News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

ජනපති සහභාගි වන සමුළුව තජිකිස්ථානයේදී අද ඇරඹේ

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුව තජිකිස්ථානයේ දුෂාන් බේ නගරයේදී අද ආරම්භ වන අතර ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊට සහභාගි වීම සඳහා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සමුළුව ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේදී බහුජාතික සංසදයක් ලෙස […]


Jun
14

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මොහොමඩ් මිල්හාන් ඇතුළු ත්‍රස්තවාදින් 5ක් ඩුබායි සිට රැගෙන එයි

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු තවත් ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි සිට දිවයිනට රැගෙන විත් තිබෙනවා. අද (14) අළුයම මෙම සැකකරුවන් දිවයිනට රැගෙන විත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. මේ වන විට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවෙනවා.


Jun
13

ලංගම ජාතික සේවක සංගමයේ වර්ජනය අවසන්

Generic placeholder image

ප්‍රවාහන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලූ රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින්, ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා. මාසයක් තුළ සිය ඉල්ලීම් වලට විසඳුම් ලබාදෙන බවට ලබාදුන් එකගතා මත වර්ජනය අවසන් කිරීමට තීරණය කල බවයි ජාතික සේවක සංගමයේ උපලේකම්, සුනිල් ද සිල්වා මහතා කියා […]


Jun
13

ලසන්ත, තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 4 ක විමර්ශන අවසන් කරන ලෙස නීතිපතිගෙන් නියෝග

Generic placeholder image

ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතන ඇතුළු සිද්ධීන් 4 කට අදාල විමර්ශන කඩිනමින් අවසන් කර එම ලිපිගොනු තමන් වෙත එවන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත නියෝග කර තිබෙනවා. කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරින් පිරිසකට සහ මුතූර් හි ‘‘ඇක්ෂන් ප්ලෑන්’’ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ […]


Jun
13

‍මීළඟ කැබිනට් හමුව ලබන අඟහරුවාදා

Generic placeholder image

‍අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන 18 වනදා පැවැත්විමට තීරණය කර ඇති අතර මෙය ලිඛිතව දැනුම්දී ඇති බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පැවසුවා. විශේෂ කැබිනට් මණ්ඩල රැස්විමක් පසුගිය 07 වනදා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීම සදහා පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් එහිදී මතභේදකාරි තත්ත්වයක් හට ගත් බව වර්තා […]


Jun
13

ජාතික බුද්ධි සේවා ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කරයි

Generic placeholder image

ජාතික බුද්ධි සේවා ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කර තිබෙනවා. සෞඛ්‍ය හේතු මත දන්වමින් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ජාතික බුද්ධි ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ මෙම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මෙලෙස පත් කරනු ලැබුවා.


Jun
13

මිනුවන්ගොඩ සිද්ධිවලට මධුමාධව අත්අඩංගුවට ගැනීම අනවශ්‍ය බව නීතිපති අධිකරණයට දන්වයි

Generic placeholder image

ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති කරුණුවලට අනුව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද(13) […]


Jun
13

පොසොන් සමයේ එල්ල විය හැකී ඕනෑම තර්ජනයකට සූදානම්

Generic placeholder image

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා 8,000ක පමණ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බව උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත සඳහන් කරනවා. ඒ යටතේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 4,000ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,000ක්, සිවිල් ආරක්ෂක භටයන් 2,000ක් ආදී වශයෙන් මෙසේ ආරක්ෂාව සඳහා යෙදවීමට නියමිතයි. එමන්ම සුවිශේෂී රථවාහන සැලැස්මක්ද […]


Jun
13

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය අදයි

Generic placeholder image

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය මෙ වන විට පැවැත්වෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ වසා දැමුණු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ යළි ආසිරි ගන්වා විවෘත කෙරුණා. ඒ, පාස්කු ඉරිදා ම්ලේච්ඡ් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී දින 52 කට පසුවයි. දේවස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අගරදගුරු හිමිපාණන්ගේ […]


Jun
13

ඉම්රාන් ඛාන් දූෂිත දේශපාලඥයන් අත්අඩංගුවට ගැනීම ඉක්මන් කරයි

Generic placeholder image

රටේ ආර්ථිකය අගාධයට රැගෙන ගිය සෑම හොරෙක්ම අත්අඩංගුවට ගන්නා බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසනවා. එලෙස හොරු අත්අඩංගුවට ගැනීමට ඉතාමත්ම බලවත් කොමිසමක් පත් කරන බවත් අගමැතිවරයා පොරොන්දු වී තිබෙනවා. දැනටත් ඉම්රාන් ඛාන් රජය, දුෂණ චෝදනා එල්ල වී ඇති දේශපාලඥයන් අත් අඩංගුවට ගැනීම අරඹා තිබෙන අතර ඒ යටතේ හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හිටපු ජනාධිපති අසිෆ් අලි […]


Jun
13

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයාට මාසයක සිර දඩුවමක්

Generic placeholder image

පොලීසියේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර බැණ මරණීය තර්ජනය කිරීමේ චෝදනාවකට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කේ.ජී. පියතිස්සට රුපියල් දහසක දඩයක් සහ මාසයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුවේ තීන්දුව මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා විසින් ඊයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 2015 වසරේ මාවනැල්ල ප්‍රදේශයේදී පොලීසියේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර බැණ […]


Jun
13

සහරාන්ගේ සන්නද්ධ අංශ නායකයා මෙරටට ගේන්න සියල්ල සූදානම්

Generic placeholder image

සවුදි පොලිස් අත්අඩංගුවේ සිටින සහරාන්ගේ අන්තවාදී කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වන අතර ඔහු රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සවුදිය බලා පිටත්ව ගියේ පසුගිය 11 වැනිදායි. මොහොමඞ් මිල්හාන් නොහොත් අබු සීලන් නමැති එම සන්නද්ධ අංශ නායකයා මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට […]


News Articles
Latest Videos
Most Popular Post