ලබන 6 වෙනදි නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය පැවැත් වෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය තමයි නිදහස් සටනට එන්නේ. හතුරුසිංහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියට ගත්තාට පස්සේ බංගලාදේශයට තාම ප්‍රධාන පුහුණුකරුවෙක් නෑ. ශ්‍රී ලංකාව එක්ක තිබ්බ ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟාවලියට බංගලාදේශය සහභාගී වුණේ පුහුණුකරුවෙක් නැතුව. හැබැයි පන්දු යවන්නන් පුහුණු කරන්න ලංකාවේ පුහුණුකරුවෙක්ම කැදවන්න බංගලාදේශය තීරණය […]
මුස්ලිම් කඩයක කෑම වලට වඳ බෙහෙත් දාලා දුන්නා කියන සිද්ධියක් නිසා අම්පාර ප්‍රදේශයේ ලොකු කලබලයක් අැති වුණා. ලංකාවේ කොහේ මොනවා වුනත් ඉක්මනටම කැළඹෙන බුකියත් මේ සිද්ධියෙන් රත්වුණා. මුස්ලිම් කඩවර්ජනය කරන්න ඕන කියලා සමහරු බුකියේ කියලා තිබ්බා. ලංකාවේ ජනප්‍රිය Facebook ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුත් මේ ගැන අදහස් දක්වලා තිබ්බා. “මුස්ලිම් කඩ වර්ජනය කරන්න නම් සිංහල කඩ හරියට කරන්න” […]
ස්වභාවධර්මයත් හරි පුදුම දෙයක්. සමහරුන්ට කිසිම අඩුවක් පාඩුවක් නැතුව දේවල් දෙනකොට සමහරුන්ට දෙන්නේ ටිකක් අමාරුවෙන් ලබා ගන්න. ජිල් සහ මයිකල්ට හිටියේ පිරිමි දරුවන් දෙන්නෙක්. එ් නිසා පුංචි දූ සිඟිත්තක් පවුලට හිටියා නම් හොදයි කියලා ඔවුන් හිතුවා. ස්වභාවධර්මයත් ඔවුන්ට එකවර දියණියන් දෙන්නෙක්ම දුන්නා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මේ සිඟිත්තියන් දෙන්නම පපුවෙන් එකට බද්ධ වෙලා හිටියේ. හැබැයි […]
පූජා උමාශංකර් ඉන්දියාවේ නිළයක් වුණාට ලංකාවේ තමයි වැඩියෙන්ම ජනප්‍රිය. ලංකාවේ රසිකයින් අැය ලංකාවේ නිළියකට වගේම අාදරෙයි. ලඟදි දවසක අැය නුවර යද්දී ලොකු ට්‍රැෆික් එකකට අහුවුණා. අැයගේ වාහනයට එහා පැත්තේ තිබුණේ පාසල් ළමයින් පිරිසක් හිටිය බස්රථයක්. පූජා දැක්කා විතරයි ළමයි ටික ජනේලෙන් එබිලා කෑ ගහන්න ගත්තා. කට්ටියව චිත්‍රපටියක රඟපාන්න ගන්න කියලත් පූජාගෙන් ඉල්ලුවා. මාතලේ පැත්තේ අාවොත් […]
මේ දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ වඳ පෙති. එ්කට හේතු වුනේ අම්පාරේ කෑම කඩයක අාහාරත් එක්ක දම්පාට පෙත්තක් සොයාගැනීම. මේ පෙත්ත මිනිසුන් වඳ වෙන්න දෙන එකක් කියලා තමයි ප්‍රචාරය වුණේ. එ් නිසා කුපිත වුණ මිනිස්සු අම්පාර නගරයේ ලොකු කලබලයක් අැති කරා. කෑම කඩ කිහිපයක් සහ වාහන කිහිපයක් විනාශ කරලා තිබ්බා. තත්වය පාලනයකරන්න මේ […]
එළඹෙන නිදහස් කුසලාන තරඟාවලියට එක්වන 20 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අද (27) අනුමැතිය ලබා දීල තියෙනවා. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කරල නැහැ. ඒ අතරේ ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වල තියෙනවා කියලයි ක්‍රිකට් අායතනය නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙන්නේ.
