අද 2018 මාර්තු මස 09 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.50 සිට දහවල් 12.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.51 සිට අලුයම 12.20 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය වෘත්තිමය වෙනස් වීම් සිදුවීමටා දිනයකි. බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. අනපේක්ෂිත ලෙස […]
මහනුවර නොසන්සුන් තත්වයක් ඇති කිරීමේ සිද්ධීන් මෙහෙයවූ ප‍්‍රධාන සැකකරු අමිත් ජීවන් වීරසිංහ ඇතුලූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ කලා. මේ අතර මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය සඳහා අද පස්වරු 6 සිට හෙට අලූයම 6 දක්වා යළි ඇදිරි නීතිය […]
නිදහස් කුසලාන තුන්කොණ විස්සයි විස්ස තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම හා බංගලාදේශය අතර අද පැවැත්වෙන තරඟය නැරඹීම සදහා පැමිණෙන පේ‍්‍රක්ෂකයින් ආර්. පේ‍්‍රමදාසකී‍්‍රඩාංගණයට ඇතුළත් කිරීමේ කටයුතු පස්වරු 3.30 සිට ආරම්භ වුණා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ, ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගත් පේ‍්‍රක්ෂකයින්ට තෙරපීමකින් සහ බාධාවකින් තොරව කී‍්‍රඩාංගණයට පැමිණ අසුන් ගැනීම සදහා මෙම පියවර ගත් බවයි. තරඟය අද පස්වරු […]
මේ පාර නිදහස් කුසලානය උත්සවශ්‍රීයෙන් සංවිධානය කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා. IPL තරගාවලියක් වගේ සුපිරි අත්දැකීමක් මේ පාර නිදහස් කුසලානයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ලැබෙනවා. හතරේ පහර, හයේ පහර එල්ල කරද්දි ක්‍රීඩංගණය වටේ දැල්වෙන ආලෝක රටා, ක්‍රීඩාංගණයේ වටේ වේදිකා 4ක ඉඳල Dance කරන Cheer Girls ලා වගේම ස්පයිඩර් කැමරාව මේ පාර අලුත් […]
මෙරට සමාජ මාධ්‍ය සදහා පනවා ඇති අවහිරතාවය හෙට දින වන විට ඉවත් කිරීමට අපේක්ෂා කරන බව බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එම කොමිසම සදහන් කලේ රට තුළ තත්වය යලි සාමකාමී වීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි. කෙසේ වෙතත් යලි ගැටලුකාරී තත්වයක් ඇති වුවහොත් නැවත සමාජ මාධ්‍ය වාරණය කිරීමට පියවර […]
ලෝකේ තියෙන ජනප්‍රියම Search Engine එක තමයි Google කියන්නේ. මේ වෙද්දී ලෝකේ තියෙන එක එක දවස්වල විශේෂත්වයන් වලට Google මුල් පිටුව වෙනස් වෙනවා. මේකට කියන්නේ “ගූගල් ඩූඩල්” (Google Doodle) නිර්මාණ කියලයි. ඉතින් අද (08) ලෝකේ පුරා සමරනු ලබන කාන්තා දිනය වෙනුවෙනුත් ගූගල් සමාගම විසින් විශේෂ “ගූගල් ඩූඩල්”නිර්මාණයක් එක්කරල තියෙනවා. ලෝකේ ඉන්න චිත්‍ර ශිල්පිණියන් 12 දෙනෙක්,ඔවුන්ගේ […]
පොඩි ළමයගේ ඉඳන්, ලොකු වෙනකනම් බොහෝ දෙනෙක් කරන්න කැමති දෙයක් තමයි Video Games කියන්නේ. මේ වෙද්දී Computer එකක්, Laptop එකක් නැතත්, ඔබේ Mobile එකෙන් ඔබට කැමති ඕනෑම විදිහක Video Games කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම සමහරු මේ Video Games වලට ඇබ්බැහි වෙලා ඒ ලෝකවලම ජිවත් වෙන අවස්ථාත් අපට දකින්න පුළුවන්. කොහොම වුනත් බිහිසුණු Video […]
තමන් ආදරේ කරන බොලිවුඩ් තරු වලට සමහර ඉන්දියානුවෝ පණ වුණත් දෙන්න ලෑස්තියි.ඒ වගේම Fans ලගේ ආදරේ නිසා බොලිවුඩ් තරු වලට තරු පෙණුනු අවස්ථාත් තියෙනවා. පහුගිය දවසක සුපිරි බොලිවුඩ් නලු සංජේ දත්ටත් එහෙම වැඩක් වුණා. සංජේට සෑහෙන්න ආදරේ කරපු ඉන්දීය කාන්තාවක් ජනවාරි මාසේ මිය ගිහින්. මිය යන්න කලින් ඇය තමන්ගේ සියලුම වත්කම් වල හිමිකම සංජේ දත්ගේ […]
ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා , නීතිය හා සාමය ඇමතිවරයා ලෙස මිට සුළු මොහොතකට කලින් ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නා. දැනට ඔහු කටයුතු කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙසයි. පහුගියදා සිදු කල අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නත් ඒක තාවකාලික පවීමක් බව තමයි රජය මීට කලින් කිව්වේ.
මේ වෙනකොට රටේ තියෙන තත්වයත් එක්ක TRCSL එකෙන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාල වලට ඇතුළු වෙන්න තියෙන අවස්ථාව සිමා කරලයි තියෙන්නේ. ඊයේ දවසේ ඉඳන් පැය 72 ක කාලයකට මේ තත්වය ඇති කරලා තියෙනවා කියල තමයි විදුලි සංදේශන කොමිසන් සභාවෙන් කිව්වේ. ඒ කොහොම වුනත් එක එක තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා අපේ රටේ අය Facebook එකට ඇවිත් […]
අද මාර්තු මස 08 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.51 සිට 03.21 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.50 සිට 03.20 දක්වා සුභ දිශාව: උතුර හා ඊසාන මේෂ ලග්නය අද දින ප්‍රවේසම් යුතුයි. ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. අන් අය සමඟ කරන වැඩ කටයුතු […]
මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය දිනක ඇති වූ සිද්ධිය සම්බන්ධව අසත්‍ය ප්‍රචාර සහ ජනතාව කුපිත කරවන තොරතුරු පතුරු වන්නන් සොයා ආරක්ශක අංශ මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනූව සමාජ මාධ්‍ය ජාලා තුළ අසත්‍ය ප්‍රචාර සහිත Post පල කරන Profile සහ ෆේස්බුක් පිටු පිළිබදව විශේෂ සුපරීක්ෂනයක් විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව සහ ආරක්ශ අංශ […]