News Line| Off Air
Generic placeholder image

Apr
27

ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි සංවිධාන තනහම්

Generic placeholder image

ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි සංවිධාන කර තිබෙනවා. 2019 අංක 1 දරණ හදිසි අවස්ථා නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පියවර ගෙන තිබෙන්නේ.ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇති. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, […]


Apr
27

කදාන පොලිසිය ඉදිරිපිට සැකකටයුතු පාර්සලයක්, නාවික හමුදාව පාලන පිපිරවිමක් සිදුකරයි – පුපුරණ ද්‍රව්‍ය කිසිවක් නහැ

Generic placeholder image

කඳාන පොලිසිය ඉදිරිපිට තිබි සැකකටයුතු පාර්සලයක් නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් පාලන පිපිරවිමක් සිදුකර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ එම සැකකටයුතු පාර්සලය තුල තිබි පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු නොවු බවයි.


Apr
27

සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරීම් සිදුවූ ස්ථානයේ තිබී මළ සිරුරු 15ක් හමුවෙයි

Generic placeholder image

ඊයේ රාත්‍රියේ පොලීසියට ලද තොරතුරක් මත කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සැක කටයුතු නිවෙසක් පරීක්ෂා කිරීමට පොලීසිය ක්‍රියාත්මක වූ බවත් එහිදී පිපිරීම් කිහිපයක් සහ ආරක්ෂක අංශ වෙත වෙඩි තැබීමක්ද වාර්තා වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. ඔහු වැඩි දුරටත් පවසා සිටියේ අද උදෑසන පිපිරීම් සිදු වූ නිවෙස පරීක්ෂා කිරීමේදී පිරිමි පුද්ගලයින්ගේ මළ සිරුරු 3ක් කාන්තා මළ […]


Apr
27

සුළි කුණාටුවක අනාවැකි

Generic placeholder image

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය අද පෙ.ව 02.00 වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කි.මී 800 පමණ දුරින් උතුරු අක්ෂාංශ 4.0 ත් නැගෙනහිර දේශාංශ 88.1 ත් ආසන්නව ස්ථානගතව පවතීන බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව ප්‍රකාශකර සිටියා.මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව […]


Apr
27

කල්මුණේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි

Generic placeholder image

කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.පොලිසිය පවසන්නේ ඊයේ (26) රාත්‍රීයේ එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බවයි. පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව එක්ව එම ප‍්‍රදේශයේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේ ඉන් පසුවයි. එම අවස්ථාවේ පිපිරීම් කිහිපයක් සිදුවූ බවද වාර්තා වුණා. දෙපාර්ශවය අතර හටගත් වෙඩි හුවමාරුවලින් […]


Apr
27

ඉදිරි ජනාධිපතිවරණයට මම තරග කරනවා – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි

Generic placeholder image

තමන් ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියා.බුද්ධි අංශ ශක්තිමත් කිරිමට, හිස ඔසවා තිබෙන මුස්ලිම් අන්තවාදයෙන් ජනතාව බේරා ගැනිම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරිමට තමන් කැපවෙන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර සිටියා. “මේ සිදුවිමේදි රජය කලබලයට පත්වෙලා ඉන්නේ. ඔවුන් මේ […]


Apr
26

කල්මුණේ ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඇඳිරි නිතිය පනවයි

Generic placeholder image

කල්මුණේ චවලකඩේ සමන්තුරේ යන ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මකවන පරිදි දැන් සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.


Apr
26

පාසල් හා සරසවි යළි විවෘත කිරීම මැයි 06 දක්වා කල් යයි

Generic placeholder image

පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලූ පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම ලබන මැයි 6 වනදා දක්වා කල් දමා තිබෙනවා.ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ අද රැස්වූ ආරක්ෂක කවුන්සිලයේදී මෙම තීරණය ගෙන ඇති බවයි.


Apr
26

කල්මුණේදී ආරක්ෂක අංශ සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක්

Generic placeholder image

කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග යම් කණ්ඩායමක් වෙඩි අතර හුවමාරුවක් සිදුව තිබෙනවා. මේ සම්බන්දයෙන් පොලීසිය වැඩි දුරටත් සදහන් කලේ මරාගෙන මැරෙන ඇදුම් නිෂ්පාදනය කරන ස්ථානයක් පිළිබදව ලැබුනු තොරතුරක් මත එය සෝදිසි කිරීමට යාමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..


Apr
26

දිවයිනේ සියලුම නිවාස පරික්ෂාවට

Generic placeholder image

රට පුරා කරන සෝදිසි මෙහෙයුම් වලදී දිවයිනේ සියලුම නිවාස පරික්ෂාවට ලක් කෙරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළා. ජනාධිපති මාධ්‍ය අංශය හරහා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එතුමා සඳහන් කළේ නිවාස වල ස්ථීර පදිංචිකරුවන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමට ද කටයුතු කරන බවයි. නාඳුනන පුද්ගලයින් කිසිඳු ස්ථානයක ජීවත්විය නොහැකි බව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබෙන […]


Apr
26

බදූර්දීන් අමාත්‍යතුමාගේ සොහොයුරා අත් අඩංගුවට

Generic placeholder image

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා යුද හමුදා විසින් බාරයට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය වෙත බාර දී තිබෙනවා.පසුගිය දා සිදු වු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඔහු හමුදා නිළධාරීන් කණ්ඩායමක් විසින් සිය බාරයට ගත් බව යුධ හමුදාව පවසා සිටියේ. කෙසේ නමුත් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලීසිය විසින් ඔහුව මුදා හැර තිබෙනවා.


Apr
26

ලබන 28 වන දා සිට දිවයිනට තද වැසි

Generic placeholder image

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ලබන 28 වනදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව ආපදා කළමනකාරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියා. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා […]


News Articles
Latest Videos
Most Popular Post