News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
6

ජනපති සහභාගී වන තවත් ජන හමුවක් අද පුත්තලමේ

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධනය කරන තවත් ජන හමුවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික්කය මුලික කර ගනිමින් අද පැවැත්වෙනවා.


Jul
6

වනසතුන්ට සිදුවන අනතුරු දැනුම් දෙන්න දුරකථන අංකයක්

Generic placeholder image

වනසතුන් උගුල්වලට හසුවීමේ හා වනසතුන්ට සිදුවන වෙනත් හානි සම්බන්ධයෙන් දුරකථන අංක 1992 වෙත දැනුම්දෙන ලෙස හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය භාරකරු ලෙස කටයුතු කරන පී. එමි. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා පවසනවා. ඔහු ප්‍රකාශකලේ වන සතුන්ට සිදුව ඇති පීඩාවක් හෝ කරදරයක් ඉක්මනින් දැනුම් දීම මඟින් ඔවුන්ට ප්‍රතිකාර කිරීම පහසු වන බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඒ […]


Jul
6

බස් රථ මගීන්ට ස්මාර්ට් වාසියක්

Generic placeholder image

බස් රථ මගී ජනතාවට සිය බස්රථය පැමිණෙන වේලාව පහසුවෙන් දැනගැනීමට හැකි නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile Passenger App) හදුන්වා දීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම ජංගම දුරකථන යෙදවුම හෙට එළිදැක්වීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ. මෙම උපකරණය තුලින් බස්රථයේ ආරම්භක ස්ථානය, ගමනාන්තය හා බස්රථයට ගොඩවන ස්ථනයේ සිට ගමනාන්තයට අය කරන මුදල […]


Jul
6

කුසල් මෙන්ඩිස්ට ඇප

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද නියෝග කළා. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ. ඊයේ දිනයේ පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු කුසල් මෙන්ඩිස් සිය රථයේ හප්පා මරණයට පත් කිරීමේ සිද්ධිය අදාලව ඔහු පොලිසියට භාරවීමෙන් පසු අද […]


Jul
6

කොරෝනා ඕස්ට්‍රලියාවේ නගර 02 ක මිනිසුන් හුදකලා කරයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රලියාවේ නගර 02 ක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙලෙස මායිම් වසා දැමීමට තීරණය කර ඇත්තේ ඕස්ට්‍රලියාවේ වික්ටෝරියා සහ නිව් සව්ත් වේල්ස් යන ප්‍රාන්ත දෙකයි. අත්‍යවශ්‍ය සේවා පමණක් නගරයන් තුල ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.


Jul
6

මැතිවරණ නීති උල්ලංඝනයට අදාළ පැමිණිලි දහස ඉක්මවයි

Generic placeholder image

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 1255ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ප්‍රචණ්ඩක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී තිබේ.


Jul
6

කොරෝනා නිසා ටජ්මහල තව දුරටත් වැසෙයි

Generic placeholder image

අද සිට යලි විවෘත කිරීමට නියමිතව තිබූ ඉන්දියාවේ ලෝක ප්‍රකට ටජ්මහල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන තවදුරටත් කල් දැමීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ටජ් මහල පිහිටි අග්‍රා නුවර ඉන්දියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සිටින ප්‍රදේශයක් ලෙස සැළකේ.


Jul
6

මහර බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරීමක්

Generic placeholder image

මහර බන්ධනාගාරයේ කරන ලද හදිසි සෝදිසි කිරීමකදී සිර මැදිරියක තිබි ක්‍රියා විරහිත කරන ලද ජංගම දුරකතනයක් අත් අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය සදහන් කරනවා. මෙම සෝදිසි මෙහෙයුම සදහා නියුතු ජේලර්වරුන් හා නියාමක නිළධාරින් ඇතුළු නිළධාරින් 100 දෙනෙකු යොදවා ගත් බවයි වාර්තා වන්නේ.


Jul
6

කොරෝනා ගැන නවතම අනාවරණය මෙන්න

Generic placeholder image

කොරෝනා වෛරසය වාතයේ කුඩා අංශු වල අන්තර්ගත බව නවතම පරික්ෂනයකින් හෙළිව තිබෙන බව විදෙස් වාර්තා උපුටා දක්වනවා. රටවල් 32 ක විද්‍යාඥයන් 200 කට අධික පිරිසක් මෙම පරීක්ෂණය අධ්‍යනය කර තහවුරු කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව නව නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.


Jul
6

කුසල් මෙන්ඩිස් අද අධිකරණයට

Generic placeholder image

අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද(06) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටින බවය. කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(05) අලුයම ඔහු අත්අඩංගුවට ගැනුණ අතර පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහුගේ ජීප් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් […]


Jul
6

5 11 13 ශ්‍රේණි සදහා අද පාසල් ආරම්භ වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් වසා දැමුණු රජයේ පාසල් 5 11 13 ශ්‍රේණි සදහා අද විවෘත කෙරුනා. ඒ සංශෝධිත කාල සටහන් යටතේ යටතේය. ඒ අනුව 13 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වාත්, 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වාත් පාසල් වල අධ්‍යන කටයුතු සිදු […]


Jul
6

ලොව වැඩිම කොවිඩ් ආසාදිත වාර්තා අතරින් තෙවන තැන ඉන්දියාවට

Generic placeholder image

ලොව පුරා කොරෝනා ආසධිතයින් වැඩිම රටවල් අතර තෙවන තැන ඉන්දියාව හිමිකම් කියනවා. ඒ රුසියාව අභිබවා ගොසින්ය. මේ අනුව ඊයේ දින පමණක් වාර්තා වන කොරෝනා අසාධිතයින් ගණන 24000 කට ආසන්න බවයි වාර්තා වන්නේ. මේ අනුවසමස්ත ආසාධිත ගණන හත් ලක්ෂයකට ආසන්නයි. මෙම වෛරසය හේතුවෙන් ඉන්දියාව තුල මිය ගිය පිරිස 19,700ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post