News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
8

චීනයේ පාලමක් මතින් ධාවනය තිබු බස් රථයක් ජලාශයකට පෙරළීමෙන් 21ක් මරුට

Generic placeholder image

චීනයේ ගුයිෂු ප්‍රදේශයේ දී පාලමක් මතින් බස් රථයක් ගමන් කරමින් තිබියදී ජලාශයකට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස මිය ගිය පිරිසගෙන් වැඩි පිරිසක් විශ්ව විද්‍යාල සිසුන් බවයි පැවසෙන්නේ.


Jul
8

දකුණු ආසියාවේ වැඩිම කොරෝනා බලපෑම ඉන්දියාවෙන්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය බලපෑමෙන් ශ්‍රී ලංකාව, මාලදිවයින ආදී රටවල් හැරුණු විට දකුණු ආසියාවේ අනෙකුත් රවටල් දැඩි බලපෑමකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඒ අතර අසල්වැසි ඉන්දියාව ප්‍රධාන තැනක් ගන්නවා. මේ වන විට ඉන්දියාවේ දෛනිකව වාර්තා වන ආසාදිත ගණන 20 ,000 ඉක්මවා ගොස් තිබෙන අතර සමස්ත අසාදිත ගණන ලක්ෂ 07 ක් ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම […]


Jul
8

තවත් නාකොටික් පොලිස් නිලධාරියෙක් අල්ලයි

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු 17 වන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රාගමදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහායදීමේ චෝදනා එල්ලව තිබියදී පොලිසියෙන් වසන් වී සිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයා ඊයේ දහවල් කඩවත පොලිසියට පැමිණ භාර විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් […]


Jul
8

වව්නියාවේ දී දුම්රියක් පීලිපනී

Generic placeholder image

වව්නියාව සිට කොළඹ බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රියක් අද (08) උදැසන වව්නියාව අවුසදපිටිය ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක් ව තිබෙනවා. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වව්නියාව දුම්රිය ස්ථානය පවසයි. දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු නවතා ඇති බවද අප වාර්තාකරු කියා සිටියේය. දුම්රිය පීලිගත කිරීම් සිදුකිරීමට නියමිත අතර, දුම්රිය […]


Jul
8

දිස්ත්‍රික්ක 5කට නව විශ්වවිද්‍යාල 5 ක්

Generic placeholder image

දිස්ත්‍රික්ක 5ක නව විශ්වවිද්‍යාල ඉදිකිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ, කළුතර,නුවරඑළිය, මාතලේ, හම්බන්තොට හා මුලතිව් දිස්ත්‍රික්කවල එම විශ්වවිද්‍යාල ඉදිකරන බවයි ඒවායේ සැලසුම් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 5 ක් පත් කර ඇති බව ඇය […]


Jul
8

ඒ අනතුරට හේතුව බීමත්කමයි

Generic placeholder image

අද ලෝකයේ රිය අනතුරු බොහොමයකට හේතු වන්නේ බිමත්ව රිය පැදවීමයි. මේ හේතුවෙන් ලෝකයට මොහොතින් මොහොත අහිමි වන ජිවිත ගණන බොහෝය. එපමණක් නොව මාරාන්තික රිය අනතුරු වලින් ජිවිත කාලයම සිය ජිවිතයෙන් වන්දි ගෙවන මිනිසුන්ද අප අතර සිටිනවා. මේ ඒ පිලිබදව වන තවත් එක් නිදසුනක්.. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ […]


Jul
8

තවත් කොරෝනා ආසදිතයෙක් හදුනා ගැනේ

Generic placeholder image

සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් මෙලෙස කොරෝනා අසදිතයෙක් බවට pcr පරීක්ෂණයෙන් අනතුරුව හදුනා ගෙන තිබෙනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2081 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jul
8

අමෙරිකාව ලෝක ‍සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට නිල වශයෙන් දැනුම් දෙයි

Generic placeholder image

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්කර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.


Jul
8

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව […]


Jul
7

නාකොටික් IP පොලීසියට භාර වෙයි

Generic placeholder image

පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක IP වසන්ත කුමාර කඩවත පොලිසියට භාර වීමෙන් පසු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම වන විට CID භාරයට ගෙන තිබෙන බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා. මේ අනුව තවදුරටත් පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ දී සිදු කරන ලද මත් ද්‍රව්‍ය ජාවාරම් පිලිබදව විමර්ශන සිදු කරන බවත් මොහු අත් අඩංගුවට ගැනීම සදහා […]


Jul
7

tik tok තහනම් කිරීමට ඇමෙරිකාව සැරසෙන ලකුණු ?

Generic placeholder image

tik ටෝක් ඇතුළු චීන සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඇමෙරිකාව වඩාත් සලකා බලන බව එරටින් වාර්තා වෙනවා. ඉදිරියේදී මේ පිලිබදව වඩාත් කැපී පෙනෙන තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය ලේකම් මයික් පොම්පිඩ් සදහන් කරන්නේ.


Jul
7

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසධිතයින් ගණන 1955 ක් දක්වා ඉහලට

Generic placeholder image

කොරෝනා ආසධිතව ප්‍රතිකාර ලබා රෝහල් වලින් තවත් රෝගීන් 38 ක් පිටව ගිය බව වාර්තා වෙනවා. මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසධිතයින් ගණන 1955 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. තවත් රෝගීන් 112 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post