News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
25

මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

Generic placeholder image

‍මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.


Dec
25

අසිරිමත් නත්තලට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබ පැතුම්

Generic placeholder image

නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුණුවන්ගේ සිත්, දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් සුබ පැතුම් […]


Dec
25

ජේසු උපත සිදු වූ අසිරිමත් නත්තල උදාවෙයි

Generic placeholder image

ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබීය. උන්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ හා අවබෝධයේ ඉගැන්වීම් මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදු […]


Dec
24

කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් යුක්‍රේනයෙන් ගෙන් වූ දේ (ඡායාරූප)

Generic placeholder image

කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් මෙරටට ගනේ වූ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව අද සිය භාරයට ගත්තා. අදාළ අපද්‍රව්‍ය තොගය යුක්‍රේනයේ සිට ආනයනයකර ඇති අතර ඒවා බහාලුම් 28ක දමා තිබියදී සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, යුක්‍රේනයේ Agronika Trade LLC නමැති ආයතනයක් මගින් එම බහාලුම් ආනයනයකර ඇති බවයි. අදාළ බහාලුම්වලින් බහාලුම් 8ක් පසුගිය 10වැනිදා […]


Dec
24

තවත් කොරෝනා මරණයක් අගලවත්තෙන් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. අගලවත්තේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති අතර එම පුද්ගලයා ඉකුත් 20 වැනිදා පිඹුර මූලික රෝහලට ඇතුළත්කර තිබුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එම පුද්ගලයාගේ […]


Dec
24

තවත් ආසාදිතයින් 182 හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 182 හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 588ක් ලෙසයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 35,548 දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය […]


Dec
24

නත්තල් දේව මෙහෙය පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

Generic placeholder image

අද සහ හෙට කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව අද රාත්‍රී සහ හෙට උදෑසන නත්තල් දේව මෙහෙය පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අදාළ ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.


Dec
24

තවත් ආසාදිතයින් 406ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 388 දෙනෙක් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 18 දෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


Dec
24

“ජනවාරි පළමුවැනිදා සිට විශේෂ බස් සේවාවක්” – සියත මෝර්නින්ග් ෂෝ එකේදී එන්.ටී.සී. ය ඒ ගැන කිව්ව කතාව

Generic placeholder image

ජනවාරි පළමුවැනිදා සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ආරම්භ කරන නව බස් රථ සේවාවක් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා අද සියත FM Morning Show වැඩසටහනට එක් වෙමින් පැවසුවා. ඔහු පැවසුවේ, ‘සිටි රයිඩ්’ නැමැති අදාළ සේවාවේ නියමු ව්‍යාපෘතිය මෙලෙස ලබන පළමුවැනිදා සිට ඇරඹෙන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා එය ක්‍රියාත්මක වන […]


Dec
24

හුදෙකලා කෙරුණු ප්‍රදේශ දෙකක් නිසා දුම්රිය ගමනුත් සීමා වෙයි

Generic placeholder image

අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට කොළඹ – කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති බවයි. ඒ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙනතුරු විවෘත නොවන බව ද […]


Dec
24

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ගණන 30,000 ඉක්මවයි

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 30,000 ඉක්මයා ගියා. ඒ, වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 686 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 30,568ක් ලෙසයි.


Dec
24

පොහොර උරයක දමා තිබු කාන්තා මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

පොහොර උරයක දමා තිබු කාන්තා මළ සිරුරක් පොල්ගොල්ල – හරත්තමඩම ප්‍රධාන මාර්ගය ආසනයේ දමා ගොස් තිබියදී පොලීසය විසින් සොයාගෙන තිබෙනවා. මිය ගිය අදාල කාන්තාව 49 හැවිරිදි වියෙහි පසුවූ තිදරු මවක් බවයි පැවසෙන්නේ. තියුණු ආයුධයකින් පහර දී මෙම කාන්තාව ජිවිතක්ෂයට පත් කර ඇති බවට වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post