News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
3

තහවුරු කළ තවත් කොරෝනා මරණ 39 ක් මෙරටින් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ (02) මෙරටින් කොරෝනා මරණ වාර්තා වී නොමැති අතර ඉකුත් මැයි 17 වනදා සිට ජුනි පළමු වනදා දක්වා කාලය තුළ කොරෝනා මරණ 39 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1566 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
3

දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද සිට විවෘත වෙයි

Generic placeholder image

දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාසදහන් කරනවා. ඒ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන්. මේ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.


Jun
3

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 150 ක පමණ ඉතා තද වැසි

Generic placeholder image

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ක පමණ ඉතා තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල සවස් […]


Jun
2

සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 දක්වා දීර්ඝ කෙරේ

Generic placeholder image

මේ වන විට පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Jun
2

අමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 80ක් ගෝලීයව බෙදා හැරීමට සැලසුම්

Generic placeholder image

අමෙරිකාව සතු අතිරික්ත එන්නත් එන්නත් මාත්‍රා මි. 80ක් ගෝලීයව බෙදා හැරීමට අමෙරිකාව සූදානම් වනවා. ඒ අනුව ඊට අදාල ක්‍රමවේදය ඉදිරියේදී ගනු ලැබීමට නියම්ත අතර ෆයිසර් , බයෝටෙක්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20 ක් සහ ඇස්ට්‍රසෙනෙකා මාත්‍රා මිලියන 60ක් මෙලෙස බෙදා හැරීමට සුදානම් වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් […]


Jun
2

වැලිමඩ අක්කර 20 ක භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වෙයි

Generic placeholder image

වැලිමඩ, බැලුම්ගල කන්දේ ඇති වූ ගින්නකින් අක්කර 20 ක භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින්. ගින්නෙන් පීඩාවට පත් වූ පවුල් දෙකක පිරිස් මේ වන විට තාවකාලිකව නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බව පැවසෙනවා.


Jun
2

දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘත වෙයි

Generic placeholder image

දිවයිනේ සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල හෙට සිට විවෘතව තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහායි. වැඩි දුර විස්තර සදහා 1950 කෙටි දුරකථන අංකය අමතා තොරතුරු දැනගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


Jun
2

ධීවරයින්ට අනතුරු ඇගවීමක්

Generic placeholder image

පානදුර සිට කොච්චිකඩේ දක්වා වෙරළ තීරයන්ට ආසන්න මුහුදේ ධීවර කටයුතු වලින් ඉවත් වන ලෙසට ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ගිනිගත් නෞකාව මුහුදුබත් වීමේ අවදානම සැලකිල්ලට ගෙනයි. එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අද දිනය තුළ මුහුදේ ගිලියාමට හැකි හෙයින් යාත්‍රාවේ ඇති ඉන්ධන ඇතුළු අපද්‍රව්‍ය මෙන්ම දැවී ගිය කන්ටේනර්වල යකඩ කොටස් මුහුදේ පාවී යාත්‍රාවල ගැටීමේ අවදානමක් […]


Jun
2

X-PRESS PEARL නෞකාවේ එක් පැත්තක් මුහුදු පතුලේ ගැටෙයි – නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම නවතා දමයි

Generic placeholder image

X-PRESS PEARL නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කල අතර කෙසේ වෙතත් එම කටයුතු මේ වන විට නවතා ඇති බව නාවික හමුදාව සදහන් කරනවා. ඒ එම නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීමත් සමඟයි.


Jun
2

ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යන X-PRESS PEARL නෞකාවේ ගුවනින් ලබාගත් නවතම ඡායාරූප කිහිපයක් මෙන්න

Generic placeholder image

ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යන X-PRESS PEARL නෞකාවේ ගුවනින් ලබාගත් ජායාරුප කිහිපයක් ලැබී තිබෙන අතර මෙම නෞකාවේ නිරීක්ෂන කටයුතු සදහා රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා. එයින් ලබාගත් ජායාරුප කිහිපයක් පහතින්,


Jun
2

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,877ක් අලුතින් හදුනා ගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් . එම ගණන 654ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 59ක්.


Jun
2

චීනයේ නිෂ්පාදිත Sinovac එන්නතට හදිසි භාවිතය සදහා who අනුමැතිය හිමිවෙයි

Generic placeholder image

චීනයේ නිෂ්පාදිත Sinovac කොරෝනා මර්දන එන්නත, හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post