News Line| Off Air
Generic placeholder image

Jul
7

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මෙම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ ආ රැදවියෙක් වන අතර එම රැදවියා ආශ්‍රය කල සෙසු පුද්ගලයින්ද pcr පරීක්ෂණයකට ලක් කරනබවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරන්නේ. .


Jul
7

ඇමෙරිකාවේ කොරෝනා මරණ ගණන 133,000 අභිබවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ආසධිතව මිය ගිය ඇමෙරිකාවේ පුද්ගලයින් පිරිස 133,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.එමෙන්ම ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන්ය. එම පිරිස මිලියන 03 ඉක්මවන බවයි සදහන් වන්නේ. මේ අතර මෙම තත්වය පාලනය කිරීම සදහා ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ගන්නා ක්‍රියාමාර්ග දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.


Jul
7

මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තවදුරටත් තර කරයි

Generic placeholder image

විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ මුහුදු සීමාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව නාවික හමුදාව පවසනවා. විශේෂයෙන් ඉන්දියාවේ සිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් මුහුදු මාර්ගයෙන් මෙරට උතුරු ප්‍රදේශයට පැමිණීමේ අවදානමක් පවතින බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මීට පෙර අවස්ථාවල දී මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නාවික හමුදාව […]


Jul
7

බස් රථ තොරතුරු දැනගන්න අද සිට ස්මාර්ට් ඇප් එකක්

Generic placeholder image

මගී බස් රථ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් අද හඳුන්වා දෙන අතර ඒ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසිනි. එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, MYBUS.SL නමින් එම යෙදවුම හඳුන්වාදෙන බවයි.


Jul
7

අද කාලගුණය

Generic placeholder image

අද දවසේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඌව සහ නැගෙනහිරපළාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ […]


Jul
6

කොරෝනා නිසා ධාවනය නොවූ දුම්රිය ගමන් සදහා සඳහා යළි ටිකට් පත්

Generic placeholder image

ඉකුත්දා කොරෝනා වෛරසය හේතුවෙන් තවකාලිකව නැවත දැමුණු දුම්රිය ධාවනය කටයුතු හේතුවෙන් යාමට නොහැකි වූ බලපත්‍ර හෝ මුදල් මත ආසන වෙන්කරවා ගත් මගීන්ට යලි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම වසර අවසාන වන්නට පෙර ඊට අදාල ටිකට් පත් වලට දින වෙන් කරගන්නා ලෙස එම මගින්ට දුම්රිය දෙපාර්තුමේන්තුව දන්වා සිටිනවා.


Jul
6

තවත් කොරෝනා ආසාදිතයින් 14ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1917ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (05) දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2076 දක්වා ඉහළ ගියා.


Jul
6

ජපානයට දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක්

Generic placeholder image

ජපානයට බලප ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයකට මේ වන විට මුහුණ දෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මෙම තත්වයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බවත් තවත් පුද්ගලයින් 40 කට අධික පිරිසක් සිර වී සිටින බවත් එම පිරිස මුදා ගැනීම සදහා එරට ආරක්ෂක අංශ සාමාජිකයින් 40,000 ක් යොදවා ඇති බවයි වැඩි […]


Jul
6

කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයට අමුත්තන් 05 කට එන්න අවසර

Generic placeholder image

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් 05 දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) දින සිට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව මහජන ආලින්දය වෙත පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ වලට අනුකූලව එම පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කළ […]


Jul
6

පාකිස්තානයේ සෞඛ්‍ය ඇමැතිටත් කොරෝනා

Generic placeholder image

පකිස්ථානයේ අමාත්‍යවරු දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට විදේශ අමාත්‍ය ෂාහ් මහමුද් සහ සෞඛ්‍ය අමාත්‍ය සෆාර් මිර්සාහටයි. මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් එරට මිය ගිය ගණන 4,762ක් ක් වන අතර වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 231,818ක්. මේ වන විට ලොව පුරා ආසාදිතයින් ගණන එක්කෝටි පහළොස්ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.


Jul
6

ජනපති සහභාගී වන තවත් ජන හමුවක් අද පුත්තලමේ

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධනය කරන තවත් ජන හමුවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කය මුලික කර ගනිමින් අද පැවැත්වෙනවා.


Jul
6

වනසතුන්ට සිදුවන අනතුරු දැනුම් දෙන්න දුරකථන අංකයක්

Generic placeholder image

වනසතුන් උගුල්වලට හසුවීමේ හා වනසතුන්ට සිදුවන වෙනත් හානි සම්බන්ධයෙන් දුරකථන අංක 1992 වෙත දැනුම්දෙන ලෙස හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය භාරකරු ලෙස කටයුතු කරන පී. එමි. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා පවසනවා. ඔහු ප්‍රකාශකලේ වන සතුන්ට සිදුව ඇති පීඩාවක් හෝ කරදරයක් ඉක්මනින් දැනුම් දීම මඟින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම පහසු වන බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඒ […]


News Articles
Latest Videos
Most Popular Post