News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
14

“සල්ලිකාරයින්ගෙන් අරං නැති බැරි මිනිස්සුන්ට දෙන රොබින්හුඩ්”

Generic placeholder image

ඇති හැකි අයගෙන් අරගෙන නැති බැරි අයට දී ඇති හැකි අයත් නැති බැරි අය කරපු රොබින්හුඩ්.. අහන්න.. “හඳෙත් අහන අංක එකේ රේඩියෝ ඩබල” දිනපතා උදෑසන 7 සිට 10 දක්වා සියත FM Morning Show 98.2න් සහ 98.4න්


Dec
14

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා පාස්කු කොමිසම හමුවට

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රියාද් බදියුදීන් මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණියා‍. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සදහායි. මේ අතර ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හෙටින් අවසන් වීමට නියමිත බව ඊයේ නිවේදනය කෙරුණා. එහි වාර්තාව සකසමින් පවතින බවත් එම කටයුතු අවසන් වීමෙන් පසු අදාළ […]


Dec
14

ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා අභියාචනාධිකරණයට

Generic placeholder image

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා නව සභාපතිවරයෙකු සහ සාමාජිකයින් සිව් දෙනකු පත් කිරීම අභියෝගයට ලක් කරමින් එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු ගොනුකර ඇති රිට් පෙත්සම අද සළකා බැලුණා. ඒම අවස්ථාවේදී එහි වගඋත්තරකාරියක ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා අමාත්‍යවරිය […]


Dec
14

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ පියාගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි

Generic placeholder image

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාගේ පියා වන, අභාවප්‍රාප්ත ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී අවසන් ගෞරව දැක්වූවා. කලක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩන්ස්ටන් ජයසූරිය මහතා ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 80ක්. මාතර පිහිටි නිවසට ඊයේ පස්වරුවේ දේහය රැගෙන ඒමෙන් අනතුරුව ක්‍රීඩකයින්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් […]


Dec
14

තවත් 516කට සුවයි – මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 24,000 ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 516 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ මුළු ගණන 24,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 24,309ක් ලෙසයි. මේ අතර තවත් ආසාදිතයින් 8,329 දෙනෙකු රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 32,790ක් […]


Dec
14

නයිජීරියාවේ පාසලකින් පැහැර ගැනුණු සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම්

Generic placeholder image

නයිජීරියාවේ වයඹ දිග ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වූ පාසල් සිසුන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නයිජීරියාවේ කන්කාරා ප්‍රදේශයේ පිරිමි පාසලක සිසුන් පිරිසක් පසුගියදා මෙලෙස පැහැර ගැනීමට ලක්වුණා. පැහැර ගැනීම සිදු කළ බව පැවසෙන සන්නද්ධ කණ්ඩායම රජයේ හමුදා සමග වෙඩි හුවමාරුවක ද නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. පැහැර ගැනීමට ලක් […]


Dec
14

“කොරෝනා” අස්සේ මතුවන “සේනා”

Generic placeholder image

මුල්වරට 2018 වසරේ මෙරට වගාබිම් ආශ්‍රිතව පැතිර පැවැති සේනා දළඹු උවදුර යළිත් හිස ඔසවමින් ඇතැයි වාර්තා වනවා. ඒ, අනුරාධපුර, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාබිම් ආශ්‍රිතවයි. ආක්‍රමණශීලී පළිබෝධකයෙකු වන සේනා දළඹුවා පිළිබඳ 2016 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් මුල් වරට වාර්තා වූ අතර පසුව එම දළඹු ව්‍යාප්තිය සිදු වුණේ අප්‍රිකානු රටවල් දෙසටයි. බඩඉරිඟු, උක්, වී, […]


Dec
14

බන්ධනාගාර ආසාදිතයින් ගණන 3,000 ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳවියන් 122නෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 3,087ක් ලෙසයි.


Dec
14

පෙර පාසල් විවෘත කිරීම ගැන තීරණය ඉදිරි දෙසතිය තුළ

Generic placeholder image

වසා දැමුණු පෙර පාසල් සහ ප්‍රාථමික අංශ විවෘත කිරීමේ තීරණය ඉදිරි සති 2 තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා. කොරෝනා වසංගතය හේතුවෙන් පෙර පාසල් සහ ප්‍රාථමික අංශ වසා දැමීමට පසුගියදා තීරණය කෙරුණා.


Dec
14

ජපන් තරුණිය පැහැරගෙන ආ තරුණයා ඇප ලබා පිටව යයි

Generic placeholder image

ජපානයේ සිට කෝටිපති ජපන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයා අද ඇප ලබා පිටව ගියා. සති දෙකකට ඉහතදී අදාළ තරුණයාට ඇප හිමි වුව ද දින 14ක් නිරෝධායනයට යොමුකර තිබීම හේතුවෙන් ඔහුට පිටව යාමට හැකි වුයේ නැහැ. මෙරටින් ජපානයට පිටත්ව ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට තොරතුරු වාර්තා […]


Dec
14

විදෙස්ගත ලාංකිකයින් 100ක් දිවයිනට

Generic placeholder image

සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවලට ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 100දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඒ අනුව සිංගප්පූරුවේ සිට 08 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු, සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට 42දෙනෙකු ද එලෙස පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි මෙම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් […]


Dec
14

කොරෝනා අධි අවදානම් ප්‍රදේශ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ නවතම සිතියම ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව මෙම සිතියම නිකුත්කර තිබෙනවා. එමෙන්ම මේ මස 7 වැනිදා සිට ගෙවුණු දින 14 පදනම්කර ගනිමින් අදාළ සිතියම සකස්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග […]


News Articles
Latest Videos
Most Popular Post