රෑ 10න් පස්සේ තමන් ගමන් බිමන් නොයන බව එසේ කටයුතු කරන ලෙසට තමන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සඳහන් කළ බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පැවැති කලා භූෂණ සම්මාන උලෙළ අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කලා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කළ උත්සවයට විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අසනීප තත්ත්වයක් […]
2019 වසරේ ජනවාරි මස 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වෙනවා.මෙහිදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ හා ඉන්දියානු රුපියලට සාපේක්ෂව ද අතිප්‍රමාණය වූ […]
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට තිබුණේ බොහෝ කාලයකට පෙර බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, විස්තර විචාරක රසල් අනෝල්ඩ් පවසනවා.සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වන විට සමාජ මාධ්‍ය හේතුවෙන් ගැටලු කිහිපකට මුහුණ දී ඇත.
සිර ගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විශේෂ සමාවක් ලබා දී එළබෙන පෙබරවාරි හතරවනදා නිදහස් කිරීමේ සුදානමක් පිළිබඳව වාර්තා උනා.කෙසේ වෙතත් මෙලෙසින් මැතිවරණ වර්ෂයක ඒ හිමියන් නිදහස් කිරීම මගින් රටේ සාමයට බාධාවක් විය හැකි බව මේජර්නී තිඥ අජිත් ප්‍රසන්න සඳහන් කරනවා.ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් පසුව ඒ හිමියන් 2015 ජනපතිවරණයට පෙර […]
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි පවසනවා.මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන උදිත් ලොකුබණ්ඩාර ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට මේ බව දැනුම්දී තිබෙන […]
දෙමෝදර ආරුක්කු නවයේ පාලම නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් ඊයේ දහවල් 1.30ට පමණ එල්ල වූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් විදේශීය සංචාරකයින් දසදෙනකු ඇතුළු සංචාරකයින් විසිදෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා.මෙම බඹර ප‍්‍රහාරයට විදේශීය සංචාරකයින් දසදෙනකු හා දේශීය සංචාරකයින් දොලොස්දෙනකු ලක්වී ඇති අතර අතර ඉන් විදේශීය සංචාරකයින් දෙදෙනකු බරපතල අසාධ්‍ය තත්වයෙන් දෙමෝදර […]
තමන් එක් තරගයක් හෝ අසාර්ථක වූ විට කණ්ඩායමේන් ඉවත් කරන බව තමන් හොඳින්ම දන්නා බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිසර පෙරේරා පවසනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලිද සිල්වා වෙත තිසර ලිපියක් යොමු කරමිනුයි මේ බව දක්වා ඇත්තේ. ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිඳ තමන්ව හා තම බිරිඳ ඉලක්ක කරගෙන දිගින් දිගටම […]
සීගිරිය දියඅගල ඇතුළත කලාපය පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට පත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ. ඒ, ලබන සිකුරාදා සිටයි. ඒ අනුව අදාළ ප‍්‍රදේශයට පිසින ලද ආහාර වර්ග හා කෙටි ආහාර වර්ග රැගෙන යාම තහනම් වනු ඇති. ආහාර ලෙස බිස්කට් වර්ගයක් රැගෙන යාමට අවසර හිමිවුවත් එහි පිටතින් ඇති පොලිතීන් ආවරණය ඉවත් කිරීම අනිවාර්යය […]
මාතර පඹුරණ වාහන කොටස් අලෙවි ව්‍යාපාරික ආයතනයක් අද (29) දහවල් ඇතිවූ හදීසී ගින්නකින් මුලු මනින්ම විනාශයට පත්වු බව මාතර මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කරනවා. මහල් පහකින් යුත් එම ගොඩනැගිල්ලට සිදුවු අලාභය රුපියල් කෝටි ගණනක් වන බව කියති. පැය තුනක පමණ කාලයක් තිස්සේ පැවති ගින්න නිවා දැමීම සදහා මාතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට අමතරව ගාල්ල […]
පරිගණක ආශ්‍රිතව පැතිර යන වෛරසයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය පවසනවා. අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන භාගත කිරීම් හරහා මෙම වෛරසය පරිගණකවලට ඇතුළු වන අතර මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් සිය ආයතනය වෙත ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා පවසනවා. Microsoft Windows […]
මෙරට විදුලි කාර්මික වෘත්තිකයන් හට පිළිගත් බලපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එහි ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසුවේ මෙරට වෙසෙන 35,000ට අධික විදුලි කාර්මිකයන් හට ඔවුන්ගේ වෘත්තියේ ප්‍රගමනය උදෙසාත් පාරිභෝගිකයන්ට ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබා ගැනීම උදෙසාත් මේ කයුතු සම්පාදනය කර අවසන් බවයි. ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා […]
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගන්නා ලද බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා. මොහු කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ඩුබායි හි රැකියා කළ අයෙකි . ඔහු අද දින […]