News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

ටෙස්ට් ක්‍රිකට් වෙනස් කරන්න ICC ය එංගලන්තයට අවසර දෙයි.

Generic placeholder image

ටෙස්ට් ක්‍රිකට් හඳුන්වන්නේ ක්‍රිකට් වල ජීවය කියලා. දැන් පන්දුවාර 20, 10 තරඟ පැවැත් වුවාට මුලින්ම ක්‍රිකට් ආරම්භ වුණේ ටෙස්ට් තරඟ විදියට. ටෙස්ට් තරඟයක් සාමාන්‍යයෙන් දවස් 5 ක් ක්‍රීඩා කරනවා. දවසකට පන්දුවාර 90 ක් යවනවා. හැබැයි අයර්ලන්තය සහ එංගලන්තය අතර පැවැත් වෙන ටෙස්ට් තරඟාවලියේදී ටෙස්ට් ක්‍රිකට් වෙනස් කරන්න හදනවා. ඒ ටෙස්ට් තරඟයක් දවස් 4 කට අඩු […]


Jun
6

“ඇලෝෂියස්ගෙන් නම් සල්ලි ගත්තේ නෑ, එත් ඇලෝෂියස් අපෙන් පහසුකම් ගාස්තු නම් ගත්තා . මීට ඇලෝෂියස් විද්‍යාලයේ සිසුවෙක්.” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 20 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Jun
6

“බිල් ගෙවුවේ නෑ කියලා ගැලෙව්වා. මම දැන් වයසක මනුස්සයා. කඳු නගින්න බෑ. හෙලිකොප්ටරේ ගිහිං ආයේ ට්‍රාන්ස්මීටර් හයි කරනවා.” – ලංකාවේ ටෙලිවිෂන් පියා සියතට කියයි.

Generic placeholder image

ලංකාවට රූපවාහිනිය හඳුන්වලා දුන්නේ ශාන් වික්‍රමසිංහ. ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයියා. ලංකාවට මුලින්ම රූපවාහිනිය හඳුන්වා දුන්න ශාන් මහතාගේ පලවෙනි දරුවා තමයි ITN කියන්නේ. ITN නාලිකාව 39 වෙනි සංවත්සරය සමරද්දී ශාන් මහතාගේ දෙවෙනි දරුවා TNL නාලිකාවේ විකාශන කුළුණක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සීල් තිබ්බා. ඒ බලපත්‍රයක් නැතුව පොල්ගහවෙල ඕලුමුවා කන්දේ ප්‍රතිවිකාශන මධ්‍යස්ථාන […]


Jun
6

නෙදර්ලන්ත අගමැති පාර්ලිමේන්තුව සුද්ද කරයි. – Video

Generic placeholder image

සාමාන්‍යයෙන් ලොක්කන් පුරුදු වෙලා ඉන්නේ හැම දේම සේවකයින්ට කියලා කර ගන්නනේ. අතේ තිබ්බ පෑනක් බිම වැටුනත් ඇහිඳලා සේවකයා. පාන ගන්නත් දේශපාලනඥයන්ගේ කොන්ද නැවෙන්නේ නෑ. ලෝකෙම ඉන්න දේශපාලනඥයන්ට නෙදර්ලන්තයේ අගමැතිතුමා පහුගිය දා හොඳ ආදර්ශයක් දුන්නා. නෙදර්ලන්ත අගමැති මාක් රූට් මහතා පාර්ලිමේන්තුව ඇතුලට එද්දී ඔහුගේ අතේ තිබ්බ කෝපි කෝප්පය බිම වැටෙනවා. හැබැයි එතුමා සේවකයන්ට අස් කරන්න කියලා […]


Jun
6

“වෙච්ච ණය බේරන්න මට මගේ පර්චස් 20ක ඉඩමක් සහ ගෙයක් පවා විකුණා දමන්න සිද්ධ වුණා. අද මම බෝඩින් කාමරයක ජීවත් වෙන්නේ.” – වැටුණු තැනින් ගොඩට එන්න ජයසේකර අපෝන්සු කරවල විකුණයි.

Generic placeholder image

ලංකාවේ නළු නිළියන් ගැන මේ වෙද්දී වැඩිපුර කතාබහට ලක්වෙන්නේ පහුගිය දවසක පැවැත්වුණු රාජකීය උපන්දින සදයත් එක්ක. එත් අපි මේ කියන්න යන කතාවේ නළුවා අපේ කලාව වෙනුවෙන් කැප වුන ප්‍රවිණ නළුවෙක් ගැන. ඔහු ජීවිතය ඉදිරිය ගැන හිතලා කරපු දෙයක් ගැන. ජයසේකර අපොන්සු කිව්වාම කාටත් මතක් වෙන්නේ හාස්‍ය පිරුණ චිත්‍රපටයක් නැත්නම් වේදීකා නාට්‍ය. හැබැයි මේ කතාවනම් චිත්‍රපටයක් […]


Jun
6

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දෙමාපියන්ගේ උද්ඝෝෂණයක්.

