් රාසික් මොහොමඞ් රිස්වි සහ මොහොමඞ් මුස්තාෆා මොහොමඞ් රිස්වාන් යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ රහසිගතව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකදී වන අතර පසුව අනාවරණ වී ඇත්තේ සහරාන් […]


Jun
15

මිල්හාන් අල්ලන්න රතු නිවේදනය හේතු වුණ බව ජාත්‍යන්තර පොලිසිය කියයි

Generic placeholder image

තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඞ් මිල්හාන් නැමැති පුද්ගලයා සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනය ද බෙහෙවින් ඉවහල් වු බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය පෙන්වා දෙනවා. ජාත්‍යන්තර පොලීසියේ මහලේකම් යෝගන් ස්ටොක් ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමේ කොටසක් ලෙස අදාළ රතු […]


Jun
15

කයිට්ස් දුපතෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

Generic placeholder image

යාපනය – කයිට්ස් – තිරතිව් දූපතේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් සිදුකළ මෙම වැටලීමේදි මිශ්‍ර පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 98 ක් සහ සේවා නූල් කැබලි 21 ක් සොයාගනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නති අතර […]


Jun
15

ඉල්ලීමක් කළහොත් යලි අමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් බව කබීර් හෂිම් මන්ත්‍රීවරයා කියයි

Generic placeholder image

ඉල්ලීමක් කළහොත් ‍යලි අමාත්‍ය ධුරයේ වගකීම් භාරගැනීමට සූදානම් බව කබීර් හෂිම් මන්ත්‍රීවරයා පවසන අතර තමා ඇතුළු මුස්ලිම් දේශපාලනිකයින් සිය ධුර වලින් ඉල්ලා අස්විමට තිරණය කළේ රට ගැන සිතමින් බවයි ඔහු කියා සිටියේ. අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැකිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කබීර් හෂිම් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. එහිදි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් […]


Jun
15

හිස්බුල්ලා TID යට යයි

Generic placeholder image

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා. 2019 අප්‍රේල් 22 වන දින රාත්‍රී 10ට පමණ ඇඳිරි නීතිය බලපැවැත්වෙන් අවස්ථාවේ කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැකසහිත ලෙස අරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇරඹි විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් […]


Jun
14

නවසීලන්ත සමූහ ඝාතකයා නිවැරදිකරු බව අධිකරණයට කියයි

Generic placeholder image

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දී පසුගිය මාර්තු 15 වන දා මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල කොට බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කළ අන්තවාදී සුදු ජාතිකයා තමා නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ක්‍රයිස්චර්ච් මහාධිකරණයේදී අද ප්‍රකාශ කෙරුණු අතර, අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිටින බ්‍රෙන්ටන් ටැරන්ට් ඊට සවන් දුන්නේ වීඩියෝ සම්බන්ධතාවයකින්. 27 හැවිරිදි ත්‍රස්ත […]


Jun
14

අද සහ හෙට විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහනක්

Generic placeholder image

සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.මේ හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර. මහනුවර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙලෙස ඩෙංගු අවදානම පවතින […]


Jun
14

ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයට

Generic placeholder image

ත‍්‍රස්ත ප‍්‍රහාරය සමබන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප‍්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසනවා. සැකකරුවන් 25 දෙනෙකු ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය භාරයේ රඳවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.


Jun
14

බිය නොමැතිව පොසොන් සමරන්න – රජය කියයි

Generic placeholder image

එළඹෙන පොසොන් පොහොය බියෙන් හෝ සැකෙන් තොරව ශ‍්‍රද්ධාවෙන් සමරන්නැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සියලූ බෞද්ධ සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා. වන්දනා ගමන් සංවිධාන කරන්නේ නම් ඒ සඳහා ද අවහිරයක් නොමැති බවයි අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ. ගෙවුනු වෙසක් පොහොය ශ‍්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ට සැමරීමට සිදුවූයේ ආරක්ෂාව පිළිබඳ සැකසංකා ද පවතිද්දීයි. එහෙත්, මේවනවිට රටපුරා ආරක්ෂාව තහවුරු කර […]


Jun
14

පාසල් වල අරක්ෂාව වෙනුවෙන් තවදුරටත් දෙමවුපියන් සම්බන්ධ කරනොගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය යළි දැනුම් දෙයි

Generic placeholder image

පාසල් වල ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන් සම්බන්ධ කර ගැනීම නතර කල යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය යළි දැනුම් දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කලේ ඇතැම් පාසල් වල ආරක්ෂක කටයුතු සදහා මව්පියන් යොදා ගැනීමේ දී ඔවුන් අපහසුතාවයට පත් වන සිදුවීම් ද වාර්තා වී ඇති බැවින් මෙම පියවර ගත් බවයි. ගැබිණි මව්වරුන් ද ආරක්ෂක කටයුතු සදහා යොදා […]


Jun
14

තරුණයින් 11ක් පැහැර ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නාවිකයා දැඩි කොන්දේසි සහිතව මුදාහරී

Generic placeholder image

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී නාවික හමුදා නිලධාරියා දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. අදාළ සිද්ධියේ 11 වන සැකකරු ලෙස නම් කර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික නිලධාරී සංජීව ප්‍රභාත් සේනාරත්න […]


Jun
14

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අද ජනපති කොමිසම හමුවට

Generic placeholder image

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා 2015/2018 වර්ෂවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද පැමිණියා. මඩකලපුව – පුනානි ප්‍රදේශයේ ඉදිකෙරෙන මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙම හමුවට පැමිණ ඇත්තේ. එම කොමිසමට අද දිනයේ අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ කළමනාකාරවරයා ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post