විදුලිය කප්පාදුවක් සිදුවන බවට අනිසි බියක් ඇතිකර නොගන්නැයි විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවට දැනුම් දෙනවා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇතිවූ බිද වැටීම පැය 36ක් වැනි කාලයකදිී යථාතත්වයට පත්කිරිමට හැකිවුණා. අඛණ්ඩ විදුලි කප්පාදුවක් කිසිසේත් සිදුනොවන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ නිරික්ෂණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළා.
ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් ජිවත්වන රටවල් අතර ශ්‍රී ලංකාවේ ස්ථානය සැළකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලෝකයේ සතුටින්ම සිටින රටවල් පිළිබඳව නිකුත් කරන දර්ශකයේදි ශ්‍රී ලංකාව 2018 වසරට සාපෙක්ෂව 2019 වසරේදී ස්ථාන 14ක් පසුපසට ගොස් ඇත. 2018 වසරේදි එම දර්ශකයේදී ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවූ අතර 2019 වසරේදී ශ්‍රී ලංකාව 130 දක්වා […]
තමන් ලංකාවට එතනෝල් ගෙන්වන බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔප්පු කළ හොත් තමන් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. අද (19දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ” එතනෝල් ගෙන්වන ප්‍රධාන කෙනෙක් ලෙස මගේ නම කියලා තිබුණා. මම අභියෝග කරනවා මෙය ඔප්පු කර පෙන්නුවොත් මම […]
කාන්තාවන් සඳහාම වෙන් වූ බස් රථ සේවාවක් ආරම්භක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.
වසර මිලියන 125ක් පැරණි ඩයිනෝසර් සත්වයකුගේ පොසිලයක් හමුවූ බව ඔස්ටේ‍්‍රලියා විද්‍යාඥයන් ප‍්‍රකාශ කළා. ඒ නැගෙනහිර ඔස්ටේ‍්‍රලියාවේ සිදුකළ කැණීම්වලදී. ඕනිතොපෝඩ් වර්ගයට අයත් මම පොසිලය නව ඩයිනෝසර් විශේෂයකට අයත් බවටයි තොරතුරු හෙලිවුණේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් විද්‍යාඥයන් සඳහන් කළා.
ඇමෙරිකානු ජාතික 21 හැවිරිදි රංගන ශිල්පිනී කයිලී ජෙනර්, ස්වෝත්සාහයෙන් නැගී සිටි ලොව ළාබාලතම කෝටිපතිනිය බව ෆෝබ්ස් සඟරාව විසින් පසුගිය දා නම් කර තිබුණා. ඇමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක හා නිරූපණ ශිල්පිනියක වන කිම් කාඩේෂියන්ගේ ළාබාල නැගණිය වන කයිලී ජෙනර් තමන්ගේම රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයකින් මෙලෙස කොටිපතිනියක් බවට පත් වී තිබෙනවා. මේ අනුව 23 වන වියේ දී කෝටිපතියෙකු […]
ඉරිදා දිනවල සහ පොහොය දිනවලදී බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව තීරණය කර තිබෙනවා. බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (18) මෙම කමිටු රැස්වීම පැවැත්විනි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා […]
ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදජන පෙරමුණු කාර්යාලයේදී අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා, මෙරට මානව හිමිකම් කඩවූ බවට ජීනීවා මානව […]
ප‍්‍රදේශ කිහිපයක විදුලිබල සැපයුම පැය පහකට අත්හිටුවා තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. බත්තරමුල්ල, පැලවත්ත, තලවතුගොඩ, මාලඹේ, පන්නිපිටිය , හොරණ, බණ්ඩාරගම , වැලිවිට සහ අංගොඩ ප‍්‍රදේශ ඊට ඇතුලත්. මේවන විට අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි විදුලිබල මන්ඩලය සදහන් කළේ.
මහනුවර නගරය කුණ්ඩසාලේ දක්වා දිගු කිරිමට ජයිකා ණය ආධාර යටතේ කටයුතු කරන බව අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා සඳහන් කළේය. අයවැය කරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම මහනුවර නගරයේ රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ඉදිකිරීමට යෝජිත වූ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇතැම් පුහුතර්ක හේතුවෙන් නැවතී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම […]
සරසවි සිසුන් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
කීත් සැප්ස්ෆෝර්ඩ්, ඕස්ට්‍රේලියානු ජාතික 14 හැවිරිදි පාසල් සිසුවා කුඩා කල සිටම දගකාර මුරණ්ඩු දරුවෙක් විය. අධ්‍යාපනයට සිත් නොලත් ඔහුගේ එකම අභිප්‍රාය වූයේ ලොව පුරා ඇවිදගොසින් සිත්සේ ලෝකය දැකබලා ගෙන අළුත් දෑ අත්විදීමය. ඉන් එහා ගිය කිසිදු අපේක්ෂාවක් නොතිබුණු නිසාම ඔහුගේ ආදර්ණීය පියා CM සැප්ස්ෆෝර්ඩ් සිය දරුවා රැගෙන යුරෝපය ඇතුළු රටවල් කිහිපයකම සැරිසරා නැවත සිය මව්බිම […]