News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

ජින්තුපිටිය ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද

Generic placeholder image

කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදුකරන බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි වසංගත රෝග අංශයේ වෙෙද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ, අද දිනය තුළ පී.සී.ආර්. පරීක්ෂණ සියයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම මෙම සතිය තුළ අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ සාම්පල ලබාගෙන එම පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව ද […]


Oct
17

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක් පත්කර තිබෙනවා. පොලිස් මුලස්ථානය පැවසුවේ, එම තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත්කර අැති බවයි. මින් පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. ද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස නම්කර ඇති බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා. පොලිස් මූලස්ථානය […]


Oct
17

නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල වෙළදසැල් යළි වැසේ

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සියලු වෙළදසැල් සහ ඔෞෂධසැල් අද සිට යළි වසාදමන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙන්නේ, පවතින තත්ත්වය යටතේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව ද සංචරණය සීමා කොට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය පාලනය සදහා සහයෝගය ලබාදෙන ලෙසයි. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ආහාර ද්‍රව්‍ය සහ ඔෞෂධ […]


Oct
17

ගම්පහ දිස්ත්‍රික්කයේ 1485කට කොරෝනා

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 1485 දෙනෙකුට කොරෝනා වෙෙරසය අාසාදනය වී අැතැයි මෙතෙක් කළ පී.සී.අාර්. පරික්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා ප්‍රකාශ ක‌ළේ, එම දිස්ත්‍රික්කයේ පී.සී.අාර් පරීක්ෂණ 19,416ක් මේ දක්වා සිදුකර ඇති බවයි. දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපවල නිරන්තරයෙන් පී.සී.අාර්. පරීක්ෂණ සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.


Oct
16

ඇඳිරි නීති ප්‍රදේශ වල නීතිඥයන්ට ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට ඒම තහනම් කෙරේ

Generic placeholder image

මේ වන විට නිරෝධායන ඇදිරි නිතිය පවතින ප්‍රදේශ වල සිටින නීතිඥවරුන් ඇතුළු සියලු පාර්ශ්ව නඩු කටයුතු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට ඒම තහනම් කර තිබෙනවා. මේ අනුව ඇදිරි නිතිය පවතින කාලය තුල මෙලෙස පැමිණෙමින් වලකින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා වැඩි දුරටත් නිවේදනයක් මගින් දන්වා තිබෙනවා.


Oct
16

අනුලා බුලත්සිංහල කලාවේදිනිය දිවි සැරිය නිම කරයි – දේහය පිළිබද අවසන් කටයුතු හෙට

Generic placeholder image

ප්‍රවීණ කලාවේදිනී අනුලා බුලත්සිංහල මහත්මිය අද පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා. එ්, අසනීප තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දශක ගණනක් ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කිරීමට අැය සමත් වූයේ සිය විශිෂ්ට රංගන සහ ගායන හැකියාව මොනවට විදහා පාමින්. ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සහ සිනමා නිර්මාණ රැසකට දායකත්වය ලබා දුන් අැය ඉන් කිහිපයක […]


Oct
16

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1850 දක්වා ඉහළට

Generic placeholder image

මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 61ක් වාර්තා වී තිබෙනවා. මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 1850 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි සදහන් වන්නේ.


Oct
16

කොරෝනා ආසාදිත මාධ්‍යවේදියා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් ගිය බවට සැකයක්

Generic placeholder image

කොරෝනා අසාදනය වූ බව පැවසෙන මාධ්‍යවේදියා ඉකුත් 13 වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට කරුණු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.


Oct
16

මරදාන ප්‍රදේශයේ බැංකු නිළධාරිනියකටත් කොරෝනා

Generic placeholder image

කොළඹ මරදාන ප්‍රදේශයේ වාණිජ බැංකුවක සේවය කරන නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව කරන ලද pcr පරික්ෂනයකින් තහවුරු වී තිබෙනවා. බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරන්නේ වයස අවුරුදු 33 වන මෙම ආසාදිත නිලධාරිනියගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කර ඇති බවයි.


Oct
16

නිව් ඩයමන්ඩ් කපිතාන් නියම කළ දඩය ගෙවයි

Generic placeholder image

නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට පසුගියදා අධිකරණයෙන් නියම කළ දඩ මුදල ගෙවූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. එ්, නඩුව අද කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එහිදී අදාළ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, තම සේවාදායකයා වරද පිළිගෙන, දඩ මුදල ද […]


Oct
16

ප්‍රවීණ කළා ශිල්පිනි අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීන කළා ශිල්පිනි අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ය. අභාවප්‍රාප්ත වන විට එතුමිය 73 වන වියේ පසුවූවා.


Oct
16

කටුනායක වෙළද කලාපය අවදානම් – දිවුලපිටිය සහ මිනුවන්ගොඩ තත්ත්වය යම් දුරකට පාලනය වෙමින් ඇතැයි උපුල් රෝහණ කියයි

Generic placeholder image

කටුනායක වෙළද කලාපය අාශ්‍රිතව කොරෝනා වෙෙරසය අාසාදිත පුද්ගලයින් 135 දෙනෙකු පමණ හදුනාගෙන අැතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, මෙලෙස කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් එකවර ඒ ආශ්‍රිතව වාර්තා වෙමින් පැවතීම අවදානම් තත්ත්වයක් බවයි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට උපරීම උත්සහයන් දරමින් සිටින බව ද […]


News Articles
Latest Videos
Most Popular Post