දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්දන පිරවුම්හල් ආශ්රිත දැඩි රථ වාහන තද බදයක් මතුව ඇති අතර දිගු පෝලිම් දක්නට ලැබෙනවා. පවතින තත්වයත් සමඟ හෙට දිනයේදී ඉන්ධන හිගයක් ඇති වියහැකි බවයි වාර්තා වෙන්නේ..එමෙන්ම ආරක්ෂක හේතූන් මත ඉන්ධන බෝතල් වලට පිරවීම නතර කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
මොහොතේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.
ප්‍රහාරවලින් මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එසේම දිවයින පුරා ඇඳිරි නිතිය ක්‍රියත්මක කිරීමටත් රජය අවධානය යොමුකර තිබේ. අන්තවාදී කණ්ඩායම් සඳහා කිසිම ඉඩක් නොමැති බවත් අද සිට අන්තවාදී කණ්ඩායම්වලට දැඩි නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඇති වී ඇති නොසන්සුන්කාරී වාතාවරණය නිසා අද (21) සවස 6.00 සිට පසුවදා (22) උදෑසන 6.00 දක්වා රට පුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර දෙමටගොඩ ප්‍රදේශයේ මහවිල උද්‍යාන වීදියේ නිවාස ස0කීර්ණයක පිපිරීමක් හට ගෙන තිබෙනවා.
මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පිපිරීම් 6 ක් සිදු වී තිබෙන අතර මීට සුළු මොහොතකට පෙර දෙහිවල දෙහිවල සත්ව උද්‍යානය අසල පිපිරීමක් සිදු වී තිබෙන බව අප මාධ්‍ය වාර්තා කරුවන් වාර්තා කරා. මේ හේතුවෙන් දෙහිවල සත්ව උද්‍යානය වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.මේ වන විට එම ස්ථානයේ සිට දෙදෙනෙකුව කළුබෝවිල ජාතික රොහල වෙත […]
වහම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ශැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදීනි ශාන්තා මායාදුන්නේ ජීවිතක්ශයට පත්ව ඇති අතර අද උදෑසන ඔවුන් ලබාගත් අවසන් ඡායාරූපය ඇය ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යයේ පල කර තිබුණේ මේ ආකාරයටයි.
අගමැති රනිල් වික්‍රමසින්හ මහතා රටේ මේ වන විට සිදු වී තිබෙන සිදු වීම දැඩි ලෙස හෙළා දකින බව සිය ටුවිටර් ගිණුම වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව සිදු වී තිබෙන තත්ත්වය සාමකාමීව, එක්සත්ව, ශක්තිමත්ව කටයුතු කරන ලෙස එතුමා මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද පෙරවරුවේ සිදු වූ කණගාටුදායක සිද්ධිය පිළිකුල් සහගතව හෙලා දකින බව පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. තවද මියගිය හා තුවාල ලැබූ පවුල් වල අයට තමාගේ කණගාටුව ප්‍රකාශ කළ කාදිනල් තුමන් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලිමක්ද සිදු කළා. ඒ හැකි පමණින් ලේ බැංකු වෙත රුධිර පරිත්‍යාගයන් සිදු කරන ලෙසත්, නීතිය අතට […]
රටේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් රජය ජනතාව වෙත විශේෂ දැනුම්දීම් කිහිපයක් සිදු කර සිටිනවා. ඒ අනුව පොදු ප්‍රවාහන භාවිතා කිරීමේදී අවම වශයෙන් ඒවා භාවිතා කරන ලෙසත් ,සෙනඟ ගැවසෙන ස්ථාන වල ගැවසීමෙන් වලකින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තවද පිපිරීම් සිදු වූ ස්ථාන වල ගැවසීමෙන් වලකින ලෙසත් ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා.
දිවයින පුරා උද්ගතව ඇති තත්ත්වය හේතු කොට ගෙන හෙට (22) සහ අනිද්දා (23) දිවයින පුරා රජයේ පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.