සුපිරි ඉන්දීය නිළි ශ්‍රී දේවිගේ මරණය ගැන, මරණ පරීක්ෂණය දවස් 2 ක් තිස්සේ තිබුනා. ඒ ඇයගේ මරණය ගැන සැක උපදවන එක එක විදිහේ ආරංචි ලෝකය පුරා යන අතරතුර. එත් මේ මරණය ගැන නිවැරදිම මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙලා තියෙනවා. ඇයගේ මරණයට හේතුව හදිස්සියේම සිහිය නැතිවීමෙන් පස්සේ බාත් ටබ් එකට වැටිලා, දියේ ගිලීමෙන් සිදු වුන මරණයක් […]
ලංකාවේ දේශපාලනඥයින්ගේ පුත්තු තාත්තගේ පවර් අරන් යකා නැටුවට පිටරටවල එහෙම නෑ. තාත්තා රටේ නායකා වුනත් පුතාට එයා තාත්තා විතරමයි. පහුගිය දවසක කැනඩාවේ අගමැතිතුමා ඉන්දියාවේ සංචාරයක නිරතවුණා. එයා අාවේ එයාගෙ මුළු පවුලමත් එක්ක. එ් කියන්නේ බිරිදයි ළමයි තුන්දෙනත් එක්ක. සංචාරය පුරාම ඔවුන හැසිරුණේ ඉන්දියානුවන් වගේ. ඉන්දියානුවන්ගේ සාම්ප්‍රධායික අැදුම් අැදගෙන, සාම්ප්‍රධායික පිළවෙත් කරමින් තමයි ගත කරේ. ඔය […]
කැබිනට් සංශෝධනයේදී වැඩියෙන්ම අවධානය යොමු වුන අමාත්‍යංශය තමයි නීතිය හා සාමය. සාගල රත්නායක මහතා එම අමාත්‍යංශයෙන් ඉව් වුණාට පස්සේ කාට දේවිද කියලා තමයි හැමෝම බලාගෙන හිටියේ කැබිනට් සංශෝධනය කිට්ටු වෙද්දී වටින් ගොඩින් කියවුනේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට එම අමාත්‍යංශය දෙන්න යනවා කියලා. හැබැයි කැබිනට් සංශෝධනයේදී එම අමාත්‍යංශය ලැබුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට. හැබැයි එතුමා නීතිය […]
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටිය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව පහුගිය දා අායෙත් ලංකාවට කැදෙව්වා. හමුදාපතිවරයා නම් කිව්වේ ඔහුගේ අාරක්ෂාවට එහෙම කරා කියලා. හැබැයි අද තිබ්බ මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න කිව්වේ වෙනම කතාවක්.. ඔහු කිව්වේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක් ලබා දීලා කියලා. එ් වගේම […]
පාසලක උත්සවයකට දේශපාලනඥයෙක් අාවම ළමයින්ට කියලා බුලත් දීලා මල් මාලා දාලා වන්දවලා පිළිගන්නේ. දැන් නම් ලංකාවේ ගුරුවරුන්ටත් දේශපාලනඥයාන්ට දණ ගහලා වදින්න වෙලා තියෙන්නේ. එහෙම වෙලාවක මුදල් මා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වටිනා ප්‍රකාශක් කරා. එතුමා පාසලක උත්සවයකට සහභාගී වුන වෙලාවක තමයි මේ ප්‍රකාශය කරේ. රටේ තියෙන සේරම නොහොඹිනා වැඩ කරන දේශපාලනඥයින්ට දණ ගහලා වදින්න […]
වයසට යද්දි සමහර පුද්ගලයින්ගේ කන් අැහෙනවා අඩු වෙනවා. අලුතින්ම හොයාගෙන තියෙන දෙයක් තමයි වයසට යද්දි කන් අැහෙනවා අඩු වෙනවා නම් ඔබේ මතක ශක්තියත් අඩු වෙනවා කියලා. පුද්ගලයින් 1600 ක් යොදාගෙන කරපු සමීක්ෂණයෙන් 75% වඉා මේ ගැටලුව තියෙනවා කියලා හෙළිවෙලා තියෙනවා.