නැවතත් සිය ධුර භාර ගැනීම පිළිබදව තීරණයක් ගැනීම සඳහා පසුගිය දා තනතුරුවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් පිරිස අද විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 4ට හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිගේ කොළඹ පිහිටි නිවසේදී අදාළ සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ඉල්ලා අස්වූ අමාත්‍යවරයෙකු කියා සිටියේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව සිදුකරන පොලිස් පරීක්ෂණ […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේ පෙරළිකාර ජයක් වර්තා කිරිමට බංගලදේශය සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 321 රැස් කළා. ලකුණු 322 ඉලක්කයක් හඹා ගිය බංගලදේශ කණ්ඩායම සකිබ් අල් හසන්ගේ සහ ලිටන් දාස්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා පන්දුවාර 41 […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ඩුබායි රටේ සිට හෙරොයින් ජාවාරම් කල ජාත්‍යන්තර මත් කුඩු ජාවරමේ නිරත වු කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ගෝලයාට කොලඹ් මහධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා විසින් අද බරපතල වැඩ සහිතව ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළා. චෝදනාවන්ට ලක් වී මෙලෙස දඩුවම් කරන ලද්දේ ගෝල රකින්නකු වශයෙන් කොළඹ ප්‍රසිද්ධ පාපන්දු කණ්ඩයමක් නියෝජනය කළ කමල් නිශාන්ත හෙවත් මහත්තයා නමැත්තාටයි. 2013 අගොස්තු […]
පොසොන් උත්සවයට සමඟාමිව දිවයින පුරා දන්සැල් 8112 පරීක්ෂාවට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහිදි නුසුදුසු තත්ත්වයේ තිබු දන්සැල් 72 කට නීතිමය අවවාද දුන් බව එම සංගමයේ ලේඛම් මහෙන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියා. අද දිනය තුල උතුරු මැද පළාත ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක දන්සැල් පරීක්ෂාවට ලක් කරන බව ද ඒ මහතා වැඩි […]
මෙරට සිංහල සංස්කෘතිය බිහිවූ මල්වතු ඔය ආශ්‍රිතවද ඉදිරියේදී වාරියෝජනා ක්‍රමයක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පොසොන් පෝය දිනය නිමිත්තෙන් අනුරාධපුරය මිහින්තලා පුදබිමේ පැවති ආගමික වැඩ සටහනකට එක්වෙමින් සදහන් කළා. රාජ්‍ය පාලනය සඳහා එදා ලිච්ඡවී රජ දරුවන් දුන් උපදේශයන්ට අනුව වත්මන් ආණ්ඩුව හා ඇමැති මණ්ඩලය ක්‍රියා කරමින් සිටින බව ද වික්‍රමසිංහ මහතා එහිදී පැවසුවා. […]
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට මෙරට වේලාවෙන් අද(17) පස්වරු 3.45ට අද කක්ෂගත කිරීමට නියමිතව තිබේ. රාවණා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය. එම චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ භූමියේ පිහිටි නාසා ආයතන මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර […]
මෙරට ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව කරනු ලබන ක්‍රියා නැවතීමට කාලය එළැඹ ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සිතුල්පව්ව රජ මහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර සිතුල්පව්ව විහාරස්ථාන පොසොන් කලාපයේ ආලෝක පූජාව විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුනා. වෙසක් සැමරීමට අපට අවස්ථාව අහිමි වු […]
ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් 06 දෙනෙකුට පාර්ලිමේන්තු සභා ගර්භයේ හෙට සිට පසුපෙළ අසුන් පනවා ඇති අතර ඔවුන් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි කතානායකවරයාට ලබා දී ඇති හෙයින් අද දිනය තුල නව ආසන සංයුතිය සකස් කරනු ලබනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය කබීර් හෂීම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක […]
රතනපුර – පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ මොරතොට ප්‍රදේශයේදී අද (17) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පාසල් ළමුන් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ ළමුන් රත්නපුර සහ පැල්මඩුල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් කඩිනමින් දැනුවත් කිරීම සඳහා විදුලි බල මණ්ඩලයෙන් නව ජංගම දුරකතන යෙදවුමක් හදුන්වා දී තිබෙනවා.ඒ අනුව දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන හදිසි විදුලි බිදවැටිමක් බලධාරීන්ට ක්ෂණිකව දැනුම් දීමට මේමගින් අවස්ථාව සැළසෙනවා.ලංකා විදුලි බල මණ්ඩලයේ 50 වන සංවත්සරයට සමඟාමීව, ව්දුලි පාරිභෝගික සේවාවන් වඩාත් හොඳින් සිදු කිරිමට මෙම ජංගම දුරකතන මෘදුකාංගය හදුන්වාදීම අමාත්‍ය රවි කරුණානායක මහතාගේ […]
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා පලකළ අදහස් පිළිබඳව මෙතෙක් කිසිවෙකු හෝ අවධානය යොමුකර නොමැති බව කැළණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිම්න්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ත්‍රස්තවාදය සියයට අනුනමයක් අවසන් කර ඇති බවට පසුගියදා ආරක්ෂක ලේකම්වරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත පැමිණ ප්‍රකාශ කළ බවද සරත් ෆොන්සේකා […]