News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

යාපනයේ කිතුණු දේව් මැඳුරක සුරුවමක් කඩා දමයි

Generic placeholder image

යාපනය,මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද(17) අළුයම කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇති බව යාපනය පොලීසිය පවසනවා. ධීවර රැකියාව සඳහා යන පිරිසක් සුරුවම කඩා දමා ඇති බව දැක පොලීසිය දැනුවත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පැවසූවේ අරියාලෙයි,මනියම්තෝට්ටම් ප්‍රදේශයේ පැවති මාතා සුරුවමක් දෙව් මැදුරු කුටියෙන් ඉවතට ගෙන කිසියම් පිරිසක් සුරුවම මාර්ගයේ දී කඩා […]


Jun
17

නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණු අතර සාකච්ඡා කල් යයි

Generic placeholder image

නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා. පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙම සාකච්ජාවට එක්වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත කියා සිටියේ නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මෙම සාකච්ඡාව මේ මස 26 වැනිදා පස්වරු 4 ට පැවැත්වීමට දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණි බවයි.


Jun
17

ශ්‍රී ලංකාවට මහේලගෙන් උපදෙසක්

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලකුණු 87ක අවාසනාවන්ත පරාජයකට මුහුණ දුන් නමුත් ඔවුන්ට තවමත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තිබෙනවා. මෙම පරාජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූයේ ඔවුන්ට බංගලාදේශ තරගය හා පාකිස්තාන තරගය යන තරග දෙකම වැස්සට සේදී ගිය නිසයි. ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා ලකුණු 335ක ඉලක්කය හඹා යෑම […]


Jun
17

ශ්‍රි ලංකවට ලැබුණු තණතිලි ගැන අර්ජුනට ප්‍රශ්නයක්

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රි ලංකා කණ්ඩායමට තරඟ කිරීම සඳහා ලබා දි තිබු තණතිලිවල ප්‍රමිතිය පිලිබඳ තමන් සැහීමකට පත් නොවන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතා ඊයේ මව් රට සංවිධානයේ ප්‍රජා සත්කාරයකට එක් වෙම්න් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියාය. එහිදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් අදහස් කලේ “ක්‍රිකට්වල දිනනවා […]


Jun
17

මෙවර ජනාධිපතිවරණයට එ.ජා.ප යෙන් නම් තුනක්

Generic placeholder image

එළඹෙන ජනපතිවරණය සඳහා දේශපාලන පක්ෂ බෝහොමයක ජනපති අපේක්ෂකත්වය සඳහා නම් යෝජනා වි තිබෙනවා.පොදු ජන පෙරමුණ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මුල් පෙළ නම් අතර තිබෙන අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මනෝ ගනේෂන් මහතා කියා සිටියේ කරූ ජයසූරිය මහතා ඇතුළු තිදෙනෙකුගේ නම් […]


Jun
17

පස්වරු දෙකෙන් පසු කාළගුනික තත්වය

Generic placeholder image

බස්නාහිර,මධ්‍යම වයඹ සහ නැගෙනහිර ඌව පළාත් වලත්, ගාල්ල, මාතර යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව පවසනවා. තවද තද වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තද සුලං සහ ඇති වෙන අකුණු මඟින් වන අනතුරු අවම කර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේ.


Jun
17

ඉන්දු පකිස්තානු ක්‍රිකට් ගැටුමෙන් ඉන්දියාවට ජය

Generic placeholder image

එක්දින ලෝක කුසලන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දු -පාකිස්තාන තරඟයෙන් ඩක්වර්ත් ලුව්ස් න්‍යායට අනුව ලකුණු 89 ක ජයක් ඉන්දීය කණ්ඩායම ලබා ගැනීමට සමත් වුණා. ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රිඩාංගනයේ දි ඊයේ පැවැති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීයාව පන්දුවාර 50 තුළදි කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 336ක් රැස් කළා. රෝහිත් ශර්මා ලකුණු 140 ක් රැස් කළා. පන්දු යැවීමෙදි පාකිස්තාන කන්ඩායමේ […]


Jun
15

ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා ආසියාවේ සියලු රටවල බැඳීම වැදගත් – ජනපති කියයි

Generic placeholder image

ආසියාවේ සියලු රටවල් අතර තිබෙන බැඳීම සහ සහෝදරත්වය ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරමින් සාමය සහ ආර්ථික සමෘද්ධිය උදා කර ගැනීමට කැපවීමේදී ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ පස්වන සමුළුව ටජිකිස්ථානයේ – දුෂාන්බේ නුවරදී අද අමතමින්. ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය […]


Jun
15

යුනිසෙෆ් ශ්‍රී ලංකා ලාංඡනයෙන් දෙමාපියන් ඉවත්කෙරේ

Generic placeholder image

හෙටට යෙදී ඇති ලෝක පියවරුන්ගේ දිනය තේමා කර ගනිමින් ශ්‍රී ලංකාවට අදාළව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වසර 70 ක් පැරණි ලාංඡනයේ සටහන්ව ඇති මව සහ දරුවා ලාංඡනයෙන් මව සංකේතාත්මකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. දරුවන්ගේ පළමු පස් වසර තුල ඔවුන්ගේ කායික හා මානසික වර්ධනය සදහා දෙමාපිය රැකවරණය අත්‍යාවශ්‍ය බව ජගත් සංවිධානයේ අදහස වන අතර ශ්‍රී […]


Jun
15

ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගයට අත්සන් ලබා ගැනීම ලබන අඟහරුවාදා ඇරඹේ

Generic placeholder image

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබා ගැනීම ලබන අඟහරුවාදා සිට ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා කියා සිටියේ එදින පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාව පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි. මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට […]


Jun
15

ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක්

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා. ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ. මේ සදහා දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් එක්වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළා.


Jun
15

පොසොන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

Generic placeholder image

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා මේ වන විට ක්‍රියාත්මක වනවා. ඒ අනුව රජරට කොළඹ, මහනුවර සහ ගම්පහ මෙන්ම වයඹ ප්‍රදේශ ආවරණ වන පරිදි ලංගම බස්රථ 600 ක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක බවත් කොටුව – අනුරාධපුරය, මහව – අනුරාධපුරය හා අනුරාධපුරය – බෙලිඅත්ත යන ගමනාන්ත වෙතද […]


News Articles
Latest Videos
Most Popular Post