News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

ආසාදිතයින් 137කින් යුත් තවත් කොරෝනා කණ්ඩායමක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 137 දෙනෙකු දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 5 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර සෙසු 132දෙදෙනා හඳුනාගෙන ඇත්තේ පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි. එම 137 දෙනාගේ ආසාදිත කණ්ඩායම හඳුනා ගැනීමත් සමග අද දිනය තුළ හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ […]


Nov
3

ඇමරිකානු ජනපති සටනේ ඡන්ද විමසීම ඇරඹෙයි (ඡායාරූප)

Generic placeholder image

ඉදිරි සිව් වසර සඳහා ඇමරිකාවේ පාලන බලය හිමිවිය යුත්තේ කාට ද යන්න පිළිබඳ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරණ ඡන්ද විමසීම මෙවර පැවැත්වෙන්නේ කොරෝනා වෛරසයෙන් ලොව සියලු රටවල් පරදා ඇමරිකාව ප්‍රමුඛ ස්ථානය ගෙන සිටින පසුබිමකදී වීම ද විශේෂත්වයක්. මෙවර ජනාධිපති සටනේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරඟ වදින වත්මන් ජනාධිපති […]


Nov
3

23 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේ නිවසේදී මියගිය කාන්තාවකගේ සිරුර පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. අදාළ කාන්තාව උණ, කැස්ස, උගුරේ ආසාදනය ආදී රෝගී තත්ත්වයන්ගෙන් පෙළී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ බවත්, මරණයට ආසන්නතම හේතුව පෙනහළු ආසාදනය වීම බවත් හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් […]


Nov
3

අද මේ දක්වා මෙරට නව ආසාදිතයින් 272 ක් වාර්තා වෙයි

Generic placeholder image

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 272 ක් දැනට වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ දන්වයි. 269 ක් ආශ්‍රිතයින් ලෙසත් 3 ක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් ලෙසත් නම් කර ඇත.


Nov
3

මුට්ටිය ගඟට දාන්න කලින් කරන්න තිබ්බ දේවල් ගැන විපක්ෂ නායක සජිත්, ඇමතිනි පවිත්‍රාට කිව්ව දේ

Generic placeholder image

පැය දෙකක කාලයක් සඳහා අද උදැසන පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර සිදු වූ සංවාදයේදී විපක්ෂ නායකවරයා කියා සිටියේ, පසුගියදා අමාත්‍යවරියට ආගමික වතාවත්වල නිරත වනවාට බොහෝ දෑ කිරීමට ඉතිරිව තිබූ බවයි. එහිදී අදහස් දැක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා : “මුව ආවරණ අවශ්‍යයි කිව්වා. ඇමතිතුමිය […]


Nov
3

නිරුපද්‍රිතව තිබූ එකම දිස්ත්‍රික්කයටත් කොරෝනා

Generic placeholder image

මෙතෙක් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ එකම දිස්ත්‍රික්කය වන කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙනුත් අද ආසාදිතයෙකු වාර්තා වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසනවා. කිළිනොච්චිය, කණ්ඩාවේලෙයි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකුට එලෙස කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හදුනාගෙන තිබෙනවා. ඔහු කොළඹ පිහිටි හෝටලයක සේවයේ නියුතු අයෙකු වන අතර පසුගිය 28 වැනිදා සිය නිවස වෙත පැමිණ තිබුණා. ඉන් අනතුරුව එම […]


Nov
3

කෑගල්ලේ වෛරස් ව්‍යාප්තිය පාලනය වෙමින් පවතින බව දිස්ත්‍රික් ලේකම් කියයි

Generic placeholder image

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 126ක් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසනවා. දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය අංශ මගින් මේ වනවිට දිස්ත්‍රික්කය තුළ පවුල් 1547ක් නිරෝධායනයට යොමු කර ඇති බවයි. එම පවුල් සඳහා රුපියල් දස දහසේ ආහාර මල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබා දීමට අවශ්‍ය කටයුතු ද සිදු වෙමින් පවතිනවා. එමෙන්ම […]


Nov
3

අග්‍රාමාත්‍යවරයාට නියෝජිතයෙක්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පත්කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, මේ සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා අනුමැතිය ලබා දී ඇති බවයි. ඒ අනුවයි අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස ඩග්ලස් දේවානන්ද මහතා පත් කෙරුණේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් වන […]


Nov
3

නැන්දම්මා මරා මාමණ්ඩිය ද මැරීමට උත්සහ කරමින් සිටි ලේලියක් කොටු වෙයි

Generic placeholder image

නානුඔය ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් නැන්දම්මා ද ඝාතනය කර ඉන් පසු මාමණ්ඩිය ද වතු යායේ වැසිකිලියක ගෙල සිරකරගෙන මැරීමට උත්සහ කරමින් සිටි ලේලියක් පිලිබදව වාර්තා වෙනවා. අසල් වාසී පිරිසකට එම මාමණ්ඩිය කෑ ගසන ශබ්දය ඇසී එම ස්ථානයට පැමිණ ඇති විට එම ලේලිය ඔවුන් විසින් අල්ලාගෙන තිබෙනවා. අදාල පුද්ගලයාගේ අතුරුදන් වූ බිරිද එම පිරිස […]


Nov
3

මුදල් කාරක සභාවට මන්ත්‍රීවරුන් 18ක්

Generic placeholder image

අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මුදල් කාරක සභාවට මන්ත්‍රීවරුන් 18 දෙනෙකු නම් කරනු ලැබුවා. ඒ, නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේදී කටයුතු කිරීම සඳහායි. ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, ආචාර්ය සරත් වීරසේකර, ඩී.වී චානක, ආචාර්ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන් ඒ අතර වනවා. එමෙන්ම අනුර ප්‍රියදර්ශන […]


Nov
3

යළිත් චීනයේ කොරෝනා හිස ඔසවන ලකුණු

Generic placeholder image

කොරෝනා වෛසරයේ තිඹිරි ගෙය වන චීනය පසුගිය මාස කිහිපය තුළ සම්පූර්ණයෙන් ඉන් මිදී සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු පවත්වාගෙන ගිය බව විටින් විට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එහෙත් යළිත් එරට තුළ කොරෝනා වෛරසය හිස ඔසවන ලකුණු මතු වෙමින් පවතිනවා. ඒ ඊයේ දිනය තුළ වෛරසය ආසාදනය වූවන් 49 දෙනෙකු වාර්තා වීමත් සමගයි. චීන මාධ්‍ය පෙන්වා […]


Nov
3

අද වාර්තා වන 22 වැනි කොරෝනා මරණය

Generic placeholder image

පසුගිය පළමුවැනිදා මියගිය කාන්තාවකගේ දේහය පිළිබඳ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව ඇය මියයාටම ආසන්නතම හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වය ලෙස වාර්තා වන අතර මෙම මරණය මෙරට 22 වැනි කොරෝනා මරණය ලෙස තහවුරු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ. එලෙස මියගොස් […]


News Articles
Latest Videos
Most Popular Post