News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

අන්තිම පෙට්ටිය

Generic placeholder image

මේ ලෝකේ ඉන්න සෑම දෙමව්පියෙකුටම තමන්ගේ දරුවන් සම්පතක්.. දරුවන්ට සැබෑ ආදරය දෙමව්පියන්ගේ පමණයි ලැබෙන්නේ. ඒ සෙනෙහස රැකවරණය අසිමන්තිකයි. …එවන් කතාවක් ගැනයි මේ..


Jun
4

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Generic placeholder image

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පරිසර යුක්ති කේන්ද්‍රය එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවරයන් පිරිසක් විසින්ය.


Jun
4

නායයෑමෙන් අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියකගේ සිරුර හමුවෙයි

Generic placeholder image

රත්නපුර ඇල්ල දේවාලය අසල පස්කන්දක් නායයෑම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙන අතර ඉන් එක් අයෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන තිබෙනවා. අනතුරෙන් මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි තරුණියක්. කෙසේ වෙතත් අතුරුදහන් වූ තවත් පුද්ගලයෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ අවුරුදු 10ක පිරිමි දරුවෙකු බවයි පැවසෙන්නේ.


Jun
4

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පිරිසට සතොස අලෙවි සැල් හරහා භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව

Generic placeholder image

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පිරිසට සතොස අලෙවි සැල් හරහා භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ “අපි සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළා. ඒ අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීමේ කටයුතුවලට සහායවීමටයි. ඒ අනුව වෛද්‍යවරුන්, රාජ්‍ය සේවකයන්, නිරෝධායන රීති යටතේ […]


Jun
4

අද දිනයේදී එන්නත්කරණය සිදු කරනු ලබන ස්ථාන මෙන්න

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ අද දිනයේදී එන්නත්කරණය සිදු කරනු ලබන ස්ථාන පහත පරිදි වේ.


Jun
4

කැළණි සහ කළු ගංඟා ආශ්‍රිත ජල මට්ටම් ඉහළට – සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කැලණිය සහ කළු ගංඟා ආශ්‍රිත ජල මට්ටම ඉහල ගොස් ඇති බව පැවසෙන අතර ඒ හේතුවෙන් මේ ප්‍රදේශ වල පහත් බිම් වල ජිවත්වන ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව වාර්තා වෙනවා.


Jun
4

රජයේ රෝහල් මගින් මාස 02ක් සඳහා අවශ්‍ය ඖෂධ නිවසටම බෙදාහැරීම ඇරඹේ

Generic placeholder image

රජයේ රෝහල්වල සායන සඳහා සහභාගී වන සිටින රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වෙනවා. මේ අනුව රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස 02ක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු, වෙන වෙනම පාර්සල් කර, තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසටම ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා 072 0 […]


Jun
4

අධිවේගී මාර්ගයෙන් පිටත අතුරු මාර්ග ජලයෙන් යටවෙයි

Generic placeholder image

අධිවේගයේ කඩවත දෙසින් එන වාහනවලට කඩුවෙලින් පිටවිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරනවා. ඒ අධිවේගී මාර්ගයෙන් පිටත අතුරු මාර්ග ජලයෙන් යටවීම හේතුකොටගෙනයි.


Jun
4

පස්කඳු කඩා වැටිම් හා නායයාම් හේතුවෙන් රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්

Generic placeholder image

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පස්කඳු කඩා වැටිම් හා නායයාම් අනතුරු වලින් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.


Jun
4

කොළඹ තැන් කිහිපයකට අද වතුර නෑ

Generic placeholder image

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන සිට ජල සැපයුම ඇනහිට තිබෙනවා. කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.


Jun
4

ඊයේ මෙරටින් ආසාදිතයින් 3297ක් – වැඩිම ආසාදිතයින් ගම්පහින්

Generic placeholder image

අද දින උදෑසන වන විට මෙරටින් කොරෝනා 3297 දෙනෙකු අලුතින් හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 648ක්. අද දිනට කොරෝනා තත්ත්ව වාර්තාව පිලිබදව නිවේදනය පහතින් ,


Jun
4

තද වැසි පිලිබදව කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

තද වැසි පිලිබදව කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, […]


News Articles
Latest Videos
Most Popular Post