තවත් කොවිඩ් අසාධිතයෙක් හදුනාගැනීමත් සමග මෙරට හදුනාගත් කොරෝනා ආසධිතයින් ගණන 2070 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ග්‍රහලෝකාගාරය ලබන 07 වනදා සිට යලී විවෘත කිරිමට රජය තීරණය කර තිබෙනවා.රජය සහ සෞඛ්‍ය අංශ න්හි උපදෙස් අනුව මෙලෙස විවෘත කෙරෙන බවයි පැවසෙන්නේ.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ එකොළොස් ලක්ෂයක් ලෙසයි. වාර්තා වී ඇති මරණ ගණන පන්ලක්ෂ විසි අටදහසට අධිකයි. මේ අතර ලොව වැඩිම අසාදිතයින් ගණනක් වාර්තා අතර තවමත් පෙරමුණ ගෙන තිබෙන්නේ ඇමෙරිකාවයි.
දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා, උතුරු, උතුරු-මැද පළාත් වලත්සුළගේ වේගය පැ.කි.මී. 40 ඉක්මවා යා හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ලෙස […]
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.ආර්.එම්. සෙනරත් මහතා මහනුවර කොට්ඨාසය වෙත ස්ථාන මාරු කර තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව සේවා අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම සිදු කර ඇති බවයි. එසේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.පී.බී. සමරපාල මහතා ද මහනුවර කොට්ඨාසයේ […]
ඇසළ පුර පසළොස්වක පොහොය අදයි. භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන මෙම පොහෝ දිනය සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් හේතුවෙන් ලෝ වැසි බෞද්ධ ජනතාවට වැදගත්වේ. සකල ලෝ වැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදීය. වෙස්සන්තර ආත්මභාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහාමායා දේවියගේ […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම ට ඔවුන් එසේ ගොස් තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගිය […]
ප්‍රංශ අගමැති edourd philippe සිය ධුරයෙන් ඉල්ලා තිබෙනවා. ඒ ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රෝන් සමග පැවැති හමුවකින් අනතුරුවයි. වසර 03 ක කාලයක් ජනපති සමග රජය මෙහෙයවීමට edourd philippe කටයුතු කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (3) ආරම්භ කෙරුණි. එහි පළමු වැඩසටහන පැවැත්වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි. මෙම වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගවඳින අනුරාධපුර දිස්ත්‍රික්යේ සියලු අපේක්ෂකයින් මුණගැසීමට සැලසුම් කර තිබේ. ඒ අනුව […]
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවා දුන් බවට කෙරුණු ප්‍රකාශයට අදාළ පරීක්ෂණ නතර කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය පිළිබඳ මෙතෙක් සිදු කළ පරීක්ෂණයේ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන බවයි. අදාළ චෝදනාව කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කළ කරුණු තහවුරු කළ නොහැකි […]
තායිවානයේ තායිපේ අගනුවර ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය රිච්ටර් මාපකයේ සටහන් වන්නේ ඒකක 5.4 ක් ලෙසයි. භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා උපුටා දක්වනවා.
කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 154 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ, ඊයේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමගයි. මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2066 කි. ඊයේ නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනිණ. ඒ අනුව කොරෝනා ආසාදිතයින් 228 දෙනෙකු, මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. සුවය ලැබූ කොරෝනා […]