News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

වැලිගම ග්‍රාම නිලධාරී වසම් 5කට සංචරණ සීමා

Generic placeholder image

මාතර , වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5කට තාවකාලිකව සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට මෙලෙස සංචරණ සීමා පනවනු ඇති. ඒ ඊයේ දිනය තුල වැලිගම නගරයෙන් කොරෝනා ආසාදිතයින් 18 දෙනකු හදුනාගැනීමත් සමගයි.


Dec
10

කොරෝනා වෛරසයට සිංහයනුත් ගොදුරු වෙයි

Generic placeholder image

මිනිස් ප්‍රජාවට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට සත්වයින් හටද අසාදනය වන බවට හදුනාගෙන තිබෙනවා. මේ අනුව ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්වෝද්‍යානයේ සිංහයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතර සිංහ ධේනුවන් තිදෙනෙක් ද වනවා.


Dec
10

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පුද්ගලයින් 150 දෙනකු අද pcr පරික්ෂාවට

Generic placeholder image

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ තෝරාගත් පුද්ගලයින් 150 දෙනකුගේ pcr පරීක්ෂණ අද ආරච්චිකට්ටුව සතිපොළ භූමියේදී සිදු කර තිබෙනවා. ඒ අතර බිංගිරිය ඇගළුම් කම්හලක සේවකයින් පිරිසක් ද සිටින බවයි වාර්තා වන්නේ. මිට පෙර එලෙස සිදු කරන ලද 100 දෙනෙකු සම්බන්ධ කරගගෙන සිදු කරනු ලැබූ pcr වාර්තා අනුව 31 දෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබුණා.


Dec
10

වසර 800කට පසු පෘථිවිවාසීන්ට නත්තල් තරුව දැකගැනීමේ අවස්ථාවක්

Generic placeholder image

මෙවර වසර 800 කට පසු පෘථිවිවාසීන්ට නත්තල් තරුව දැකගැනීමේ අවස්ථාවක් උද වී තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයින් වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වීමෙන් ඇතිවන දර්ශනය නත්තල් තරුව ලෙස හදුන් වන අතර මෙවර එය වඩාත් සමීපව මේ මස 16 වෙනිදා සිට 25 වෙනිදා දක්වා අතර කාලය තුල ලෝක වාසි ජනයාට දැකගත හැකි […]


Dec
10

ෆයිසර් එන්නත කැනඩාවත් පිළිගනී

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා ලොව පුරා රවටල් ඉතා තරගකාරීව එන්නත් නිෂ්පාදනය කර තිබෙන පසුබිමක ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත එම එන්නත් අතර ඉදිරියෙන් ම සිටිනවා. මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක් මෙම එන්නත සදහා අනුමැතිය ලබා දී තිබෙන අතර අද දිනයේ කැනඩාව ද ආදාල එන්නත සිය රට තුල භාවිතා කිරීම සදහා අනුමැතිය එරට සෞඛ්‍ය බලධාරීන් […]


Dec
10

වැලිසර ප්‍රදේශයේ දී රුපියල් කෝටියක හෙරොයින් සමග දෙදෙනෙක් කොටුවෙයි

Generic placeholder image

මහබාගේ – වැලිසර ප්‍රදේශයේ දී රුපියල් කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරුවන් දෙදෙනා හෙරොයින් පැකට් කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සැකකරුවන් දෙදෙනා අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Dec
10

ගත වූ පැය 24 තුල ඇමෙරිකාවේ කොරෝනා මරණ ගණන 3071ක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ඊයේ දිනය තුල පමණක් අමෙරිකෙවේ නව කොරෝනා මරණ ගණන 3000 සිමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 290,000 සීමාව අභියසට පැමිණ තිබෙනවා. තවමත් ලෝක කොරෝනා ආසාදිත තත්ව වාර්තාවේ හා මරණ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ද ඇමෙරිකාවයි.


Dec
10

විදේශ ගතව සිට මෙරටට එන පුද්ගලයින්ගේ නිරෝධායන දින ගණන දින 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණයක්

Generic placeholder image

විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයකට ලක් කෙරෙන අතර එහිදී එම පරීක්ෂණයේ ප්‍රතිපල මත අදාල පුද්ගලයා […]


Dec
10

පාලමුනේ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙක් ඝාතනය කෙරේ

Generic placeholder image

පාලමුනේ ප්‍රදේශයේ දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහුගේම ඥාතියෙක් වන වයස අවුරුදු 21 ක් තරුණයෙක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Dec
10

මැතිවරණ කොමිසම අද වැඩ අරඹයි

Generic placeholder image

අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයින් රාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති නිමල් පුංචිහේවා මහතා වන අතර එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.


Dec
10

ෆයිසර් ගැන නව නිවේදනයක්

Generic placeholder image

මේ වන විට එංගලන්තය මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා එරට ජනතාවට ප්‍රධාන කොව්ඩ් එන්නතක් වන “ෆයිසර් / බයෝ එන්ටෙක්“ එන්නත ලබා දීම ආරම්භ කර තිබෙන පසුබිමක එසේ එම එන්නත ලබා ගත් එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ දෙදෙනෙක් ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය සදහන් කරන්නේ […]


Dec
10

කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 24ක් වතුර නෑ

Generic placeholder image

අද දිනයේ පෙරවරු 7.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරනවා. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. අදාළ කාල සීමාව තුළ කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා […]


News Articles
Latest Videos
Most Popular Post