News Line| Off Air
Generic placeholder image

Nov
12

රනිල්ගේ වී ගබඩාව වසා දැමේ – අගමැති මහින්දගේ අණින් මත්තල නැවතත් ක්‍රියාකාරී වූ හැටි !

Generic placeholder image

පසුගිය සමයේ වී ගබඩාවක් ලෙස භාවිතා කළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය කරමින් නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් අරඹා තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණින් ශ්‍රී ලංකාව සතුවූ විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වී ගබඩා කර තැබීමට පසුගිය කාලයේ කටයුතු කර තිබුනා. මීට අමතරව මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණා දැමීමෙ […]


Nov
12

මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ළඟදීම එළිදක්වන බව ශ‍්‍රිලනිප මහ ලේකම් කියයි

Generic placeholder image

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නුදුරු දිනකදීම එළිදක්වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. පුළුල් ජාතික සන්ධානයක් ලෙස මෙම මැතිවරණයට තරග කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. කොළඹ දී මීට නොබෝ වේලාවකට පෙර අවසන් වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.


Nov
12

මහින්ද මෙවර මැතිවරණයට තරඟ කරන දිස්ත්‍රික්කය හෙළිවෙයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බව වාර්තා වෙනවා. හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මේ බව සඳහන් කළා.


Nov
12

පොලිස් නිලධාරියෙකුට වෙඩි වදියි

Generic placeholder image

කුලියාපිටිය මීගහකොටුව ප‍්‍රදේශයේ ඊයේ (11) රාත‍්‍රියේ සිදු කළ වැටලීමක දී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්. හෙරොයින් ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයක් ළග තබාගෙන සිටි සැකකරුවන් තුන් දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැණුනා. එක් සැකකරුවෙකු පලා යාමට උත්සහ දරා ඇති අතර නිලධාරීන් වෙඩි තැබීම සිදු […]


Nov
12

ශ්‍රීලනිප සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්, සම සංවිධායකවරුන් සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් විශේෂ රැස්වීමක් සඳහා කොළඹට කැඳවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන එහි මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම කැඳවීම සිදු කර ඇති බවයි. මෙම තීරණාත්මක අවස්ථාවේදී හිටපු ජනාධිපති, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප‍්‍රබලයින් ගණනාවක් ශ‍්‍රී ලංකා […]


Nov
12

“සජිත් ගැන තීරණයක් අරගෙන නෑ” – එජාපය කියයි

Generic placeholder image

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස, නම් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එහි සභාපති, හිටපු මන්ත‍්‍රී කබීර් හෂීම් පවසා සිටිනවා. කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ‘‘සජිත් අගමැති – රනිල් ජනපති’’ යන තේමාව යටතේ ඉදිරි මැතිවරණයට මුහුණ දීම සඳහා […]


Nov
12

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් අධිකරණයට

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය එස්. රන්ජජීවන් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමකින් සඳහන් කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී බවයි.


Nov
12

මැතිවරණය කාටවත් නවත්වන්න බෑ – අගමැති මහින්ද

Generic placeholder image

India Today පුවත් සේවයට අදහස් දක්වමින් පාර්මේන්තු මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. එසේම ශ්‍රි ලංකාවේ තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර තේරුම් ගත යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා. “ ජාත්‍යන්තර ප්‍රජාව මෙය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස දැකිය යුතුයි. අපි ජනතාව හමුවට යනවා. ඔවුන්ගේ කැමැත්ත ගන්නවා. […]


Nov
12

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම සළකා බලන්න විනිසුරන් තිදෙනෙක්

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වෙයි.


Nov
12

නිධන් සොයන්න ගෙනා අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් අත්අඩංගුවට

Generic placeholder image

නිධන් සෙවීම වෙනුවෙන් යොදා ගන්නා නවීන තාක්ෂණයෙන් යුක්ත අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් සමග සැකකරුවෙකු වවුනියාව කොක්එළිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පැවසීය.


Nov
12

හැමෝම සතුටු කරන්න නම් අයිස්ක්‍රීම් විකුණන්න ඕනි – මහා මැතිවරණය සඳහා වැය වන ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 400 ක් | මහින්ද දේශප්‍රිය

Generic placeholder image

ජනාධිපතිවරයා මහ මැතිවරණය කැඳවීම කළ ආකාරය අනුව එහි වලංගු භාවය පිළිබඳ විමසීම සඳහා මැතිවරණ කොමිසම අධිකරණයට යා යුතුය යන්න හෝ යනු ඇතැයි විවිධ පාර්ශව මත පළ කළහ. ඊට ප්‍රතිචාර දැක්වූ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ කොමිසම සිතන පරිදි යම්දෙයක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවකි. “මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වුණොත් ඒක එක් […]


Nov
12

අලුත් ලකුණකින් අලුත් නමකින් ඉදිරි ඡන්දයට සූදානම් වෙනවා | මන්ත‍්‍රී රාජිත සේනාරත්න

Generic placeholder image

අලුත් සලකුණක් සහ අලුත් නමක් සහිත පුලුල් සන්ධානයක් ඉදිරි මැතිවරණ වෙනුවෙන් ගොඩනගන බව එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අද (11) කොළඹදී පැවැසීය. එම සන්ධානයේ කෙටුම්පත් මේ වනවිට සකස් කර ඇති බවත් සියලු පක්ෂ නායකයන් එක්ව ඉදිරි දිනකදී එම පුලුල් සන්ධානය ප‍්‍රකාශයට පත් කරන බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. රාජිත […]


News Articles
Latest Videos
Most Popular Post