සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා. කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත […]
කොරෝනා වෛරසය සෑම පෘෂ්ඨයක් මතම රැදෙන බවට මේ වන විට සොයාගෙන තිබෙන නිසා අමු මාළු පෘෂ්ඨයන් මතද මෙම වෛරසය තිබීමට ඉඩ ඇති බැවින් අමුවෙන් මාළු අනුභව කිරීමෙන් වෛරසය සෘජුව ශරීර ගතවිය හැකි බවට වාර්තා වෙනවා. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය අමු මාළු අනුභව කිරීම සඳහා සකස් වී තිබෙන නමුත් මිනිසාගේ එසේ නොවන බවත් […]
මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ බොහෝ පිඩාවට පත්ව සිටින ලොව පුරා රටවල් අතර ඇමෙරිකාව පෙරමුණේ තවමත් පසුවන අතර මේ වන විට ඇමෙරිකාව තුල කොරෝනා වෛරසය එහි පාසල් ළමුන් පුරා සීග්‍රයෙන් පැතිර යන බවට විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එරට පාසල් ළමුන් ලක්ෂ 03 කට පමණ මේ වන විට මෙම වෛරසය ආසාදනය වී […]
අද දින උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 327ක් හඳුනා ගෙන තිබෙනවා. දේශියව පුද්ගලයින් 325ක් සහ විදේශය රටවල සිට මෙරටට පැම්ණි විදේශිය මුහුදු ආරක්ෂකයින් 02 දෙනෙකු ලෙස එය වාර්තා වෙනවා. ඊයේ හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩ්ම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේකො ළඹ ප්‍රදේශයෙන් වන අතැර එම ආසාදිතයින් ගණන 157 ක්,ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 111 ක්, රත්නපුර ප්‍රදේශයෙන් […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.ඒ අනුව දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]
මලාපවහන පද්ධති තුළ ද කොරෝනා වෛරසය පැවතිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, වෛරසයේ හැසිරීම තවමත් අධ්‍යයන මට්ටමේ පවතින බවයි. මල ද්‍රව්‍ය ජල පද්ධතිවලට එකතුවීමේ හැකියාවක් පවතින බවත් ඒ තුළින් විවිධ ස්ථානවලින් වෛරසය හඳුනාගැනීමේ හැකියාව පවතින බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
තමන් සාර්ථක ද අසාර්ථක ද යන්න පිළිබඳ හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලවල පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද රාත්‍රී ජාතිය අමතමින්. ජනතාව අපේක්ෂා කළ පරිදි රට සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුළ ගෙන ඇති බවත්, ජාති […]
තවත් නව කොරෝනා ආසාදිතයින් 92ක් හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපතිවරයා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 325ක්. එමෙන්ම දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 14,893ක් ලෙසයි.
මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇළපාත, කහවත්ත, වැළිගෙපොළ, බලංගොඩ, ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, නිවිතිගල, කොළොන්න සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් එම නාය යෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරුණා. නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ කාල […]
ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ නංවමින් තවත් තිදෙනෙක් මියගියා. කඳාන, කොළඹ 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් එලෙස මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම මරණ කොරෝනා මරණ ලෙස තහවුරු කළා. එම මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
කොරෝනා වෛරසය ආසාදනය වී තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට තුළ භාවිත කිරීම සඳහා සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, ඇන්ටිජන් බේස් රැපිඩ් ඩයෝග්නස් ටෙස්ට් නමැති පරීක්ෂාව සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ ලබා දුන් […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 14,801ක්.