News Line| Off Air
Generic placeholder image

Mar
30

මන්නාරම තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි

Generic placeholder image

මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය. ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළේය. “ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර […]


Mar
30

ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

කෘතහස්ථ දේශපානලඥයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිදි වන ශ්‍රීමා දිසානායක මහත්මිය ඊයේ (29) අභාවප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත් වූ බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.


Mar
30

A නවයට වගේම W නවයටත් උසස් පෙළ වරම්

Generic placeholder image

අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවද දැන් අපොස උසස් පෙළ හැදෑරීමට දරුවන්ට අවස්ථාව උදා කර දී තිබෙනවා. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය  යන මැයෙන් ක්‍රියාත්මක වැඩපිලිවෙල යටතේයි මෙම පහසුකම සැළසී ඇත්තේ. අනාගත අභියෝගවලට ජයගත හැකි වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගනිමින් පොදු විෂය මාලාවකින් හා නව වෘත්තීය විෂයන් 26 ක් ඇතුළත් වැඩසටහනක් මේ යටතේ ක්‍රියාත්මක වනවා. මෙම […]


Mar
29

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමට නව සාමාජිකයන්

Generic placeholder image

ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවට සාමාජිකයන් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස හිටපු ජේ්‍යෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රණුග්ගේ පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනුර ජයවික‍්‍රමයි. නව සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.


Mar
29

ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක ජීවිතයට සමුදෙයි

Generic placeholder image

රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශිකාවක පැවසීය. මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණි.


Mar
29

විදුලි ගැටලුව තව දින 10 යි

Generic placeholder image

විදුලි ගැටලුව තව දින 10ක් පමණ කාලයකදී අවසන් කරන බවත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට විදුලි කප්පාදුවක් සිදු නොකර බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසිය. වර්ෂාව වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැවැති පූජාවකින් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “මේ දිනවල පවතින […]


Mar
29

පරාද වූ අමාත්‍යාංශ වැය ශීර්ෂ ඉක්මනින් යළි පාර්ලිමේන්තුවට

Generic placeholder image

අයවැය කාරක සභා අවස්ථාවේදී ඊයේ(28) දිනයේ පරාජයට පත්වූ අමාත්‍යාංශවලට අදාල වැය ශීර්ෂ කඩිනමින් යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවනවා. අද(29) අයවැය විවාදය ආරම්භයට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ 13වන දිනය වන ඊයේ(28) දිනයේ අභ්‍යන්තර හා ස්වදේශ […]


Mar
29

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්විමේ වගකිම භාරගනිමින් ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක මහාචාර්ය අශු මාරසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු තම ඉල්ලා අස්විමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ. අභයන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී […]


Mar
29

අවුරුද්දට ලයිට් කපන්නේ නෑ

Generic placeholder image

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක මහතා රකාශ කළා. නිසි කලට වැසි ලැබී, විදුලියෙන් රට ඒකාලෝක කිරීමේ ප්‍රාර්ථනය පෙරදැරිව ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්ෂිකව සිදුකරනු ලබන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ පැන් පූජා කිරීමේ මහෝස්වයේ දී අමාත්‍යවරයා මෙම අදහස් […]


Mar
29

ඩුබායිහිදී පිටුවහල් කංජිපානි ඇතුළු සැකකරුවන්ගේ ඡායාරූප මෙන්න

Generic placeholder image

ඩුබායිහිදී පිටුවහල් කංජිපානි ඇතුළු සැකකරුවන්ගේ ඡායාරූප පොලිස් මාධ්‍ය විසින් මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ ඡායාරූප ඔබට පහතින් නැරඹිය හැක.


Mar
29

වසරේ ගෙවුණු කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084ක්

Generic placeholder image

වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 12,084 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකශ කරනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 5576 දෙනෙකු සහ පෙබරවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 3670ක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා පෙන්වා දෙන්නේ. මාර්තු මාසයේ […]


Mar
29

කෝටි එක හමාරක් වටින හෙරොයින් ළඟ තබා ගත් 4 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී කෝටි එක හමාරකට ආසන්න හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වත්තල, මිරිස්ස, වැල්ලම්පිටිය සහ කොළඹ – බ්ලූමැන්ඩල් ප්‍රදේශවලදියි. මොවුන් ළඟ තිබී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 150ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post