News Line| Off Air
Generic placeholder image

Mar
26

කෙසෙල්වත්තේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කිිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමඩ් ඉර්ෆාන් නැමැති පුද්ගලයෙක්. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 200 ක් සොයා ගෙන තිබෙනවා.පසුගිය පෙබරවාරි මස […]


Mar
26

උඩප්පුව මුහුදෙන් බීඩී කොළ කිලෝ 1 232 ක් සොයාගනියි

Generic placeholder image

උඩප්පුව මුහුදු ප්‍රදේශයේ දී බීඩී කොළ කිලෝ 1 232 ක් සොයා ගෙන තිබෙනවා. නාවික හමුදාව සදහන් කලේ ක්ෂ‚ක ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගත් බවයි. මෙම බීඩී කොළ තොගය පාර්සල් 35 ක අසුරා තිබුණා.නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන […]


Mar
26

කාසි නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක්

Generic placeholder image

කාසී නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කලේ කොළඹ ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ බිම් මහලේ මෙම කවුළුව ස්ථාපිත කිරීමට නියමිත බවයි. හෙට විවෘත කිරීමට නියමිත කාසී නිකුත් කිරීමේ කවුළුව රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර බදාදා සහ බ්‍රහස්පතින්දා […]


Mar
26

ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කළ සිය සතුරන්ට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. අමෙරිකානු ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම සිදු කළේ, 2016 වසරේ පැවති ජනාධිපතිවරණය ජයගැනීමට ඔහු රුසියාවෙන් සහය ලබාගෙන නැතැයි ඊයේ විමර්ශන වාර්තාවෙන් හෙළි වූ පසුවයි . කිසිඳු ජනාධිපතිවරයකු එවැනි අසත්‍ය ප්‍රකාශයක් පදනම් කරගනිමින් විමර්ශනයට භාජනය විය යුතු නැතැයි ද අමෙරිකානු […]


Mar
26

විදුලි කප්පාදුව තව මාසයක්

Generic placeholder image

එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මේ මාසය අවසානය වන විට විකල්ප බලශක්ති හරහා පවතින අර්බුදයට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි. ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාල රාමුවට අනුව ඊයේ සිට විදුලිය කප්පාදු කිරීමට පියවර […]


Mar
26

රථ වාහන වැරදි සඳහා රු 25000ක දඬය නැවතත්

Generic placeholder image

අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම‍ට මීට පෙර යෝජනා වුවද එම දඩය වැඩිකළේ රුපියල් තුන්දහසික් පමණක් […]


Mar
26

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නවත්වයි

Generic placeholder image

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේදී නොපැවැත්වීමට රජය තීරණය කර තිබෙන බ්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියා. එතුමා මේ බව සඳහන් කර සිටියේ පොළොන්නරුවේ රාජකීය විදුහලේ පැවති උත්සවයක් අමතමින්.


Mar
26

“දික්වැල්ලයාණෙනි” අරවින්ද හඬ අවදි කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Mar
25

සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් අපි ණය දෙනවා

Generic placeholder image

කුමන පක්ෂයක වුනත් සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් ආණ්ඩුව වශයෙන් උදවු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය. එන්ටර්ප‍්‍රයිස් සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ ‘‘එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා ඔබේ ගමට’’ ජංගම සේවයේ මාතර, වැලිගම නගර සභා පරිශ‍්‍රයේ සමාප්ති උත්සවයට ඊයේ (24) සහභාගි විමෙන් අනතුරුව එම ස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය . එහිදි […]


Mar
25

බැඳුම්කර සිද්ධියට මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් හේතුව හෙළිවෙයි

Generic placeholder image

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අලුත්කඩේ අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයකට අදාළවයි. අත්අඩංගුවට ගත් පිරිස අතරට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ද අයත්. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ බැඳුම්කර ගනුදෙනුවට අදාළව වෙනත් පාර්ශ්ව වෙත තොරතුරු ලබා දී ඇත්තේ […]


Mar
25

හෙට උණුසුම වැඩිවෙන ප්‍රදේශ ගැන විශේෂ නිවේදනයක්

Generic placeholder image

කොළඹ, ගම්පහ, මන්නාරම යන දිස්ත‍්‍රික්කවලට සහ වයඹ පළාතට උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හෙට (26) දිනයේ එම දිස්ත‍්‍රික්ක 03 සහ වයඹ පළාතට වැඩි උණුසුමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ පිළිබඳ එම ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


Mar
25

උපරිම උෂ්ණත්වය කුරුණෑගලින්

Generic placeholder image

කුරුණෑගල ප්‍රදේශයෙන් ඊයේ (24දා) සෙල්සියස් අංශක 37.5ක උපරිම උෂ්ණත්වයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව දිවයින පුරාම සාමාන්‍ය උෂ්ණත්වයද ඉහළ ගොස් තිබේ. මේ අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.1ක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. උෂ්ණත්වය ඉහළ යෑම අනුරාධපුර/කටුගස්තොට/කුරුණෑගල/මහා – ඉලුප්පලම/වව්නියාව – සෙල්සියස් අංශක 03කින් බදුල්ල/යාපනය/රත්මලාන/ත්‍රිකුණාලමලය- සෙල්සියස් අංශක 2කින්.


News Articles
Latest Videos
Most Popular Post