පරාජයේ නියඟය නිමා වෙලා ජයග්‍රහණයේ වැස්සක් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇද හැලුණා. ඒ ජයග්‍රහණයේ පිපාසයෙන් හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ පහස නිවලා. දකුණු අප්‍රිකාවට එරෙහි තරඟ 11 ක පරාජයන් වැලට තිත තියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුළුවන් වුණා. තරඟයේ ආරම්භයේ ඉඳලා අවසානය වෙනකන්ම වැස්සෙන් බාධා එල්ල වුණා. ඒ නිසා තරඟය පටන් ගත්තේ ප්‍රමාද වෙලා. […]
අද 2018 මස අගෝස්තු 09 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය උදෑසන 1.48 සිට 3.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 1.43 සිට 3.10 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය අසාධාරණය ඉදිරියේ හඬ විවර කරන දවසක් ඒවායින් ඔබව ජනප්‍රිය වනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි. ඔබගේ සහ කාරියට හෝ […]
ඊයේ රාත්‍රියේ කාටත් හොරෙන් අරක්කු මිලේ වෙනසක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ඩිස්ටලරිස් සමාගම අරක්කු මිල ඉහළ දමන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව මිලි ලිටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක මිල රු. 40කින් ඉහ දමලා තියෙනවා. මිට අමතරව ඩිස්ටලරිස් සමාගම විසින් බෙදා හරින අනිත් අරක්කු වල මිලත් වැඩි කරලා තියෙනවා. ස්ප්‍රිතු මත පැනවු නව ජාතිය ගොඩනැගිමේ […]
දුම්රිය මඟීන්ට මේ දවස්වල ගෙවෙන්නෙ හොඳ කල දසාවක් නම් නෙවෙයි. එක්කෝ දුම්රිය මඟදී කැඩෙනවා. එහෙම නැත්නම් දුම්රිය වෘත්තීය සමිති වර්ජනය කරනවා. මීට සුළු මොහොතකට කලින් දුම්රිය රියදුරන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කරා. අද හවස 3 ඉඳන් මේ වර්ජනය ක්‍රියාත්මක කරනවා කියලා දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිති ප්‍රකාශ කරේ. මේ තියෙන්නේ කොටුව දුම්රිය ස්ථානයේ මේ වන විට […]
විසෙන් විස නසී කිව්වට සමහර විස වර්ග එකතු වුණාම විස තවත් වැඩි වෙනවා. ත්‍රස්තවාදය කියන්නේ ඒ වගේ දෙයක්. ත්‍රස්තවාදයට ත්‍රස්තවාදය එකතු වුනොත් නරක මිසක් හොඳක් නම් වෙන්නේ නෑ. ලෝකයේ හිටිය භයානකම ත්‍රස්තවාදී නායකයෙක් තමයි ඔසාමා බින් ලාඩන් කියන්නේ. ඔහුගේ පුතා හම්සා බින් ලාඩන් පහුගිය දා තවත් ත්‍රස්තවාදී නායකයෙකුගේ සුවෙක් සමඟ විවාහ වුණා. විවාහය සිද්ධ වෙලා […]
සක්විති රජු වුනත් වැරද්දක් කරොත් දඬුවම් ලබන්නම වෙනවා. අධිකරණයට අපහාස කල වරදට බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම වුණා. ඒ වසර සිරදඬුවම වසර 6 කින් ගෙවී යන විදියට. ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4 කට උන්වහන්සේ වරදකරු වුණා. අද තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ […]
ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි Oura කියන්නේ. Oura සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වුන ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානි කර ගෙන කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. හැබැයි ගිහාන්ගේ මරණය දැන් වෙනත් පැත්තකට හැරිලා තියෙනවා. ඒ ඔහු සියදිවි හානි කර ගත්තා නෙවෙයි ඝාතනය කරලා කියලා. ඔහුගේ මරණය සිදු වෙන්න පැය කිහිපයකට කලින් ගිහාන් Facebook සටහනක් […]
ශ්‍රී ලාංකිකයන් වැඩියෙන්ම සංක්‍රමණය වෙන රටක් තමයි ඕස්ට්‍රේලියාව. ලාංකිකයන් කොච්චර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවද කියනවා නම් අන්තිමේදී ලංකාවේ අයට කියලා ඕස්ට්‍රේලියානු රජය දැන්වීම් පවා දැම්මා. ඕස්ට්‍රේලියාවේ ජනගහණය අඟහරුවාදා වනවිට (අගෝස්තු 07) මිලියන 25 ට ලඟා වුණා. මේ වාර්තාවත් එක්ක ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට කරපු බලපෑම හෙළිවෙලා තියෙනවා. 2011 වසරේ කළ සංගණනයේදී ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයන් […]
එක්දින තරඟාවලිය මේ වෙද්දී 3 – 0 ක් විදියට අප්‍රිකානුවන් ජය තහවුරු කර ගෙන තියෙන්නේ. කොහොම වුනත් ලංකාවට ජාමේ බේරා ගන්න තවත් තරඟ 2 ක් ඉතිරි වෙලා තියෙනවා. දකුණු අප්‍රිකානු තරඟාවලිය ඒ විදියට පරාජය වෙද්දී ඉදිරි තරඟාවලි ජයග්‍රහණයට ලංකාව තවත් තුරුම්පුවක් සූදානම් කරන්න හදනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යවන්න දීලා. ඊයේ තිබ්බ මාධ්‍ය හමුවකදී මැතිව්ස් […]
ලංකාවේ දුම්රිය දෙපාර්තුමේන්තුවට සෙනසුරු අපල ලබලද කොහෙද. හැමදාම කොහේ හරි දුම්රිය මාර්ගයක අනතුරක්, ප්‍රමාදයක් වෙනවා. පෙරේදා දුම්රිය දෙකක් එකිනෙක ගැටුණා. ඒ සිද්ධිය අවසන් වෙනවත් එක්කම මුහුදුබඩ දුම්රිය මාර්ගය කැඩිලා. අඟුලාන ප්‍රදේශයේ පීල්ලක් කැඩී යාම නිසා මේ වෙද්දී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වෙලා තියෙනවා. තාමත් ඒ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත් කරලා […]
ඇද වුන බලු වලිගයක් උණ පුරුකේ දාලවත් කෙලින් කරන්න බෑ කියනවනේ. ඒ වගේ තමයි සමහර මිනිස්සු කොච්චර හරි මඟට ගන්න හැදුවත් යන්නෙම නොමඟ. වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් දෙන්නෙක්ට ස්ථාන මාරු දෙන්න යනවා. වෙලේ සුදා සහ සුසෙයි තමයි මේ විදියට වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකරලා යවන්න හදන්නේ. ඔවුන් දෙදෙනා මේ වෙද්දී වැලිකඩ බන්ධනාගාරයේ වයි.ඕ. […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 4 වෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ දිවා රාත්‍රී තරඟයක් විදියට. දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ නැගී එන කණ්ඩායම අතර එක්දින තරඟාවලියත් හෙට ආරම්භ වෙනවා. මේ තරඟාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිතුමා ඊයේ අවසර දුන්නා. නැගී එන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නේ ටෙස්ට් […]