කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් 05 දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) දින සිට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව මහජන ආලින්දය වෙත පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ වලට අනුකූලව එම පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කළ […]
පකිස්ථානයේ අමාත්‍යවරු දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට විදේශ අමාත්‍ය ෂාහ් මහමුද් සහ සෞඛ්‍ය අමාත්‍ය සෆාර් මිර්සාහටයි. මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් එරට මිය ගිය ගණන 4,762ක් ක් වන අතර වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 231,818ක්. මේ වන විට ලොව පුරා ආසාදිතයින් ගණන එක්කෝටි පහළොස්ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධනය කරන තවත් ජන හමුවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කය මුලික කර ගනිමින් අද පැවැත්වෙනවා.
වනසතුන් උගුල්වලට හසුවීමේ හා වනසතුන්ට සිදුවන වෙනත් හානි සම්බන්ධයෙන් දුරකථන අංක 1992 වෙත දැනුම්දෙන ලෙස හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය භාරකරු ලෙස කටයුතු කරන පී. එමි. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා පවසනවා. ඔහු ප්‍රකාශකලේ වන සතුන්ට සිදුව ඇති පීඩාවක් හෝ කරදරයක් ඉක්මනින් දැනුම් දීම මඟින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම පහසු වන බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඒ […]
බස් රථ මගී ජනතාවට සිය බස්රථය පැමිණෙන වේලාව පහසුවෙන් දැනගැනීමට හැකි නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile Passenger App) හදුන්වා දීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම ජංගම දුරකථන යෙදවුම හෙට එළිදැක්වීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ. මෙම උපකරණය තුලින් බස්රථයේ ආරම්භක ස්ථානය, ගමනාන්තය හා බස්රථයට ගොඩවන ස්ථනයේ සිට ගමනාන්තයට අය කරන මුදල […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද නියෝග කළා. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ. ඊයේ දිනයේ පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු කුසල් මෙන්ඩිස් සිය රථයේ හප්පා මරණයට පත් කිරීමේ සිද්ධිය අදාලව ඔහු පොලිසියට භාරවීමෙන් පසු අද […]
මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රලියාවේ නගර 02 ක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙලෙස මායිම් වසා දැමීමට තීරණය කර ඇත්තේ ඕස්ට්‍රලියාවේ වික්ටෝරියා සහ නිව් සව්ත් වේල්ස් යන ප්‍රාන්ත දෙකයි. අත්‍යවශ්‍ය සේවා පමණක් නගරයන් තුල ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 1255ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ප්‍රචණ්ඩක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී තිබේ.
අද සිට යලි විවෘත කිරීමට නියමිතව තිබූ ඉන්දියාවේ ලෝක ප්‍රකට ටජ්මහල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන තවදුරටත් කල් දැමීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ටජ් මහල පිහිටි අග්‍රා නුවර ඉන්දියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සිටින ප්‍රදේශයක් ලෙස සැළකේ.
මහර බන්ධනාගාරයේ කරන ලද හදිසි සෝදිසි කිරීමකදී සිර මැදිරියක තිබි ක්‍රියා විරහිත කරන ලද ජංගම දුරකතනයක් අත් අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය සදහන් කරනවා. මෙම සෝදිසි මෙහෙයුම සදහා නියුතු ජේලර්වරුන් හා නියාමක නිළධාරින් ඇතුළු නිළධාරින් 100 දෙනෙකු යොදවා ගත් බවයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරසය වාතයේ කුඩා අංශු වල අන්තර්ගත බව නවතම පරික්ෂනයකින් හෙළිව තිබෙන බව විදෙස් වාර්තා උපුටා දක්වනවා. රටවල් 32 ක විද්‍යාඥයන් 200 කට අධික පිරිසක් මෙම පරීක්ෂණය අධ්‍යනය කර තහවුරු කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව නව නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(06) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින බවය. කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(05) අලුයම ඔහු අත්අඩංගුවට ගැනුණ අතර පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් […]