News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 697ක් හදුනා ගැනේ

Generic placeholder image

ඊයේ දිනය තුළ නව අ ආසාදිතයින් 697ක් හඳුනාගත් අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, එම ගණන 357ක්.ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,074ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


Dec
10

අදත් තරමක තද වැසි

Generic placeholder image

උතුරු,නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු […]


Dec
9

මෙරට කොරෝනා මරණ ගණන 144 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 144 දක්වා ඉහළ ගියා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දින 20ක් වයසැති බිළිඳා සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණය එලෙස වාර්තා වූ මරණ වනවා. එම මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Dec
9

කොරෝනා ඔසුව ගැන පරීක්ෂණයේ නිල වාර්තාව ඉදිරි දින කිහිපය තුළ – විශේෂ අධීක්ෂණයක් යටතේ එය නිෂ්පාදනයටත් පියවර

Generic placeholder image

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොරෝනා රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක අධීක්ෂණය යටතේ අද එම ඖෂධය නිෂ්පාදනය කිරීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර එම ඖෂධය පිළිබඳ පරීක්ෂණයේ නිල වාර්තාව ඉදිරි දින […]


Dec
9

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Generic placeholder image

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරි මස 3වැනිදා දිවයිනට පැමිණීමට නියමත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහායි. ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ, එහෙත් කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ නව කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා. […]


Dec
9

තවත් ආසාදිතයින් 335ක් – මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවා ගියා. ඒ, තවත් නව ආසාදිතයින් 335 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එලෙස හඳුනාගත් නව ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 694ක් වන අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන රෝගීන් […]


Dec
9

මහර ගැටුමෙන් මිය ගිය 11 දෙනාගේ අවසන් කටයුතු තවත් කල් යයි

Generic placeholder image

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ අවසන් කටයුතු විද්වත් කමිටුවේ වාර්තාව නිකුත් වන තෙක් සිදු නොකරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ, එලෙස මියගිය රැඳවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් එමගින් සමාජයට වන අහිතකර බලපෑම වළක්වා ගැනීමට එම සිරුරු ආදාහනය කළ යුතු බවට නීතිපතිවරයා කරුණු දැක්වූ අවස්ථාවේදීයි. ඒ […]


Dec
9

ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා. ශානි අබේසේකර මහතාගේ නීතිඥවරුන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.


Dec
9

මහර ගැටුමේ සුළ මුළ කමිටු අතුරු වාර්තාවෙන් හෙළි වෙයි

Generic placeholder image

මහර බන්ධනාගාරය තුළ පසුගිය 29 වැනිදා ඇති වූ ගැටුමට හේතුව එහි ඉඩ සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් බව ඒ පිළිබඳ සෙවීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පත් කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. අදාළ කමිටුව මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව සැකසූ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාවරයා වෙත පිළිගැන්වූයේ ඉකුත් සඳුදා […]


Dec
9

උත්සව සමයේ නිරෝධායන නීති නිසි ලෙස පිළිපදින්නැයි උපදෙස්

Generic placeholder image

උත්සවය සමය තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා නිරෝධායන නීති රීතිවලට අනුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව මෙම උත්සව සමයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මහජනතාව අවධානය යොමු කළ යුතු කරුණු කිහිපියක් එම අමාත්‍යාංශය පෙන්වා දී තිබෙනවා. එම කරුණු පහතින් : 01. මෙවර නත්තල් සමයේ / උත්සව සමයේ සාප්පු […]


Dec
9

බන්ධනාගාර සහ පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් ගණන තවත් ඉහළට

Generic placeholder image

තවත් නව ආසාදිතයින් 359 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 316 දෙනෙකු සහ බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් 43 දෙනෙකු වශයෙන්. ඒ අනුව මේ වනවිට එම පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 26,181ක්. එමෙන්ම මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ, 29,378ක් වන අතර ආසාදිතයින් 7436 දෙනෙකු රෝහල්වල සහ ප්‍රතිකාර […]


Dec
9

කොරෝනා ආසාදිතයින් තවත් 542කට සුවයි

Generic placeholder image

අද (09) දිනය තුළ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 542 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන 21,800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post