News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
6

සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 885ක් දක්වා ඉහලට

Generic placeholder image

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබා සුව වී රෝහල් වලින් පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් ගණන 885 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව නාවික හමුදාව සදහන් කරනවා.


Jul
6

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද පළාත් වලත් සුළඟේ වේගය විටින් පැ.කි.මී. 40 ක් දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරනවා.


Jul
5

ටජ්මහල යළි නරඹන්නන්ට විවෘත වන ලකුණු

Generic placeholder image

කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලික වසා දැමුණු ලෝක ප්‍රකට ඉන්දියවේ ටජ්මහල යළි විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව ටජ්මහල නරඹන්නන් 5000 කට පැමිණිය හැකි ලෙස සිමා කර තිබෙන අතර රජය සහ සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් අනුව ක්‍රියා කල යුතු බව වැඩි දුරටත් සදහන් වන්නේ.


Jul
5

ජනපති පොළොන්නරුවට එයි

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන පොළොන්නරුව දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වී තිබුණ අතර මෙම ජන රැලිය සංවිධනය කර තිබුනේ පොදු ජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක රොෂාන් රණසිංහ මහතා විසින්ය.


Jul
5

එම්. කේ. සිවාජිලිංගම් අත්අඩංගුවට

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වැල්වැටිතුරේ ප්‍රදේශයේදීය.


Jul
5

සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 883ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ් අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 883කි.


Jul
5

දෙවන පාසල් වාරය හෙට ඇරඹේ

Generic placeholder image

දෙවන පාසල් වාරය හෙට ආරම්භ වනවා. ඒ අනුව 5, 11, සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පමණක් ඇරඹෙනු ඇති. හෙට දින සියලු ගුරුවරුන් පාසලට පැමිණීම අනිවාර්ය වන අතර විෂය නිර්දේශයට ප්‍රමුඛතාවයදී කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය. 5 ශ්‍රේණි සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා පාසල් පැවැත්වෙන්නේ උදෑසන 7.30 සිට 1.30 දක්වා පමණි. […]


Jul
5

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2074 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2074 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තව ත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය. එම ආසාදිතයින් පස්දෙනාම නිරෝධායනය මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඔවුන් අතර අමෙරිකා, මැඩගස්කර්, බංග්ලාදේශ යන රටවලින් එක් පුද්ගලයකු බැගින් සිටින අතර කටාර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ඒ අතර සිටි. […]


Jul
5

කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

අනතුරක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. අද (05) උදෑසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයක පුද්ගලයෙකු ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.


Jul
5

අද කාලගුණය

Generic placeholder image

අද බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය […]


Jul
4

මෙරට හදුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 2070 දක්වා ඉහලට

Generic placeholder image

තවත් කොවිඩ් අසාධිතයෙක් හදුනාගැනීමත් සමග මෙරට හදුනාගත් කොරෝනා ආසධිතයින් ගණන 2070 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jul
4

ග්‍රහලෝකාගාරය ලබන 07 වන දා සිට විවෘත කිරිමට අවසර

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ග්‍රහලෝකාගාරය ලබන 07 වනදා සිට යලී විවෘත කිරිමට රජය තීරණය කර තිබෙනවා.රජය සහ සෞඛ්‍ය අංශ න්හි උපදෙස් අනුව මෙලෙස විවෘත කෙරෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post