මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන ලක්ෂ 733 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම ගණන 73,365,192ක්. එමෙන්ම වාර්තා වී ඇති ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 17කට ආසන්නයි. කොරෝනා මර්දනය කිරීම සදහා ලොව පුරා ප්‍රබල රටවල් නිපදවා ඇති කොවිඩ් එන්නත් මේ වන විට ජනතාවට ලබා දීම ආරම්භ කර තිබෙනවා.
දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. දිවයිනේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ අද (15) සවස හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 3ක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද සිට සති 05ක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද සිට ජනවාරි මස 19 වන දින දක්වා රට වසා දැමෙන බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් රූට් මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. ඒ අනුව සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 558 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24,867ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ භුමියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඈති බව ගිනි නිවන හමුදාව සදහන් කරනවා. ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 36 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් මෙම අනවසරයෙන් ධීවර කටයුතු කල පිරිස අත්අඩංගුවට ගැනුණා.
බස් ගාස්තු පවා වැඩි කළ පසුබිමක බස් රථ තුල අසුන් ප්‍රමාණයට වඩා මගීන් ගෙන යාම එනම් ධාවනය අවස්ථාවේ දී මගීන් බස් රථ තුල සිටගෙන ගමන් කිරීම නිරෝධායන නීති කඩ කිරීමක් බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලිපියක් පොලිස්පති වෙත යොමු කරමින් සදහන් කර සිටිනවා. ඒ අනුව එම නිතිය කඩ කරන පාර්ශව වලට එරෙහිව නිරෝධායන නීති අනුව […]
අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහාගිනි නිවන රථ 09ක් යොදවා ඇති බව ගිනිනිවන හමුදාව සදහන් කරනවා.
හෝමාගම මහාධිකරණය විසින් පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයින් 05 දෙනෙකුට එරෙහිව මරණ දඬුවම නියමකර තිබෙනවා. ඒ, 2009 වසරේදී හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී වෙනත් පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කිරීම හේතුවෙනි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කන්තලේ ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එම යානයේ ගුවන් නියමුවා පමණක් ගමන් කර තිබෙන අතර අදාල යානය ත්‍රීකුණාමලය චයිනා බේ කඳවුරේ සිට ගුවන් ගතවී ති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිත රෝගීන් වැඩියෙන් හමුවන බැවින් බස්නාහිර පළාතේ රැඳී සිටින පුද්ගලයින් හැකිතාක් සංචරණ කටයුතු සීමාකරන ලෙස ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලීමක් කර තිබේ. ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ හැකිතාක් ජනතාව නිසි ආකාරව සෞඛ්‍ය උපදෙස් පිලිපැදිය යුතු බවයි. මේවන විට මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 30,000ට ආසන්න […]