News Line| Off Air
Generic placeholder image

Oct
23

මාළු උයනකොට මුණ ඇල්ලීමෙන් වළකින්න

Generic placeholder image

පෑලියගොඩ මාළු වෙළෙඳපොළ තොග වශයෙන් මාළු බෙදාහරින ස්ථානයක්වීම හේතු කොටගෙන දිවයින පුරා මාළු වෙළෙද සැල් වල එම මාළු විකිණීම දක්නට ලැබෙනවා. මේ වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මාළු පාරිභෝජනය පිලිබදව ජනතාව අනිසි බියක් ඇති කර ගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා […]


Oct
23

එල්.පී.එල් තරඟයේ නිල කාලසටහන නිකුත් වෙයි

Generic placeholder image

එල්.පී.එල්. ක්‍රිකට් තරඟාවලියේ නිල කාලසටහන නිකුත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඒ අනුව එළඹෙන නොවැම්බර් මස 21 වැනිදා තරඟාවලිය ආරම්භ වන අතර අවසන් මහ තරඟය දෙසැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත බවයි. නොවැම්බර් 21 වැනිදා සවස 3ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එල්.පී.එල්. තරඟාවලියේ සමාරම්භය සනිටුහන් වන අතර එදිනම රාත්‍රී 7.30ට පළමු තරඟය Colombo Kings කණ්ඩායම […]


Oct
23

බියගම MAS සේවකයෙකුටත් කොරෝනා

Generic placeholder image

බියගම පිහිටි මාස් (MAS) ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සිටි අයෙක් වන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයිඩීඑච් උණ රෝහලට මාරු කර යවා තිබෙනවා. ඔහු සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු සමඟ ඇසුරු කර ඇති […]


Oct
23

20ට සහය දැක්වූ නිසා අරවින්ද් කුමාර් පක්ෂයෙන් නෙරපයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නායකත්වය තීරණය කර තිබෙනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ, විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ඊයේ පැවැති ඡන්ද විමසීමේදී අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයා ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඉදිරියේදී දේශපාලන මණ්ඩලය රැස්කර අරවින්ද් කුමාර් […]


Oct
23

ජීවිතාරක්ෂාව ඉල්ලා පොඩි ලැසී ගොනු කළ පෙත්සම විභාගයට නොතීසි නිකුත් කරයි

Generic placeholder image

ජීවිතාරක්ෂාව ඉල්ලා පාතාල කල්ලි නායකයකු වන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී තම නීතීඥවරිය මගින් අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සමක් විභාග කිරීමට නොතීසි නිකුත් කර තිබෙනවා. පොඩි ලැසී නැමැත්තා සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණේ රදවාගෙන සිටින තමන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කර දෙන ලෙසටයි.


Oct
23

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියටත් කොරෝනා

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කරන සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එලෙස වෙෙරසය ආසාදනය වී ඇත්තේ, රෙජිස් චක්බ්වා සහ ටයිමයිසින් මරුමා යන ක්‍රීඩකයින් දෙදෙනාටයි. ඔවුන් දෙදෙනා පකිස්තාන සංචාරය සඳහා ද ඇතුළත්ව සිටියා.


Oct
23

කොස්ගම රෝහලෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා බොරැල්ලෙන් හමු වෙයි

Generic placeholder image

කොස්ගම රෝහලෙන් පළා ගිය කියන කොරෝනා වෛරසය ආසාදිත තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සැගව සිටියදී අදාල පුද්ගලයා පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.


Oct
23

හකීම් හා බදියුදීන්ගේ පක්ෂ සමගි ජන බලවේගයෙන් නෙරපීමට යෝජනාවක්

Generic placeholder image

ඊයේ දිනයේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ජන්දය ලබා දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින පක්ෂ වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන පක්ෂ සමගි ජන බලවේග සන්ධානයෙන් නෙරපා හරින ලෙස සමගි ජන බලවේගයේ සාමාජිකයින් එහි නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා. සන්ධානගත පක්ෂයේ මතයට විරුද්ධව ඊයේ සිය විරෝධය පල කරමින් 20 වෙනි ආණ්ඩුක්‍රම […]


Oct
23

බලපිටිය අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ 15 කට කොරෝනා

Generic placeholder image

කොළඹ නැව් තටාංගනයේ කොරෝනා අසාදිත බවට හදුනාගත් වරාය සේවකයාගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 15 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව මේ වන විට කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී තිබෙනවා. මෙම ආශ්‍රිතයා ගේ ඇසුරු කල අශ්‍රිතයින් 50 දෙනකුගෙන් ලබාගත් pcr වාර්තා අනුව ඉන් 15 දෙනකුට මෙම වෛරසය ආසාදනය වී තිබෙන බව […]


Oct
23

මාළු පරිභෝජනය සුදුසු ද? වෙෙද්‍ය සුදත් සමරවීර කියූ දේ

Generic placeholder image

මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙෙද්‍යවරයා මේ අදහස් පළ කළා. “කොවිඩ් 19 වෛරසය නොයෙක් පෘෂ්ඨයන් තුළ එක්තරා කාලයක් පවතින්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ පිළිබඳව තොරතුරු හොයාගෙන තිබෙනවා. වූහාන් ප්‍රාන්තයේ ආරම්භයේදී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළඳසැලක් ආශ්‍රිතව. […]


Oct
23

කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් හෝමාගම වෙළෙද සංකීර්ණයේ මාළු වෙළෙද සැලක් වසයි

Generic placeholder image

හෝමාගම වෙළෙද සංකීර්ණයේ මාළු වෙළෙද සැලක හිමිකරුවෙකු කොරෝනා අසදිතයෙකු බවට වාර්තා වීමත් සමග හෝමාගම වෙළෙද සංකීර්ණයේ පිහිටි එම මාළු වෙළෙද සැල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අනුව එම වෙළෙද සැලේ සේවකයින් හා පවුලේ සමීපතමයින් නිරෝධායනයට යොමු කර ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Oct
23

උ/පෙළ විභාගයේ පොදු පරීක්ෂණයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව දුන් පණිවිඩය

Generic placeholder image

මීට පෙර වසරක පවත්වන ලද උසස් පෙළ විභාගයක සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂයයට පෙනී සිට ලකුණු 30 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති අපේක්ෂකයින් මෙවර උසස් පෙළ විභාගයේදී එම ප‍්‍රශ්න පත‍්‍රය සදහා නැවතත් පෙනී සිටීම අත්‍යාවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, මීළග විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවශ්‍යතාවය සදහා පෙර ලබාගත් […]


News Articles
Latest Videos
Most Popular Post