Generic placeholder image

දේශපාලන අතපෙවීම් වලට විරෝධය පළකරමින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසළ මේ වනවිට උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. ඒ විද්‍යාලයේ දෙමාපියන් පිරිසකගේ සහභාගිත්වයෙන්. මේ වනවිට ඒ අවට මාර්ගයේ රථවාහන තදබදයක් ද ඇති වී ඇති බව එහි සිටින සියත 24 විශේෂ නියෝජිතයා අප වෙත පැවසුවා.


Jun
6

වසර 3 කට පසු ටෙස්ට් පිටියේ සටන් වදින ශ්‍රී ලංකා, කොදෙව් පළමු තරඟයේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වෙනවා. පළවෙනි තරඟය හෙට Queen’s Park Oval ක්‍රීඩාංගනයේදී පැවැත් වෙනවා. 2015 න් පස්සේ තමයි ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම ටෙස්ට් තරඟයකදී මුණගැහෙන්නේ. තරඟයට කලින් පළවෙනි තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා. මීට කලින් ලංකාව සහ කොදෙව් කණ්ඩායම තරඟාවලි 8 කදී සටන් […]


Jun
6

දකුණේ උණ රෝගය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 20ක් දක්වා ඉහළට. මාතර දිස්ත‍්‍රික්කයේ පෙර පාසල් ලබන 10 වැනිදා දක්වා වැසේ.

Generic placeholder image

දකුණු පළාතේ ව්‍යාප්ත වී ඇති උණ රෝගය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 20ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ප‍්‍රකාශ කලේ වෛරසය වැළඳුණු රෝගීන්ගේ සෙම් පටල වැඩිදුර පරීක්ෂාව සඳහා විදෙස් විද්‍යාගාර පරීක්ෂණ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. මාසයකට අධික කාලයක සිට දකුණු පළාතේ ව්‍යාප්ත […]


Jun
6

අද එක ලග්නයකට, යුගදිවියට අයහපත් බලපෑම් තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි  මස 06 වන බදාදා   රාහු කාලය: දිවා කාලය උදෑසන12.09 සිට 1.42 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී12.09 සිට 1.35 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය දියරමය දේවල් වලින් ලාබ ලැබිය හැකි දවසක් . දියරමය දේවල් ආශ්‍රිත ව්‍යාපාර කටයුතු දියුණු වන සුභ දිනයකි. ඔබ ගැන අන් අය අතර […]


Jun
5

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආනන්ද කුමාරසිරි මහතා තේරී පත්වෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්දය මිට සුළු මොහොතකට කලින් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.  එහිදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආනන්ද කුමාරසිරි මහතා තේරී පත් වුණා. කුමාරසිරි මහතා තේරී පත් වුනේ පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයකින්. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වුණා. ඒ ආනන්ද කුමාරසිරි මහතාගේ නම ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළ අතර එක්සත් […]


Jun
5

The Global T20 තරඟාවලියට ලංකාවේ ක්‍රීඩකයින් 5 ක්. තරඟ තහනමට ලක්වුන ස්මිත් සහ වෝනර්ටත් අවස්ථාවක්.

Generic placeholder image

තවත් සුපිරි ක්‍රිකට් සැණකෙළියක් කැනඩාවේදී ආරම්භ වෙනවා. ඒ The Global T20 Canada. T20 පිටියේ සුපිරි තරු රැසක් මේ තරඟාවලියට සහභාගී වෙන්න නියමිතයි. තරඟාවලිය ජුනි 26 වෙනිදා ඉඳලා ජූලි 15 වෙනිදා දක්වා පවත් වෙනවා. කණ්ඩායම 6 ක් Global T20 කුසලානය දිනා ගන්න සටන් වදිනවා. පහුගිය දා තිබ්බ වෙන්දේසියේදී කණ්ඩායම් 6 ට ක්‍රීඩකයින් තෝරා ගත්තා. මෙවර තරඟාවලියට […]


Jun
5

ශ්‍රීලනිපයෙන් ආව මංගලට එජාපයේ ඉහළ තනතුරක්.

Generic placeholder image

ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිකම ලබා දීලා තියෙනවා. අද දහවල් එජාපයේ පක්ෂ නායක රනිල් වික්‍රමසංහ මහතාගේ අත්සනින් යුතු ලිපිය අමාත්‍යවරයාට ලැබිලා තිබුණා. මේ පත්වීම ලැබුනත් එක්කම මංගල මහතා Facebook එකේ සටහනක් තියලා තිබ්බා. “අවුරුදු 30 කට කලින් මට පලවෙනි පත්වීම ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක විදියට. හැබැයි […]


News Articles
Latest Videos
Most Popular Post